දැනට පවත්නා කිරි තේ එකක මිල රුපියල් දහයකින් (10) ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. Sri Lanka Latest New
තම සංගමය මෙම තීන්දුව ගනු ලැබුවේ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය නිසා බව එම සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ මහතා කියයි.
මේ වනවිට කිරිපිටි ආනයනකරුවන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව පෙන්වා දෙන එම සභාපතිවරයා ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 100කින්ද, කිලෝ එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250කින්ද වශයෙන් මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය මත කිරිතේ එකක මිලද රුපියල් දහයකින් (10) ඉහළ දැමීමට සිදුවී ඇති බවද අවධාරණය කරයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










