මේ වනවිට රෝහල් මෘතශරීරාගාරද ධාරිතාව ඉක්මවා යමින් තිබීම හේතුවෙන් සිරුරු තාවකාලිකව රැස් කර තබා ගැනීම සදහා ශීතාගාර සහිත තාවකාලික කන්ටේනර් පෙට්ටි භාවිත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල ඇති පොලිස් මෝචරියේ ධාරිතාව ඉක්මවා යමින් තිබීම හේතුවෙන් මේ ආකාරයට කන්ටේනර භාවිත කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රධාන රෝහල් කිහිපයකම මෙසේ මෘතශරීරාගාර පිරී ඉතිරී ගොස් ඇති බවද දැනගන්නට තිබේ.










