• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාන්ඔය නිම්නයේ ආදරවන්තයා! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේජවන්තයා! දැනට ලංකාවේ ඉන්න සුපිරිම ඇතා! ගජබාහු! Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
යාන්ඔය නිම්නයේ ආදරවන්තයා! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේජවන්තයා! දැනට ලංකාවේ ඉන්න සුපිරිම ඇතා! ගජබාහු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ වනාන්තර තුළ මහේෂාක්‍ය ඇතුන් ඉතිරිව සිටින්නේ 25කටත් අඩු සංඛ්‍යාවකි. පසුගිය මාස කිහිපය තුළදී එවන් දළ ඇතුන් කිහිප දෙනකුම ඝාතනය වීම දැකගන්නට ලැබිණි. එසේම පසුගිය සති දෙක තුළ පමණක් අලි ඇතුන් 10 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතනයට ලක්විය. එවන් පසුබිමක, මෙරට තවමත් ඉතිරිව සිටින මහේෂාක්‍ය හස්තීන් අතර, ‘යාන්ඔය නිම්නයේ ආදරවන්තයා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ‘ගජබාහු’ හස්තියා ගැන අද අපි කැලෑ කොලමෙන් සාකච්ඡා කරමු. Sri Lanka Latest News

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඇතෙකුට තිබිය යුතු සියලු දේහ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ මෙම තේජවන්ත හස්තියා යාන්ඔය සහ ඒ අවට ප්‍රදේශය සිය වාසභූමිය කොටගෙන ජීවත් වෙයි. වන අලින් දිනෙන් දින ඝාතනය වන කාලයක, මේ තේජවන්ත ‘ගජබාහු’ ඇතුළු සෙසු අලි ඇතුන් ආරක්ෂා කරගනිමින් ඔවුන් වෙනුවෙන්ම කැපවුණු තරුණ පිරිසක් මේ ප්‍රදේශයේ බිහිවී සිටීම, වන සතුන්ට ආදරය කරන හැමට ඉතා සුබ ආරංචියක් වනු නොඅනුමානය. කිසිදු ආර්ථික ලාභයක් අපේක්ෂා නොකර, සිය ජීවිත අවදානමද නොතකමින්, දිවා රෑ නොබලා සද්දන්තයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කැපවුණු මේ තරුණ පිරිසේ සාමාජිකයකු වන පියංජන ඩිල්මිත් අද අප කැලෑ කොලමට සම්බන්ධ කරගත්තා. මෙතැන් සිට දිගහැරෙන්නේ වනජීවී ඡායාරූප ශිල්පී ප්‍රියංජන ඩිල්මිත් ‘ගජබාහු’ ඇතා පිළිබඳ ‘කැලෑ කොලම’ට කියූ ඔහුගේ අත්දැකීම් කිහිපයකි.

‘ගජබාහුව මුලින්ම අපිට හමුවුණේ 2022 නොවැම්බර් 05 වැනිදා තමයි. ඒ, මගේ මිතුරෙක් වන සහන් ලක්සිරි හරහා. ඔහුට ඔහුගේ තවත් යාළුවෙක්ගෙන් දුරකතන ඇමතුමක් එනවා, හොරොව්පොතාන කිට්ටුව විශාල දළ දෙකක් තියෙන ඇතෙක් ඉන්නවා කියලා. ඉතින් මටත් සහන්ගෙන් ඒ තොරතුර ආරංචි වුණා. නමුත් අපිට දවස් කීපයක් යනතුරු ඒ ඇතාව බලන්න යන්න බැරිවුණා. ඊට පස්සේ පෝය දවසක මම ගියා හොරොව්පොතාන පැත්තේ හේන් යායකට, ඒ ඇතා ඉන්නවා කියපු ප්‍රදේශයට. එතකොට අලි රංචුවක් ඒ හරියේ ගැවසුණා. ඒ අතර හිටියා ‘ඒකදන්ත’ කියන තනි දළයක් තියෙන ඇතා. නමුත් අපි බලන්න ගිය ඇතා ඒ රංචුවේ හිටියේ නෑ. ඒ නිසා අපි එයාව හොයන්න යන්න තීරණය කළා. එතැන තියෙනවා ඔයක්. ඒ ඔයෙන් එගොඩ වෙලා අපි කැලෑව කිට්ටුවට ගියා. එතකොටම කැලෑව ඇතුළෙන් ලස්සන දළ දෙකක් තියෙන විශාල ඇතෙක් එළියට ආවා. කුෂාන් කියන මගේ යාළුවා මට කිව්වා මේ ‘අග්බෝ’ ඇතා, ඔයා උගේ පින්තූර අරගෙන නෑනේ ඉක්මනට ගන්න කියලා. එතකොටම ඇතා ආයෙත් කැලෑව ඇතුළට ගියා. ඒත් එක්කම කැලෑවෙන් ගහක් කඩාගෙන වැටෙනවා වගේ සද්දයක් ආවා. බලපුවාම ඇතා තව අලියෙක් පස්සෙන් පන්නනවා. අග්බෝ තව අලියෙකුට පන්න පන්නා ගහනවා. අපි ඒ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට අග්බෝ අලි රංචුවත් එක්ක කැලෑව ඇතුළටම ගියා. අපි පහුවදාත් එතැනටම ආවා අග්බෝව බලන්න. නමුත් ඌ හිටපු ලකුණක්වත් හොයාගන්න තිබුණේ නෑ. දවස් කීපයක්ම ගියත් ආරංචියක් තිබුණේ නෑ.

ඔය අතරේ තවත් දවසක මට යාළුවෙක් කතා කරලා කිව්වා වාහල්කඩ වැවේ ඇතෙක් ඉන්නවා, බලන්න එන්න කියලා. යාළුවා කියපු තොරතුරු සහ ඇතාගේ ලක්ෂණ අනුව මම හිතුවා මේ කියන්නේ අනිවාර්යයෙන් ‘ගජබාහු’ ගැන තමයි කියලා. ඒ අතර මට යාන්ඔයේ මාළු අල්ලන කෙනෙක්ගෙන් තොරතුරක් ආවා යාන්ඔයේ ලොකු ඇතෙක් බැහැලා ඉන්නවා බලන්න එන්න කියලා. ඊට පස්සේ මම සහන්ව යවලා විපරම් කරලා බැලුවා. ඒ අනුව මමත් ගියා ඒ තැනට. යද්දී ඒ ඉන්නේ ‘ගජබාහු’ ඇතා. අපි ඕනේ තරම් අලි ඇත්තු දැකලා තිබුණට ‘අග්බෝ’ගෙ වත් නැති තරම් තේජවන්ත ජවසම්පන්න බවක් ‘ගජබාහු’ගෙ තියෙනවා. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සුපිරි තේජවන්ත ඇතෙක්. රංචුව මැද ඉන්නකොට හරිම ප්‍රතාපවත් මේ ‘ගජබාහු’ කියන්නේ.

අපි ගමේ මිනිස්සු එක්ක කතා කරලා ඇහුවා මේ ඇතා ගැන. එතකොට ඒ අය කිව්වා යාන්ඔය හදන කාලේ ඒ ප්‍රදේශයේ ඉඳලා පස්සේ යාන්ඔයට වතුර පිරුණට පස්සේ අවට ගම්මානවලට ආපු ගියපු ඇතා තමයි මේ කියලා. ඒ ඇතාව අවුරුදු ගානක ඉඳන් දන්න මිනිස්සු අපිට මුණගැහුණා. ඔවුන් කියනවා ඒ ප්‍රදේශයේම අණසක පතුරුවාගෙන ඉන්නේ මේ ‘ගජබාහු’ කියලා. ඒ හැම දේකටම වඩා සතුටට කාරණාව තමයි එකම එක මූනිස්සම් පාරක්වත් සතාගේ ඇඟේ දකින්න නැති වීම. ශරීර සෞඛ්‍යය ඉතා යහපත්. ගමේ මිනිස්සු මේ සතාට පුදුම විදියට ආදරෙයි. ඌව හරියට පරිස්සම් කරනවා. එක වතාවක් අපි ඇතාව බලන්න යද්දී අපිව හඳුනන්නේ නැති ගමේ පිරිසකගෙන් අපිට දෝෂාරෝපණ එල්ල වුණා. එයාලා හිතුවේ අපි ඇතාට අනතුරක් කරන්න යනවා කියලා. ඊට පස්සේ අපි අපේ අනන්‍යතාව පැහැදිලි කරලා, ඇතාගේ පින්තූර ගන්න යන බව කිව්වාම තමයි අපිට ඒ අය යන්න දුන්නේ. ඒ තරමට ගමේ මිනිස්සු මේ ඇතාට ආදරෙයි.

යාන්ඔය පාරක් හදන්න පටන්ගත්තු කාලේ ‘ගජබාහු’ ඒ ප්‍රදේශයෙන් කැබිතිගොල්ලෑව මානකන්ද කියන ප්‍රදේශයට ආවා. ඒකට හේතුව ඩෝසර් සද්දත් නිසා ඌට එතැන ඉන්න බැරිවීම. ‘ගජබාහු’ කොහෙට ගියත් ඌත් එක්කම යන තවත් විශාල අලියෙක් ඉන්නවා. අපි ඌට නම දාලා තියෙන්නේ ‘බාවා’ කියලා. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලම එකට හිටපු දෙන්නෙක් කියලා හිතන්න පුළුවන්. ඒ තරම් එකමුතුයි.

ලංකාවේ දළ ඇත්තු හරි අඩුයි. කාවන්තිස්ස ඉන්නවා. සුමේධගෙත් දළයක් පහුගියදා කැඩුණා. ඉතින් මේ වගේ පිරිපුන් දළ ඇතෙකුට ඉන්නේ ‘ගජබාහු’ විතරයි. ඉතින් මේ අපේ රටේ සම්පත්. මේ ඇතාව ආරක්ෂා කරගන්න ඕනේ. ගමේ මිනිස්සු ඌව රකිනවා. ඒත් රටේ ජනතාව මේ සතා ගැන දැනුවත් කරලා, වනජීවී එක පැත්තෙනුත් තව ආරක්ෂාව යොදලා රැකගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද මේ ඇත්තුන්ව දකින අවසාන පරම්පරාව අපි. හක්කපටස්, අනවසර ගිනි අවි, බඳින කඳන් වගේ විනාශකාරී දේවල් එක්ක ඒක 1000%ක් විශ්වාසයි. යාන්ඔය, පදවිය, මින්නේරිය වගේ වනාන්තර ප්‍රදේශ බොහොමයක් දැන් විනාශ වෙලා ඉවරයි.

යාන්ඔය – වාහල්කඩ හරියේ පොඩි කැලෑ ප්‍රදේශයක් තියෙන්නේ. ‘ගජබාහු’ සහ අනෙක් අලි රංචුව මේ කැලෑවට තමයි කොටුවෙලා ඉන්නේ. ඉතින් ඒක මේ සත්තුන්ගේ ජීවිතවලට අනතුරුදායක තත්ත්වයක්. මිනිස්සු අනවසරයෙන් හේන් වගාකරනවා, කැලෑ කපනවා. හේන් පරිස්සම් කරගන්න ඕනේ හින්දා කරන්ට් එක අදිනවා. ඒ ප්‍රශ්න එක්ක මේ අලි ඇත්තුන්ගේ ජීවිත අවදානමක තියෙන්නේ. ඒ හින්දා වනජීවී එක මැදිහත් වෙලා අනවසර විදුලි රැහැන් අදින එක නැවැත්තුවා නම් මේ අවදානමෙන් සත්තු මුදාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ ලිපිය කියවන කවුරු හරි බලධාරියෙක්, අපේ රටට විදේශ විනිමය ගෙන එන මේ වටිනා සම්පත රැකගන්න කඩිනම් පියවර ගන්න කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒක මහා ජාතික මෙහෙවරක් වගේම මහා පින්කමක්.

ලංකාවේ අලි ඇත්තුන්ට ඉන්න සුදුසු පරිසරය දැන් අහිමි වෙමින් යන්නේ. ඒ නිසා ඒ සම්පත තවත් කාලයක් ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්.’

ඡායාරූප සහ තොරතුරු ප්‍රියංජන ඩිල්මිත් (කැබිතිගොල්ලෑව)

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක් කැරැල්ලේ හිටපු අජිත් පැරකුම් ලියයි! Sri Lanka Latest News

Next Post

ජවිපෙ දේශපාලන බල්ටිවල ඉතිහාසය සජිත් කළුතරදී අනුරට මතක් කර දෙයි! මතකද කැබිනට් ඇමැතිකම් දරපු අය පක්ෂය හැර ගියා! මතකද විමල් වීරවංශ මහින්ද ගාවට ගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින් පවත්වන විශේෂ සාකච්ඡාව මේ වනවිට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.