වංචා දූෂණයන්ගෙන් පිරී ඇති බවට චෝදනා එල්ල වූ කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට තීරණය කොට ඇත.
පසුගිය කාල සීමාව පුරාම කතරගම ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබූ අතර ඒ පිළිබද විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කොට තිබිණ.
ඒ අනුව එම වාර්තා මගින්ද මෙම සභාවේ වංචා දූෂණ සිදුව ඇති බවට අනාවරණය කොට ඇති බව පැවසේ.
එමෙන්ම කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැයද දෙවතාවක් පරාජයට පත්ව තිබිණ.
මෙම තත්ත්වය යටතේ සභාව විසුරුවා හැරීමට ඌව ආණ්ඩුකාරවරයා තීරණය කොට ඇති බව පැවසේ.










