• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF කොන්දේසිවලට යටවෙලා මාලිමා ආණ්ඩුව පොහොර සහනාධාරය කපන්නයි යන්නේ! ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! ගොවියටයි රටටයි ඡන්දෙන් පස්සේ දෙයියන්ගේම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
IMF කොන්දේසිවලට යටවෙලා මාලිමා ආණ්ඩුව පොහොර සහනාධාරය කපන්නයි යන්නේ! ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! ගොවියටයි රටටයි ඡන්දෙන් පස්සේ දෙයියන්ගේම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් අවසන්ව 3 වැනි මැතිවරණයටත් පිට පිටම මුහුණ දෙන බවත් පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය මාලිමාව ජයග්‍රහණය කළේ බොරු කියා බවත් දැන් පරණ බොරුත් අලුත් බොරුත් එකතු කර ගමේ බලයයි නගරයේ බලයයි ගන්නත් මාලිමාව උත්සාහ කරමින් සිටින බවත් රටේ ජනතාව ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ඉදිරිපත් කළ පොරොන්දු ගැන හොදට හිතේ තබාගෙන මෙවර බුද්ධිමත්ව කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සුබ නැකතින් රට අනුරට දීලා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කිව්වත් ඇත්තටම එවැනි දෙයක් සිදු වෙලාද කියා සොයා බැලිය යුතු බවත් සුබවාදී දේ අත්පත් වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාලකයන්ට පමණක් බවත් ජනතාවට වුණ පොරොන්දු කිසිවක් ඉටු කිරීමට මේ රජය කටයුතු කර නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණ පසු සහල් කිරිපිටි හා පොල් ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වත් බඩු මිල වේගයෙන් වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලු‍‍‍‍‍‍ණු ටිකවත් දී ගන්න බැරි ආණ්ඩුවක් අද බිහිව ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරන බව පැවසුවත් බලයට පැමිණි පසු විදුලි බල මණ්ඩලය ලාභ ලබන මොහොතක එම ප්‍රතිලාභය ජනතාවට නොදී මාස 6කට විදුලි බිල අඩු නොකරන බවට ජනතාවට පැවසු විට ජනතාව එයට එරෙහිව නැගි සිට මහජන උපයෝගීතා කොමිසමට යාම නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කිරීමට ඇති බවත් එය අඩු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වරායෙන් බාන කොට තෙල් සදහා එක මිලක් පාරිභෝගිකයාට තවත් මිලක් එයට හේතුව කොමිස් දුෂණ වංචා හොරකම නිසා බවත් තෙල් මත ලොකු බදු බරක් ඇති බවත් එය ඉවත් කර තෙල් මිල අඩු කරනවා කිව්වත් තවමත් අඩු නොකළ බවත් බඩු මිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරන බව පැවසුවත් එය ද නොවූ බවත් රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවවත් මේ රජයට සපුරා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් ලක්ෂ 220ම රවටලා ඉවරයි

මේ වන විට ලක්ෂ 220ක් ජනතාව රවටා බලයට පැමිණි බවත් එසේ රවටා දැන් අලුත්ම ජාත්‍යන්තර බොරු 2කුත් රජය කියමින් යන බවත් බොරු පිට බොරු කියූ මේ රජය අලු‍‍‍ත්ම බොරුව ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි රජයේ ඇමතිවරයෙකු කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම ලබා දුන් බවත් එසේ කියා වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොහොර සහනාධාරය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා

මේ මොහොත වන විට වගා කරන්න ආධාර කියා නව වැඩපිළිවෙළක් ආරම්භ කර පොහොර සහනාධාරය අහිමි කරන්න රජය සූදානම් බවත් රජය අයි එම් එෆ් එකට යට වී අයි එම් එෆ් කිය කියන කියන පදයට නටන ආණ්ඩුවක් ඇති බවත් එම නිසා පොහොර සහනාධාරය පවා කප්පාදු කරන්න කටයුතු කරන අවස්ථාවේ එය රැකගන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පාතාලය රටේ හැමතැනම පැතිරිලා. රජයට නිසි වැඩපිළිවෙළක් නෑ

අද වන විට අප රටේ ජන සමාජය මංකොල්ලකරුවන්ගේ, මිනිමරුවන්ගේ, ඝාතකයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩු කණ්ඩායම් මිනිමරුවන් ඝාතක කණ්ඩායම් රටේ නීතිය අතට ගෙන පාතාල නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතියේ පරමාධිත්‍ය අද විනාශ වී ඇති බවත් නීතිය හා සාමය කඩවෙමින් පවතින බවත් මේ රජයට නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරන්න නොහැකි නිසා කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවසේ දී කාමරයේ දී මහමගදී වැඩබිමේදී උසාවියේ දී පවා මිනිමැරුම් සිදුවන බවත් මේ මිනිමරු කණ්ඩායම් තමන්ට රිසි ආකාරයට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයාට නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි බවත් ඔවුන්ට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් කයිවාරු ගැසීම පමණක් සිදු කරන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තලවකැලේ සජබ මැයි රැලියේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ! වෙලාවට පටන් ගත්තා! වෙලාවට ඉවර වුණා! කම්කරු ජනතාවත් සතුටුයි! සංවිධානය කරපු අපිත් සතුටුයි! සජබ මැයි රැලිය කරපු රාධක්‍රිෂ්ණන් සජබ කුමන්ත්‍රණකාරයන්ට රෙද්ද පල්ලෙන් බේරෙන්නම කියයි! I Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසම ඇතුළේ රනිල්ට මොකද වුණේ? ඔක්කොම එළියට! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.