සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට ඊයේ වාර්තා කළ ඇතැම් මාධ්‍ය අද දින වාර්තා කොට ඇත්තේ එලෙස කොල කැබැල්ලක් දමා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, හෙතෙම මන්ද මානසික පුද්ගලයකු බවත්ය.
සීනිව්ස් වෙබ් අඩවිය අද පළ කෙට ඇති පුවත මෙසේය.
සමගි ජන බලවේගයේ විසින් ඊයේ කොළඹ පැවැත් වූ රැලියට බෝම්බ ගසනු ඇතැයි පැවසූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ අදාළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
විපක්‍ෂ විරෝධතාවට බෝම්බ ගසන බවට කොළ කැබැල්ලක සටහනක් කර විපක්ෂනායක කාර්යාලය ඉදිරියේ දමා ගොස් තිබූ බවත් අත්්අඩංගුවට ගන්නා ලද එය දමා ගොස් තිබූ පුද්ගලයා මන්ද මානසික අයෙක් බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.










