• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලස් කොමිසම ඇතුළේ රනිල්ට මොකද වුණේ? ඔක්කොම එළියට! Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අල්ලස් කොමිසම ඇතුළේ රනිල්ට මොකද වුණේ? ඔක්කොම එළියට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමැති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවැති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය 28 වැනිදා පෙරවරුවේ පැමිණියේය. එහිදී පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ ධුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගියේය. අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ වික්‍රමසිංහ මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් එහිදී දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘මම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගියා. නීතිඥ මහත්වරුත් මා එක්ක පැමිණියා. මම කටඋත්තරයක් දීලා එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලා මම ප්‍රකාශයක් කළා. මම මෙතැනදී කතාකරන්නේ කොමිෂන් සභාව ඔක්කොටම එන්න කියලා තිබුණා එතැනට. ඒ නිසා මම හිතන්නේ කිසිම විරුද්ධත්වයක් නෑ කියලා මේ කරුණු මම මෙතැනදී කිව්වට. මොකද එන්න කියන්නේ කරුණු කියන්නනේ.

මට අප්‍රේල් 11 වැනිදා දැනුම් දුන්නා, මම අප්‍රේල් 10 වැනිදා කරපු ප්‍රකාශයක් අනුව ඊට අදාළ තොරතුරු මම දන්න නිසා, ඔබ අදාළ සිද්ධි දාමයට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවයි. මම කොහොමත් ඒ සතියේ කොළඹ හිටියේ නැහැ. අවුරුදු සැමරීමට ගිය නිසා. ඒ වගේම මගේ නීතිඥ මහත්තයා රට ගිහින් හිටියේ. එහෙම කියලා තියෙද්දී මට දෙවැනි ලියුමත් ආවා. රොනල්ඩ් පෙරේරා මැතිතුමා ලියුමක් එව්වා පළමුවෙන්ම අධ්‍යක්ෂ ජනරාල්ට. 28 වැනිදා ගන්නේ නෑ කියලා. කෙසේ හෝ 21 වැනිදා මට ලියුමක් ලැබුණා. ඒකේ තිබුණා මට 25 වැනිදා එන්න කියලා. 25 වැනිදා මම හිටියට නීතිඥවරයා නෑනේ. ඒ නිසා රෙෂාන් ගමගේ මැතිතුමා ලියලා කිව්වා එතුමා නැහැ කියලා. මම පුදුම වුණා මට එන්න කියපු එක ගැන. මොකද අධ්‍යක්ෂ ජනරල්තුමාට ලියුමෙන් කියලා තිබුණා 27 වෙනකල් කොළඹ නැහැ කියලා.

එතැනදී කිව්වා කාරණා 2ක්. එකක් මම දන්න තොරතුරු. ඊළඟට කිව්වා මම අප්‍රේල් 21 වැනිදා දක්වා කොළඹ ප්‍රදේශයේ රැඳී නොසිටින බව. එම හේතුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 126 වැනි වගන්තිය ප්‍රකාරව සාධාරණ හේතුවක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන නිසා එන්න කියලා. එතකොට මම කිව්වා, මේ අනුව මම සැකකාරයෙක්, ඒ නීතිඥ මහත්තයා මා ළඟ ඉන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කිව්වා නෑ කියලා. කොහොම වුණත් මම මේක ලියලා දුන්නා.

ඊට පස්සේ 22 වැනිදා සභාපති ඉද්දවෙල මැතිතුමාට ලියලා තිබුණා රෙෂාන් ගමගේ මැතිතුමා. ඒ වගේම 25 වැනිදා ලියුමක් ලැබිලා තිබුණා. ඒකේ කියලා තියෙන්නේ මැදිත්වීම නෙවෙයි අනවශ්‍ය ලෙස මැදිහත් වීම කියලා. ඉතින් මම කිව්වේ මේ අනුවත් මට අපරාධ පරීක්ෂණයට මුහුණ දෙන්න වෙයි කියලා මට නීතිඥයෙක් අවශ්‍යයි කියලා. ඒගොල්ලෝ කිව්වා නීතිඥයෙක් අවශ්‍ය නෑ කියලා. මම කිව්වා හැමදාම මේ කාර්යාලයට මිනිස්සු කැඳවනවා, හැබැයි මං එනකොට විතරයි මාධ්‍යයට දැනුම් දෙන්නේ කියලා. අනික මම විරුද්ධ වුණා මේ තියෙන ලිපිගොනු පිට අයට පෙන්වන එකට. මගෙන් ඇහුවා කාටද පෙන්නුවේ කියලා. මම, අප්‍රේල් 11 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මඩකළපුවේ කරන කතාව කිව්වා. 15 වැනිදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවලු. ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියෙන්නේ. එතුමාට බොරු කියන්න බෑනේ. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

‘අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්නකොට හිටපු ජනාධිපතිතුමා මාධ්‍යයට ඇවිල්ලා කියනවා එතුමා කිව්ව නිසාලු මහ ඇමැතිතුමා එහෙම කළේ. ඒ නිසා මහ ඇමැතිතුමා අහිංසකයි, එතුමා තමයි වැරැදිකාරයා වගේ කිව්වා. අල්ලස් කොමිසම කිව්වා එහෙනම් ඔයත් එන්න කියලා. 17 වැනිදා එන්න කියලා තියෙනවා අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් එවලා තියෙනවා 17 වැනිදා අවුරුදු කනවාලු…’

ඒ කියන්නේ මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් අරගන්නවා කියලා. ඒ නිසා මම කිව්වා කරුණාකරලා මගේ නීතිඥ මහත්තුරුන්ට කොමිසම මුණගැහෙන්න වෙලාවක් දෙන්න කියලා. මොකද කොමිසමේ ඒවා කොහොමද ජනාධිපතිතුමා කතාකරන්නේ? කොහොමද ඒක වෙන්නේ?

මම කොමිසමේදී කිව්වා මම දන්න තරමට මේ රටේ පළාත් සභා, මහ ආණ්ඩුව මුදල් යොදවන්න පුළුවන් විසර්ජන නීතිය අනුව. විසර්ජන නීතියක තියෙනවා වියදම් කරන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය. ණයට ගන්න ප්‍රමාණය. ඒ වියදම් කිරීමේදී කොයි කොයි අංශවලටද වියදම් කරන්නේ කියලා. එක තියෙනවා පුනරාවර්තන වියදම්ද, ප්‍රාග්ධන වියදම්ද කියලා. දෙක තියෙන්නේ එක එක ව්‍යාපෘති යටතේ කියනවා මේ අමාත්‍යාංශය, මේ දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට මේ මුදල් යොදවන්න පුළුවන් කියලා. තමන්ට පුළුවන් ඒ මුදල් එක එක කාරණයකින් වෙනස් කරන්න. ඒත් එකකවත් කියලා නෑ තැන්පත් ගිණුමක දාන්න පුළුවන් ඉඩ දුන්නොත් විතරයි. පාර්ලිමේන්තුවේ නැත්නම් පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ දෙන්නේ නැත්නම් නීතියකින් ඒක තැන්පත් ගිණුම්වලට දාන්න බැහැ. ඉතින් මේ අවුරුදුවල මහ ආණ්ඩුවේ නම් තැන්පත් ගිණුම්වලට දාන්න ඉඩ දෙන්නේ නෑ. මේ මුදල් ප්‍රාග්ධන හෝ පුනරාවර්තන වැඩකටයුතුවලට වියදම් කළාම ඒ මුදල් ආර්ථිකයට යනවා. හැම එකක්ම ආර්ථිකයට යනවා. ආර්ථිකයට මුදල් ගියාම තමයි ආර්ථිකය ඉදිරියට යන්නේ. එතකොට මේ මුදල් ඔක්කොම අරගෙන අපි තැන්පත් ගිණුම්වල දැම්මාම මොකක්ද යන්නේ? අනෙක තැන්පත් ගිණුම්වල දාලා වැඩක් නෑ බැංකුවලට මුදල් දෙන්න හේතුවක් නෑ. ආර්ථිකය දුවන්නේ නැත්නම් මුදල් ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදය අනුව වැඩකරන්නේ.

මේ අවස්ථාවේ විශේෂයෙන්ම කොහොමද අපි මුදල් හොයාගන්නේ? ණයට ගන්නවා, බැඳුම්කරවල ගන්නවා. පොලිය ගෙවනවා. කවුද ඒවට ආපහු ගෙවන්නේ? ගෙදර ගිහින් බලන්න කණ්ණාඩියෙන් තමුන්නාන්සේලා. එහෙම නම් මුදල් එවෙලෙම යොදවන්න ඕනේ වැඩකටයුත්තට. අපි මුදල් අරගෙන ඔබතුමන්ලා ගෙවන ගමන් කවුරු හරි ඒක තැන්පත් ගිණුමේ තියලා ඒ මුදල් අරගෙන මහ ඇමැතිතුමා රට යනවා. ඒක කරන්නද? කැමැති එකක් කරනවා. එහෙම කරන්න බෑ. ඇමැතිවරයෙක්ට හරි කරන්න බෑ.
මගෙන් ඇහුවා මොකක්ද මේ කියලා. මම කිව්වා මේ අනුව අපි කියනවා නම් මුදල් එකතු කරගෙන අපිට භාණ්ඩාගාරයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්න වෙයි, මේ තියෙන මුදල් ඔක්කොම පිටකොටුවට ගිහින් වැඩි පොලියට දුන්නේ නැති එකට. අයවැයක් තියෙන්නේ ආණ්ඩුවේ වියදම්වලට. ආණ්ඩුවේ වියදම තියෙන්නේ ආර්ථිකය ගෙනියන්න. ආණ්ඩුව වියදම් කරන්නේ නැත්නම් කොහොමද ගෙනියන්නේ. මේ සැරේ ටි්‍රලියන ගානක් අපි වියදම් කරනවා. එහෙම වියදම් කරන්නේ නැත්නම් ආර්ථිකය දුවන්නේ නෑ. ප්‍රධානම එක තියෙන්නේ පඩි ගෙවන එක. ඒ දිනයට පඩි ගෙවන්න ඕනේ. මුදල් නැත්නම් ණයට අරගෙන හරි ගෙවන්න ඕනේ. ඒකයි අපි කරන්නේ. ඕවා ඔක්කොම කල් දාන්නද ආපහු තැන්පත් ගිණුම අවසන් වෙනකල්? මම කිව්වා මට පේන හැටියට තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කරන එක අපරාධයක් නෙවෙයි කියලා. අපරාධය තියෙන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් දාන එක. ඉඩ නැති අවස්ථාවෙදී. එතැනදී මට පෙනුණේ නෑ කියලා අඩුපාඩුවක්. ඒ ස්ථාවරයේ තමයි නීතිය තියෙන්නේ.

මේ මුදල අරගත්තා, මේ මුදල අපි තැන්පත් ගිණුමක දැම්මා, ඒක අයින් කළාම මාස දෙකකට ඉස්සෙල්ලා මේකෙන් අලාභය ලබනවා කියන එක. මම අහන්නේ කවුද කිව්වේ තැන්පත් ගිණුමක දාන්න කියලා. අපි මෙතැන වියදම් ගෙවන්න කියලා ඔබට මුදලක් දුන්නොත් ඒ මුදල වියදම් ගෙවන්නේ නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් මොකක්ද වෙන්නේ? අපරාධයක්නේ වෙන්නේ. ඉතින් මේක මට තේරෙන්නේ නෑ. මම ඒකයි කිව්වේ. මම හොඳට පැහැදිලි කළා. මම දන්න තරමට මේකේ ප්‍රශ්නයක් නෑ. අනෙක මේ චක්‍රලේඛන නීතිය පදනම් කරලා දාන්නේ නැත්නම් ඒවා නීතිය නෙවෙයි. 2008 එක නීතියට පටහැනිව කළේ. කිසිම පදනමක් නෑ දැම්ම ඒවට. අපි ඉඩ දුන්නා 2002දී හොඳම බැංකුවලට මුදල් දාන්න. මුදල් දාලා හොඳම පොලිය ලබාගන්න. ඒක අයින් කරලා ආණ්ඩුවේ ඒවට දාන්න කිව්වා. ආණ්ඩුවේ තියෙන්නේ වානිජ බැංකු දෙකයි. ඉතිරි කිරීමේ බැංකුව වාණිජ බැංකුවක් නෙවෙයි. ඉතිරි කිරීමේ බැංකුව 2 ආ වගන්තිය යටතේ ඉතිරි කිරීමේ බැංකුවක්. ඊට අමතරව පුළුවන් වාණිජ බැංකුවල වැඩ කරන්න. අනිත් බැංකු දෙක වාණිජ බැංකු. මේක ඉතිරි කිරීම. ඕනේ නම් සාමාන්‍ය පොලියට අඩුවෙන් පොලිය දෙන්න පුළුවන්. මුදල් මේකේ අඩුපාඩු වුණොත් ඒක ගෙවන්න තියෙන්නේ ආණ්ඩුව. ඔතැනයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මෙතැනින් මුදල් අයින් කරනවා කියන එක අපරාධයක් නම් ඒ කාලේ මුදල් ලේකම්ට විරුද්ධව නඩු දාන්න ඕනේ වැඩිපුර පොලිය ලැබුණු තැනෙන් අයින් කරලා රජයේ බැංකු දෙකට දාපු එකට.

අපිට 2008 පදනම් කරගත්ත නීතියක් නෑ. ඒත් මහ ඇමැතිවරයා ඇවිල්ලා කියනවා පළාත් සභා පනතේ තුන්වැනි කොටස මුදල් කොටස යටතේ දැම්මොත් ඒ අයට තමයි මුදල් ගෙනියන්න බලය තියෙන්නේ කියලා. මොකද නීතියෙන් කියන්නේ නෑ මහ ආණ්ඩුවෙන් මුදලක් දුන්නොත් ඒක කොහොමද ඊට පස්සේ මහ ආණ්ඩුව ආපහු ගන්නේ කියලා. 2023 රාජ්‍ය මුදල් පාලනය කළමනාකාර කෙටුම්පතෙන් අපි ඒක විසඳුවා. දැන් ඒ ප්‍රශ්නයක් නෑ. එදා ඒක තිබුණා. ඉතින් මම මේ කරුණු ඔක්කොම ඒ අයට දැනුම් දුන්නා.’

SendShareShare
Previous Post

IMF කොන්දේසිවලට යටවෙලා මාලිමා ආණ්ඩුව පොහොර සහනාධාරය කපන්නයි යන්නේ! ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! ගොවියටයි රටටයි ඡන්දෙන් පස්සේ දෙයියන්ගේම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවයි පාකිස්තානයයි යුද්ධයකට තල්ලු කරපු කාශ්මීර වෙඩික්කරුවන් 6 දෙනා ශ්‍රී ලන්කන් යානයකින් ලංකාවට පැන්නාද? බුද්ධි තොරතුරකින් කටුනායක රත්වෙයි! ආරක්ෂාව තර කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.