යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඉකුත් 29දා රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් අනතුරුව කාන්තාවන් 25 දෙනකු හා පිරිමි පුද්ගගලයන් 6 දෙනකු සමග 31 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා. (Sri Lanka Latest News)
තරුණයන් දෙදෙනකු විසින් කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍යයක පළකිරීමේ සිදුවීමක් මුල්කරගෙන මෙම ගැටුම ඇතිව තිබේ.
මෙහිදී තරුණයන් දෙදෙනා තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල්ගත කිරීමට යෑමේදී ගැටුම උග්‍රවී තිබේ.
කෙසේ වෙතත් පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර, පසුව අහසට වෙඩිතබා තත්ත්වය යම්තාක් දුරකට සමනය කිරීමට කටයුතු කර ඇත.
ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියකුටද තුවාල සිදුව ඇති අතර, ඔහු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සදහන් කළේය.
dasathalankanews










