ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් දැනට සැක සංකා මතුව ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ නිලධාරියකු පසුගිය අවස්ථාවලදී 16 වතාවක් එංගලන්තයට ආගිය බවට සහ එහි නිවෙසක් මිලදී ගෙන ඇති බවට එරට සිංහල ජාතික සංවිධානයක් තොරතුරු හෙළිකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘මව්රට’ පැවැසීය.Sri Lanka Latest News
අදාළ නිලධාරියා එහිදී බෙන්ස් රථයක් මිලදී ගෙන ඇති බව සහ උන්ඩියල් ක්‍රමය යටතේ මුදල් ගනුදෙනු සිදුව ඇති බව හෙළිදරව් වෙමින් ඇති බවත්, ඒ පිළිබඳ වෘත්තීය සමිති දැනුවත් කිරීමටත් වෛද්‍ය බෙල්ලන මහතා තීරණය කොට ඇත.
එම ඖෂධ මාෆියාවේ දෙවැනි මහමොළකරු ඔහුද යන්න ගැන මෙම අනාවරණය වෙමින් තිබෙන තොරතුරුවලින් සැක මතුවන බවත්, එය එසේ සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ සඳහා සහාය ලබාදීම ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංසදය ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ,










