• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක් කැරැල්ලේ හිටපු අජිත් පැරකුම් ලියයි! Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක් කැරැල්ලේ හිටපු අජිත් පැරකුම් ලියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මම 89 කැරැල්ලට සහභාගි වූ කෙනෙක්. අපි අහිංසක සාන්ත දාන්ත තීන්ත කූඩු නෙවෙයි. බලය ගන්න තමයි කැරැලි ගැහුවෙ. ඒක ආන්තික ප්‍රචණ්ඩ කැරැල්ලක්. කැරැලි ගහනවා නම් දිනන්න ඕනෑ. පැරදිලා අද මෙහෙම කතාකරන්න ඉන්න එකත් ඇති. Sri Lanka Latest News

අපට තිබුණෙ සමාජවාදී ෆැන්ටසියක්. එතකොට ඔය ෆැන්ටසිය කියන වචනෙ අපි දන්නෙවත් නැහැ. ඒක ගැන හිතපු බොළඳ විදිය කොච්චරද කියනවා නම්, කැරැල්ලෙන් පස්සෙ රැඳවුම් කඳවුරුවල සමාජවාදී පාලනයක් හදන්නට ඇතැම් අය උත්සාහ කළා. මං නම් ඒ වෙලාවෙම මිනිසුන්ගෙ නිදහස් ජීවිත අයිතිය පිළිගත්ත නිසා වීරවිල එහෙම විකාර සිදුවුණේ නැහැ. අපි පොදු වැඩ කළා. කවුරුත් එකට සමගියෙන් හිටියා. මං ඉංග්‍රීසි ඉගැන්නුවා. පස්සෙ කාලෙක රජයේ ඉංග්‍රීසි ගුරු විභාගෙ පාස්වෙන්නට පුළුවන් වුණෙත් එහෙම.

ඒ කාලෙත් අපි කතාකරපු දෙයක් තමයි, අපි බලය ගත්තා නම් මොන පිස්සුවක් නටයිද කියන එක. සමහර විට ලේ ගංගාවකින් ලංකාව හෝදන්නට ඉඩ තිබුණා. දැන් ජවිපෙ බලයෙ ඉන්නවා. එදාට වඩා නායකත්වයේ ඇතැමෙක් ගොඩක් පරිණතයි. මනස නොවැඩුණ අයත් ඉන්නවා.
කොහොම වුණත්, දැන් ජවිපෙ තමයි ආණ්ඩුව. හෙට මේ ආණ්ඩුව සහිත රාජ්‍යයට එරෙහිව කවුරු හරි කැරැල්ලක් ගැහුවොත්, ජවිපෙට වුණත් ඒ කැරැල්ලට මුහුණ දෙන්නට වෙන්නෙ කැරැල්ලේ තරම අනුව තමයි. මං හිතන්නෙ නැහැ ගෝඨාභය කළ විදියට ජවිපෙ කරයි කියලා.

මං එළියකන්ද වධකාගාරෙ අවුරුද්දකට වැඩි කාලයක් හිටියා. මං තාම ඒ පීඩනයෙන් පූර්ණ වශයෙන් මිදිලා නැහැ. ආපහු සමාජයට ආවාම මං මුහුණ දුන්නෙ ඊටත් වඩා ප්‍රශ්න සමුදායකට. අපේ අම්මගෙ මල්ලි ග්‍රාමසේවක කෙනෙකු වුණු නිසා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඇදගෙන ගිහින් ඉද්දගොඩ හන්දියෙ වෙඩිතියලා ගිහින් තිබුණා. ඉස්පිරිතාලෙට ගෙනියන්න කෙනෙකු ඉදිරිපත් නොවී කියව කියව පැය ගානක් පණ ඇදලා මැරිල තියෙන්නෙ. ඒ මාමව මට අදත් මැවිල පෙනෙන්නෙ එක රූපයක් විදියට.
1986 මුල බුලත්සිංහල අතුර පොළේ තහනම් ජවිපෙ පත්‍රිකා බෙදද්දි සරත් රණවකගෙ හරි රොනී ද මැල්ගෙ හරි හිතවතුන් පිරිසක් මාව අල්ලලා පොලිසියට භාර දුන්නා. මං ගුටි කාලා දවස් ගානක් පොලිස් කූඩුවෙ හිටියා. ගෙදර අය දන්නෙත් නැහැ. මගෙත් එක්ක පත්‍රිකා බෙදන්න ගිය අනෙක් එකා (ඌ දැන් මේක කියවනවා) මං අහුවුණ බව දැනගෙන පවා ගෙදරට දන්වලා තිබුණෙ නැහැ. ඒ දවස්වල ඌත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක්. කොහොමත්, අහුවුණාට පස්සෙ පක්ෂෙ ඒ අය ගැන බලන්නෙ නැහැ. මට ඒක හතර වතාවක් වුණා. බැලුවෙ ගෙදරින්. දවස් කීපයකට පස්සෙ එක දවසක් හවස මං කූඩුවෙ දොර දිහා හැරිලා බලනකොට අර මාමා ලොකප් එකේ ඉස්සරහ හිටගෙන හිටියා. එයා හිටියෙ බීලා. හොඳට බොන කෙනෙක්. යාළුවෝ හිටියා. ඒ අය හරහා තමයි දැනගෙන ඇවිත් තිබුණෙ. යූ.ඇන්.පී.කාරයා. පොඩි දේටත් අඬනවා. එදා පොලිස් කූඩුව ඉස්සරහ ඉඳගෙන ඉකි ගහ ගහ ඇඬුවා. කියපු දේවල් මට මතක නැහැ.

ඊට පස්සෙ කාලෙක මං ගමේ ගිය වෙලාවක එයාට ඉල්ලා අස්වෙන්න කියලා තියෙන බව දැනගෙන මං එයාගෙ බය නැති කරන්න හම්බ වෙන්න ගියා. එදාත් බීලා අඬ අඬා කිව්වා ග්‍රාමසේවක රස්සාවෙන් අස්වෙලා මං කොහොමද ජීවත් වෙන්නෙ කියලා. මං කිව්වා, පක්ෂෙන් ඔයා වගේ අය මරන්නෙ නැහැ, බය නැතුව ඉන්න කියලා. මං පක්ෂෙ කළුතර දිස්ත්‍රික්කෙ අයට කියන්නම් කියලා මං කිව්වා. මං එතකොට වෙන දිස්ත්‍රික්කෙක වැඩ. එහෙම කිව්වද නැද්ද මට මතක නැහැ. කිව්වාය කියල වැඩක් නැහැ. ඒ වකවානුවෙ පක්ෂෙ ඇතුළෙ එහෙමට ලොකු පාලනයක් තිබුණෙ නැහැ.

මාමගෙ මළසිරුර දණෙන් ඉහළට ඔසවන්නට එපා කියලා නියෝග කරලා තිබුණා කියල මං අහල තියෙනවා. මං අදත් කාගෙන්වත් ඒ ගැන විස්තර අහන්නෙ නැහැ. මට එහෙම අහන්න ගට නැහැ.

අනෙක් කාරණේ මගේ අක්ක බැඳපු මස්සිනාගෙ මල්ලිලා දෙන්නා ජේ.වී.පී. කරලා උස්සලා ඝාතනය කරලා තිබුණා. බාල ළමයා උසස් පෙළ පන්තියෙ හිටියෙ. මං ඒ අය එක්ක පක්ෂ මට්ටමේ කිසිම සම්බන්ධකමක් තිබුණෙ නැහැ. ඒ වුණාට ඒ පවුලෙ ඇතැම් අය අදත් මා එක්ක තරහයි. අපේ මස්සිනා දැනුත් අක්කත් එක්ක රණ්ඩු වෙනකොට මට කියන්නෙ මිනීමරුවා කියල. එයාගෙ මල්ලිලා මැරුණෙ මං නිසා වගේ. මං හිටපු පක්ෂෙ නිසා වෙන්න ඇති.

1989න් පස්සෙ මට කරන්නට පුළුවන් හොඳම දේ මං කළා. ඒ තමයි නැවත කවදාවත් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ නොවීම. මං හිරු කණ්ඩායමේ වැඩ කළා. අවදානම් ගත්තා. ඒ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හොයන්න. ජවිපෙ කොච්චර ප්‍රබල වුණත් මං නැවත එකතු වුණේ නැහැ. ජවිපෙ ගැන මං හිතන්නෙ මෙහෙමයි. තිබුණට මට කමක් නැහැ. මං ඒක එක්ක සම්බන්ධ වෙන්නෙ නැහැ. ටික කාලයක් ලංකා පත්තරේට ලිව්වා. ඒක කළේ ස්වාධීනව දැන් ඉන්න ස්ථාවරයේම ඉඳන්.
මං කලින් සඳහන් කරපු මාමව මරනකොට හිටපු පුංචි ළමයි දැන් ඉගෙනගෙන ලොකු තනතුරු දරන අය. ඒ නංගි මේ ළඟදී දවසක් අපේ තාත්තව බලලා යන්න ආපු වෙලාවෙත් මට හමුවුණා.

මේ සඳහන් කළ බොහෝ දෙනෙක්, මං ජවිපෙ දේශපාලනය කරපු නිසා පරිප්පු කාපු අම්මා, තාත්තා පවා, පස්සෙ කාලෙක ජවිපෙට ඡන්දෙ දුන්නා. මං නම් ඡන්දෙවත් දෙන්නෙ නැහැ.

බටලන්ද කියන්නෙ 1987-90 කැරැල්ලෙ එක කළු පැල්ලමක් විතරයි. තව එවැනි කළු පැල්ලම් ගොඩක් තියෙනවා. සංක්‍රාන්ති යුක්තික ක්‍රියාවලියක් හරියට සිදු නොවුණත්, ඒ තුවාල සනීප වෙමින් තිබුණෙ. ජවිපෙ දේශපාලන වාසි ගන්න, කාදිනල්, අල් ජසීරා, කොටි ඩයස්පෝරා වුවමනාවක් වෙනුවෙන් බටලන්ද වාර්තාවක් ඇදගෙන දෙබරෙකට ගල් ගැහුවා.

ජවිපෙ දැනගන්නට ඕනෑ මං අර කියපු මාමගෙ දුව පවා මේ වතාවෙ ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්න ඇති බව.
ඒ කැරැල්ලෙ දෙපැත්තම නරකයි. මං කැරැලිකරුවකු නිසා එතන තිබුණ නරක හොඳට දන්නවා. සමහර විට ජනාධිපතිතුමාට එහෙම ඒ ගැන එතරම් අවබෝධයක් නැතුව ඇති. ටිල්වින් සිල්වා සහෝදරයාත් 1987 සිට 94ත් පහුවෙනකල් හිටියෙ ඇතුළෙ. හොඳ හරිය දැක්කෙ අපි. කැරැල්ලට සම්බන්ධ නොවී පැත්තක ඉඳපු, එහෙම නැතිනම්, ඒ කාලෙ කැරැල්ලට විරුද්ධ අතුරු හමුදා කල්ලි සමග සම්බන්ධකම් පවත්වපු පිරිසක් පස්සෙ කාලෙක කැරැල්ල රස කතා බවට පත්කරලා විකුණන්නට පටන් ගත්තා. මාත් පොතක් ලිව්වා. ඒක ජනප්‍රිය වුණේ නැහැ. ජනප්‍රිය වෙන්න නම්, හමුදාවට, රජයට එරෙහි වෛරය පදනම් කරගන්නට ඕනෑ. මධ්‍යස්ථ වෙලා බැහැ.
ලංකාව මුහුණ දෙමින් සිටින අර්බුදය හමුවේ ආණ්ඩුව උත්සාහ කරන්නට ඕනෑ සියලු බලවේග එකතු කරගන්න. නැති ප්‍රශ්න නිර්මාණය කරමින් තව තවත් බෙදා වෙන්කර බැහැර කරන්නට නෙමෙයි.

මේ ආණ්ඩුවට කරන්නට වැඩක් තියෙනවා. ඒක වෙනුවට ආණ්ඩුව කරන්නෙ වෙන දේවල්. මේ මංමුළාභාවයෙන් ඔවුන් මිදිය යුතුයි. පෙරටුගාමී එකට හා කලින් මං සඳහන් කළ අශුද්ධ සන්ධානයට ඕනෑ විදියට නටන්නට යන්න එපා. අපි විපක්ෂයට සහාය දෙන්නෙ අපව බැහැර කර හමාර නිසයි. අපි ඒක හරියට කරනවා. ඒකෙන් අවුල් වෙනවා නම්, සහාය අවශ්‍ය නම්, නිහතමානීව කියන්න. කළ යුතු දුෂ්කර දේ කරන්නට අපට සහාය දෙන්නට පුළුවන්.’

අජිත් පැරකුම් ජයසිංහ

SendShareShare
Previous Post

මුළු රටම බලන් ඉන්න සෙනසුරු මාරුව 29 වෙනවා! මෙන්න පෙරවදනක්! Sri Lanka Latest News

Next Post

යාන්ඔය නිම්නයේ ආදරවන්තයා! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේජවන්තයා! දැනට ලංකාවේ ඉන්න සුපිරිම ඇතා! ගජබාහු! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.