සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහකා අද දින ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර බරපතළ දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක රට විනාශ කළ බව කියමින් ජවිපෙ කතා කළද මේ රට විනාශ කළේ ජවිපෙ කැරලි බවත්, රටට ආයුධ සංස්කෘතිය හදුන්වා දුන්නේ ජවිපෙ බවත්ය.
මේ අයුරින් නොමිලේ ජනතාවට සහන දෙන රටක් ලොව කොහේවත් නොමැති බව පෙන්වා දුන් සේනාරත්න මහතා අද නිදහස් අධ්‍යාපනයෙන් සහන ලැබූ ඇතැම් පිරිස් ඒවා අමතක කොට කතා කරන බවත් කීවේය.










