මාතර මහ රෝහලට ගෙන්වූ රුපියල් කෝටි 14ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය පිලිබඳ නිශ්කාෂණ කටයුතු සිදු නොකර දැනට මාස 2ක් තිස්සේ ගුවන් තොටුපලේ භාණ්ඩ බහාලුම් පර්යන්තයේ දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා. (Sri Lanka Latest News)
එම යන්ත්‍රය පසුගිය දෙසැම්බර් 16 වෙනිදා ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපලට ගෙන්වීමෙන් පසු යන්ත්‍රය අඩංගු බහාලුම් නිදහස් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන නැති බවත්, විශේෂිත ආර්ද්‍රතාවයක් සහ උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ගබඩා කළ යුතු මෙම යන්ත්‍රයන්හි ගබඩා තත්ත්වය සම්බන්ධව කිසිම අදහසක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට එම සීටී ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් ගුවන්තොටුපල ගුදම් ගාස්තුව රුපියල් ලක්ෂ විස්සක් ඉක්මවා ඇති බවයි.
දැනට මාතර මහ රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය වසර 18 ක් පැරණි, වරින් වර බිඳවැටීම් සහිතව පවතින, සීමිත පරීක්ෂණ ප්‍රමාණයක් පමණක් සිදුකරන යන්ත්‍රයක් බැවින් කොළඹ ජාතික රෝහල් බාහිර රෝගී අංශයට ගැනීමට සූදානම් වූ යන්ත්‍රය මාතර මහ රෝහලට යොමු කරනු ලැබුවා.
hirunews










