රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙරට රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියාදාම ගැන තීන්දු තීරණ ගන්නා ස්වාධින කොමිසමක් බවත් එම කොමිසමකට කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයකුට බලපෑමක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරියකගේ මාරුවීමක් අත්හිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසන් සභාව විධිමත් විභාගයකින් අනතුරුව තීන්දුවක් ලබා දී ඇති මොහොතක අගමැතිවරයා අමාත්‍යාංශය දරන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිසමේ තීන්දුව නොසලකා හැර ඇති බවට පාර්ලිමේන්තුවේදී පවසමිනි.










