ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.Sri Lanka Latest News
කෙසේවෙතත් මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බෙදීමක් ඉල්ලමින් නම් විමසමින් ඡන්දය ප්‍රකාශ කළ යුතු බව ඉල්ලා සිටියේය.
නමුත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙහිදී යෝජනාවට ආණ්ඩු පක්ෂය එකග බව ප්‍රකාශ කිරීමත් සමග සභාව උණුසුම් විය.
මෙහිදී විපක්ෂය දිගින් දිගටම බෙදීමක් ඉල්ලා සිටි අතර ඡන්ද විමසුමක් අවශ්‍ය බව අවධාරණය කර සිටියේය.
එහිදී කතානායකවරයාද ඡන්දයකින් තොරව යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කියමින් සභාව අවසන් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.










