• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත්ම ට්රෙන්ඩ් එක හයිකින්! කැලෑ කොලමත් හාවාගල නැග්ගා! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
අලුත්ම ට්රෙන්ඩ් එක හයිකින්! කැලෑ කොලමත් හාවාගල නැග්ගා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැලෑ කොලමේ අපි හැමදාම කතා කරන්නේ පරිසරයට සිදුවන අලකලංචි, හානි මෙන්ම සතා සීපාවන්ට හා මිනිස්සුන්ට වෙන අකරතැබ්බ ගැනයි. ඒවා ගැන කොපමණ කතා කළත් ඒවා කවදාවත් විසඳෙන හෝ නිමාවෙන ප්‍රශ්න නෙවෙයි. අප අද අපේ දිශාව වෙනස් මාර්ගයකට ගෙනයන්න තමා මේ උත්සාහය.Sri Lanka Latest News

වසර කිහිපයකට පෙර සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පාරිසරික සංචාරක ක්ෂේත්‍රයක් ගැන තමා අද අපේ කතාවේ ආරම්භය. කඳු නැගීම එහෙම නැත්තම් ‘හයිකින්’ අද වනවිට තරුණ ප්‍රජාව හා පරිසරයේ නැවුම් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිස් අතර ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙකී කඳු නැගීමේ ක්‍රියාදාමය ටිකක් අමාරු කාර්යයක් නිසා ඊට සහභාගි වන පිරිස අතළොස්සක් වුණත්, මේ වනවිට එය ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව අපට පෙනී ගියා.

කඳු නැගීමට සහභාගි වන පිරිසෙන් පරිසරයට සිදුවන හානිය ඉතා අවමයි. හැබැයි සමහර ස්ථානවල පරිසරය දූෂණය වන අවස්ථාවනුත් නැතිවා නෙවෙයි. උදාහරණයක් විදිහට සමහර කඳු මුදුන්වලට යාම බලධාරීන් තහනම් කර තිබීම මීට හොඳම උදාහරණය. ඊට හේතුපාදක වෙලා තියෙන්නේ අපේම අය එකී කඳු මුදුන්වලට ගොස් ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කර පැමිණීමයි. තත්ත්වය එසේ වුවත් මේ වනවිට එය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින එක සාධනීය ලක්ෂණයක්.

ලෝකයේ අනිත් රටවල කඳු නැගීමේ ක්‍රියාවන් හා පාරිසරික සංචාරයන් හැටියට වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක වුණත් අපේ රටේ තාම ඒ තත්ත්වයට ඇවිත් නැහැ. කෙසේ වෙතත් අපේ රටේ වත්මන් තරුණ කණ්ඩායම් බොහොමයක් මේ වනවිට කඳු තරණය කිරීමට සහභාගි වීමටත්, එසේ ගොස් අදාළ කඳු මුදුන් හා පාරිසරික පද්ධතීන් දූෂණය නොකිරීමට වගබලා ගැනීමට පෙලඹීම අගය කළ යුතුයි.

සුන්දර කඳු මුදුනක් තුළ මීදුමෙන් වැහුණු සීතල රාත්‍රියක අපට පාරිසරික පද්ධතියක රාත්‍රියක් ගතකරන්න ලැබෙනවා කියන්නේ තරමක් දුරට වාසනාවක්. කැලෑ කොලමේ ලියුම්කරුටත් එකී සුන්දර අවස්ථාවක අත්දැකීම ලබාගැනීමට පසුගිය සතියේ අවස්ථාව ලැබුණා. ඒ බෙලිහුල්ඔයට ආසන්න සමනල අඩවියට අයත් හාවාගල කඳු මුදුන තරණය කිරීමට දායකත්වය ලබාදීමට හැකිවීමෙන්.

හතර දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් කඳු තරණයට අවශ්‍ය සියලු අඩුම කුඩුම අරගෙන සුන්දර හාවාගල කඳු තරණයට සූදානම් වුණා. ඉතාමත් දුෂ්කර ස්වභාවික මංපෙත් ඔස්සේ කඳු තරණය කිරීම අලුත් අත්දැකීමක්. හාවාගල කියන්නේ ඉතා ප්‍රසිද්ධ කඳු තරණයක ගමනාන්තයක්. පැය තුනහමාරක පමණ අති වෙහෙසකර ගමන් මාර්ගයක් ඔස්සේ සියලු බඩුබාහිරාදියත් රැගෙන කඳු මුදුනට ළඟා වනවිට හවස හයට විතර ඇති.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කඳු නගින්නන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතාමත් හොඳ තත්ත්වයක තිබිය යුතු වීම අනිවාර්ය අංගයක් බවයි. එසේ නොවුණහොත් එය ඉතා බරපතළ ගැටලුවලට මුලපුරන කාරණාවක් වෙන්න පුළුවන්. කඳු නැගීමේදී කිසිම බාහිර සම්බන්ධතාවක් නැති වීම හා බෙහෙත් හේත් කිරීමට පවා කිසිම කෙනෙක් නොමැති වීම කඳු නගින්නන් අනිවාර්යයෙන්ම සිහි තබාගත යුතු කාරණයක්.

කඳු මුදුනට අපි ළඟා වනවිටත් කඳවුරු බිම් අටක් විතර ඉදිකර තිබුණා. හතර අතේ බැලූ බැල්මටම හිටියේ වැඩිපුරම තරුණයන්. රාත්‍රී අහසේ චමත්කාරය හුඟදෙනෙක් විඳින්නේ නැහැ. හැබැයි ඒක වෙනම ලෝකයක්. මධ්‍යම රාත්‍රිය පසුවීමෙන් පසු මන්දාකිණියක් කඳු මුදුනේ ඉහළ අහසේ ඉතා මනරම්ව දිස්ව තිබුණා. එය ඉතා දුර්ලභ දසුනක්. හිමිදිරි පාන්දරම සෑම කූඩාරමකම සිටි අය ඉතා උනන්දුවෙන් ලකලෑස්ති වී ඉතා සුන්දර දසුනක් වන හිරු උදාව නැරඹීමට සූදානම් වුණා. ඉතා පැහැදිලි උදෑසනක අති සුන්දර දසුන් සමගින් තවත් දවසක් උදාවුණා.

පාරිසරික ඇලුම් කරන අය වශයෙන් කිය යුතු දෙයක් තියෙනවා. සියලු කඳවුරු බිම්වල සිටි අය උදෑසන අට පමණ වනවිට මුළු පරිසරයම පිරිසිදු කොට එක පොලිතින් හෝ ප්ලාස්ටික් කෑල්ලක්වත් ඉතිරි නොකොට රැගෙන ආ සියලු දෑ නැවත ගෙන යාමට කටයුතු කිරීම ඉතා ප්‍රශංසනීය කරුණක්. එය පරිසරයට ඇලුම් කරන හැමෝටම ඉතා හොඳ පණිවුඩයක්.

හාවාගල කඳු තරණයට මා හා එක්වූ චන්දික මල්ලීටත්, අකලංක 1 හා අකලංක – ඩිල්ෂාන් සගයන්ගෙන් ලැබුණු සහයෝගය සඳහන් කළ යුතුමයි. ඔවුන්ගේ සහභාගිත්වය හා සහයෝගය නොතිබුණේ නම් මෙම සංචාරය සාර්ථක නොවනු ඇත. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපේ රටේ බලධාරීන්ට ඕනෑ තරම් පාරිසරික අවස්ථා තිබෙන බවට කඳු නැගීම තවත් එක් උදාහරණයක් පමණයි. එය විධිමත් පාලනයකින් හා අවධානයකින් හා අධීක්ෂණයකින් කටයුතු කරන්නේ නම් රටට විදේශ විනිමය ගෙන ඒමට තවත් එක් මාර්ගයක් වනු ඇත.

කඳු නගින සැමගෙන් කැලෑ කොලමේ අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපිට නුහුරු නුපුරුදු පරිසර පද්ධතියක යන ඔබ ගෙනයන සියල්ල නැවත රැගෙන එන ලෙසයි. එවිට එකී කඳු මුදුන් තවත් කාලයක් නිරුපද්‍රිතව පැවතිනු ඇත.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ජේ.ආර්. ආණ්ඩුව දණගැස්සූ දින 29ක හෙද වැඩවර්ජනය! තුම්මුල්ලේ උපවාස කළ හිමිවරුන් හත්දෙනා මහ රෑ කුදලාගෙන ගිහින් බොරැල්ලේ කනත්තේ ගැටගහයි! Sri Lanka Latest News

Next Post

ඇමෙරිකා – ඉරාන යුද්ධය අස්සෙදි ලංකාවේ උපත ලැබූ ඇමෙරිකන් සෙබළෙකුත් මියගිහින්! Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.