රට තුළ පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Sri Lanka Latest New
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතු කොටගෙන ජල මූලාශ්‍රවල ජල මට්ටම්ද පහත බසිමින් පවතින බවද, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජනතාවද දැඩිව ජල පරිභෝජනයට පෙළඹී සිටින බවද පෙන්වා දෙන ජලාපවහන මණ්ඩලය මෙම හේතු කාරණා මත ජලය හිඟවීමේ අවදානමක් මතුව ඇතැයිද පෙන්වා දෙයි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කටයුතුවලට ජලය යෙදීමෙන් වැළකී සිටිය යුතු බවයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










