ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීමට පෙර 2006 සිට 2007 දක්වාත් නැවත 2012 සිට 2020 දක්වාත් ධූර දැරූ අබේ මහතා ජපානයේ දීර්ඝ කාලයක් කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා විය.
ප්‍රසිද්ධ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි වැදීමෙන් 67 හැවිරිදි වියේ පසුවූ ඔහු අධික රුධිර වහනයකින් පසුගිය ජූලි මාසයේදී මිය ගියේය.
ජපාන සංචාරයෙන් අනතුරුව පිලිපීනය බලා යාමට නියමිත ජනාධිපතිවරයා එහිදී පිලිපීන ජනාධිපති බොන්ග්බොං මාකෝස් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
පිලිපීනයේ සංචාරයක නිරත වන ජනාධිපතිවරයා සැප්තැම්බර් 29 වනදා පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වනු ඇත.










