• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න දැන් කතා කරනවා! මේක කියන්නේ කොයි කාලේ ඉඳලද? ජනපතිවරණයක් ළංවෙන කොටම මේ ගැන කතා කරනවා! ඊට පස්සේ සද්දයක් නෑ! ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නෑ! දේශපාලකයෝ බොරු කියලා ජනතාව රවට්ටනවා! අපි හැමදාම රැවටුණා! මල්වතු මහනාහිමියෝ ආණ්ඩුවේ ලොකු තනතුරක් දරන ප්‍රධානියෙක්ගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

February 20, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Share on WhatsAppShare on Facebook

ඡන්දයක් ළංවත්ම ස්වකීය ඡන්ද ගොඩ වැඩිකරගැනීම සඳහා හැසිරෙන අන්තවාදී පාලකයින් මේ රටේ සිටිනතාක් “සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාල” වැනි කථාවලින් කිසිම පලක් නොවන බවත් කොමිෂන් සභාවලින් වැඩක් වෙන්නට නම් රටේ පාලකයින් අවංක විය යුතු බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ අවධාරණය කළහ.Sri Lanka Latest News

සෑම ඡන්දයක් ඉදිරියේම කරළියට පැමිණි අකාරයට නැවත වරක් එළි බැස ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් එවැනි බොරු කතාවක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

සත්‍යය,සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ ඇතුළු කණ්ඩායමක් ඊයේ (19) මල්වතු මහා විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහා නා හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මහා නායක හිමියන් පෙන්වා දුන්නේ තමන් වහන්සේ මහානායක පදවියට පත්වුයේ මීට විසි වසරකට පෙර එනම් 2004 අවුරුද්දේ බවය. එතැන් සිට අද දක්වාම මේ රටේ දේශපාලකයින් හැසිරී ඇත්තේ කිසිවෙකුටත් ඇහුම්කන් නොදෙන ගස් ගල් විලාශයෙන් බව ඒ වකවානුව තුළ පළ වූ පුවත්පත් වාර්තා ලිඛිත සාක්ෂි සපයන බව උන් වහන්සේ කීහ.

ඡන්දයක් ආසන්නයේ මෙවැනි කාර්යාලය පිහිටුවීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාත්‍යන්තරය සතුටු කර ආධාර ටිකක් ලබා ගන්න විය හැකි යැයි තමන් වහන්සේ විශ්වාස කරන බව කී මල්වතු මහා නායක හිමියෝ මෙවැනි වැඩකට නැති දේ ගෙනැවිත් දේශපාලකයින් ජනතාව බොරු කියා රවට්ටන්නේ යැයි ද ජනතාව හැමදාම රැවටුනේ යැයි ද පැවසූහ.

එම නියෝජිතයින් අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් මල්වතු මහනාහිමියෝ මෙසේද පැවසූහ.

“ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඔය සංහිඳයාව පිළිබඳ කොමිෂන් සභා පිහිටුවන්න කාලයක් තියේද කියන එක සැකයි. රටේ ජාතික සමඟිය ඇති කරන්න පසුගිය කාලයේ නොයෙකුත් ජාති කළා. සමඟියෙන් ඉන්න ජනතාව භේද කරන්නේ දේශපාලනඥයින්. ඔවුන් හැම වෙලාවෙම වැඩ කරන්නේ ඡන්ද බලාගෙන. දෙමළ දේශපාලනඥයින් උතුරු නැගෙනහිර ජනතාව දකුණේ ජනතාව සමඟ විරසක කරලා ඡන්ද ගොඩ වැඩිකර ගන්න හදනවා. දකුණේ සිංහල දේශපාලනඥයින් දේශපාලනය කරන්නේ උතුරේ දෙමළ ජනතාව විරසක වෙන ආකාරයේ ප්‍රකාශ කරමින්. ජාතික සමඟියක් ඇති කරන්න කියලා කතා කරලා කරන තරමක් කරන්නේ භේද ඇති කරන එකයි.

අන්තවාදී දේශපාලනඥයින් රටේ ඉන්න කල් මේ වගේ කාර්යාල පිහිටෙව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ කොමිෂන් සභාවලින් වැඩක් වෙන්න නම් පාලකයින් අවංක වෙන්න ඕන.
මම මහානායක පදවියට පත්වුණේ 2004 අවුරුද්දේ. එදා ඉඳන් ජාතික සමඟිය, සංහිඳියාව ගැන කතා කරනවා. පරණ පත්තර බැලුවොත් පෙනෙයි කියලා තියෙන දේවල්. කවුරුවත් ඇහුම් කන් දෙන්නේ නැහැ. හරියට ගස් ගල් වලට කිව්වා වගේ.

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියලා දැන් කතා කරනවා. මේක කියන්නේ කොයි කාලේ ඉඳලද?. ජනපතිවරණයක් ලං වෙනකොටම මේ ගැන කතා කරනවා. ඊට පස්සේ සද්දයක් නැහැ. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැහැ.

ඔය කියන දේවල් වැඩකට ඇති දේවල් නෙවෙයි. දේශපාලකයෝ බොරු කියලා ජනතාව රවට්ටනවා. අපි හැමදාම රැවටුණා. පහුගිය කාලයේ නොයෙක් දේවල් වලට කොමිෂන් සභා පත් කළා. ඒවායින් රටට මොනවද වෙලා තියෙන්නේ. රජයේ නිලධාරීනුත් හරියට වැඩක් කරන්නේ නැහැ. දේශපාලනඥයෝ යි රජයේ නිලධාරිනුයි හරියට වැඩක් කරනවා නම් මේ රටේ මෙතරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

අපේ ජාතික හා ආගමික සමඟිය ග්‍රාමීය ජනතාව අතර තියෙනවා. එදා සිංහල, දෙමළ, මුස්ලිම් එක පාසලේ එකට ඉගෙන ගත්තා. දේශපාලකයෝ මොකද කළේ එක එක ජාතීන්ට වෙන් වෙන්ව පාසල් ඇති කළා. මේකෙන් වුණේ ජාතීන් අතර පැවැති බැඳීම නැති වීමයි.

මේ රටේ ගොඩක් දේශපාලනඥයින්ට ඡන්ද ටික ගන්නේ කොහොමද කියන එක හැර රට දියුණු කරන එක ගැන හැඟීමක් නැහැ. මේ කොමිෂන් සභාව පිහිටුවන එකත් රැවටිල්ලක් කියන සැකය මට තියෙනවා.

යාපනයේ හිටපු සිංහල ව්‍යාපාරිකයින්ට අද එහේ ව්‍යාපාර කරන්න බැහැ. උතුරේ පන්සලක් හදන්න ගියාම ඇතිවන ප්‍රශ්න අපි දන්නවා. මේ ගිනි අවුළුවන්නේ දේශපාලනඥයින් හා ඔවුන් පසුපස යන සුළු පිරිසක්. බහුතර සිංහල හා දෙමළ ජනතාව සාමයට කැමැතියි. මේ කාර්යාලය පිහිටුවීමට මේ වෙලාවේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ජත්‍යන්තරය සතුටු කරලා ආධාර ටිකක් ගන්න ද කියලා තමයි මට නම් හිතෙන්නේ.

මෙහි දී අදහස් දැක් වූ සත්‍යය,සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ   පැවසුවේ .

රටට සාමය, සත්‍යය සොයා ගැනීම අවශ්‍ය බවත්, නැවත ඉදිරියේ දී මේ වගේ දේවල් නොවෙන්නට පසුබිම සැකසීමට නම් ඒ සඳහා ක්‍රියාවලියක් අවශ්‍යය බවය.

“නමුත් එය තාමත් ඇතිවෙලා නැහැ. ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන ක්‍රියාවලිය මගින් අපි මේ උත්සහ කරන්නේ එම යාන්ත්‍රණය සකස් කර ගැනීමටයි. මේ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත වුණාට පස්සේ ස්වාධීන කොමිසමක් පත් කරලා ඒ ඔස්සේ රටේ සාමය, සමඟිය හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට පියවර ගැනීම තමයි මේ වැඩපිළිවෙළේ අරමුණ. “ ඔහු දීර්ඝ පැහැදිලි කිරිමක් අතර කීවේය.

SendShareShare
Previous Post

2004 චන්ද්‍රිකා ළඟට ඇවිත් ඇමැතිකම් 5ක් ගත්තා! 2005 මහින්ද දිනවන්න රට වටේ ගිහින් වැඩ කළා! 2010 UNPයේ රනිල් එක්ක ෆොන්සේකාට වැඩ කළා! 2015 මෛත්‍රීපාලව දිනවන්න අපි ළඟට ආවා! ගිය අවුරුදු 11ට ජවිපෙ පැති 4ක් මාරු කළා! අධිකරණ ඇමැති ජවිපෙ ඉතිහාසය ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

තියෙන එක අවුරුදු 18ක් පරණයි! හිටපු ගමන් කැඩෙනවා! කෝටි 14ක් වියදම් කරලා මාතර මහරෝහලට ගෙන්වපු අලුත්ම CT ස්කෑන් යන්ත්‍රය මාස 2ක් තිස්සේ කටුනායක බහාලුම් පර්යන්තයේ! තවම නිදහස් කරගෙන නෑ! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.