• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා වෙත ලියමි! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රට හදන තැන ඉඳන් රට හදන හැටි කියපු අනුර! හොර බොරු නැති රාජ්‍ය සේවයක්! ජාතිවාදය බෑ! ආගම්වාදය නෑ! නීතිය ජනාධිපතිටත් එකයි! අපරාධකාරයෝ හෙළිදරව් කරනවා! මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට යනවා! ණය ප්‍රතිව්‍යුහගත කිරීම දෙසැම්බර් අවසන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ලියමනක්. මේක අනුර කුමාර සහෝදරයට ලියමනක් කියලා ලියන්නත් මම කැමැතියි. කොහොම වුණත් ලංකාවේ ඉතිහාසයේ වෙච්ච විශාලම දේශපාලන පෙරළිය තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පත්වීම. අපි කිසි දිනයක හිතුවේ නැති විදියට එතුමන්ට පුළුවන් වුණා විශාල බල පෙරළියක් සිද්ධ කරන්න. ලංකාවේ දේශපාලනික වශයෙන් වෙච්ච ලොකුම පෙරළිය මේක. ඒක අපි පිළිගන්නවා. (Sri Lanka Latest News)

වාමාංශික දේශපාලන පක්ෂයකට කිසිදා ජනාධිපතිවරයෙක් වෙන්න බෑ කියන එක මුළු රටම හිතමින් හිටපු කාරණයක්. හැබැයි දැන් ඒක වෙනස් දැන් වාමාංශික දේශපාලකයෙක්ට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ බලය සහිත පුද්ගලයෙක් බවට පත්වෙලා ඉවරයි. මීට වඩා බලයක් මේ රටේ අවශ්‍ය නෑ. ඔබ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘මම කතාකරනකොට මේගොල්ලෝ කෑගහන එක සාධාරණයි. ඒකට හේතුව මම හොරු අල්ලන්න ආපු කෙනා. මම හොරකමට විරුද්ධ කෙනා. මම හොරකමට අකැමැති කෙනා. මේ ඉන්නේ හොරු’ කියලා. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කතාවට අපි එදා වගේම අදත් එකඟයි. ලංකාවේ හිටපු බොහෝ දේශපාලකයෝ හොරකම්වලට සම්බන්ධයි ඍජුව හෝ වක්‍රව. සමහරු එළිපිටම හොරකම් කළා. එළිපිට හොරකම් කරපු අයට එළිපිටම දඬුවම් ලැබුණා. එළිපිට හොරකම් නොකරපු අයටත් දඬුවම් ලැබුණා. හැබැයි අධිකරණය මගින් ලබාදිය යුතු දඬුවම් සහ මහජනතාවට සිද්ධ වෙච්ච පාඩුවට ලබාදිය යුතු දඬුවම් තාම ලැබිලා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති බවට පත්වෙච්ච වෙලාවෙත් ‘මිස්ටර් ක්ලීන්’ කියලා අපි හිතාගෙන හිටියා ඔහු ක්ලීන් සූට් වැඩ කරයි කියලා. හැබැයි ක්ලීන් මිනිස්සු ක්ලීන් කළේ මහබැංකුව, ක්ලීන් මිනිස්සු ක්ලීන් කළේ භාණ්ඩාගාරය. භාණ්ඩාගාරය සුද්ධ කරපු මිනිස්සු අපේ රටේ හිටියා.

ලංකාවේ ඉතිහාසයේ වෙච්ච විශාලතම වංචා කීපයක් අපි දන්නවා. මිග් යානා ගනුදෙනුව, මහබැංකු වංචාව, බැඳුම්කර ගනුදෙනුව, සීනි බදු වංචාව, පොල් තෙල් ප්‍රශ්නය, සුදුලූණු ගනුදෙනුව. මේවා ලංකා ඉතිහාසයේ වෙච්ච විශාල වංචා. මේ වංචා සිද්ධ කළේ රහසේ නෙවෙයි. හංගගෙන නෙවෙයි, එළිපිට. පැහැදිලිව කොනක් කොහෙන් හරි අහුවෙන්න තියෙන විදියට සිදුවෙච්ච හොරකම්. හැබැයි ඒවායේ වැරැදිකරුවන්ට දඬුවම් ලැබිලා නැහැ. වැරැදිකරුවෝ හොයන්න පරීක්ෂණ කරලා කෝටි ගණන් සල්ලි නාස්ති කළා මිසක් වෙන දෙයක් වුණෙත් නැහැ.

පාස්කු ප්‍රහාරය හැමදාම අපි කතා කරනවා, හැමදාම සමරනවා, හැමදාම පාස්කු ප්‍රහාරය ගැන කවි සින්දු කියනවා. නමුත් තාම මහමොළකාරයෙක් නෑ. මේ විදියට ලංකාවේ වෙච්ච සිදුවීම් ගොඩකට වැරැදිකරුවන් අපට තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා. දැන් ආසන්නතම සිදුවීම් කීපයක් සිදුවෙමින් යනවා. ගෑස්, තෙල් ප්‍රශ්න ඇතිවුණේ කොහොමද කියන එක ලංකාවේ. ඒවාට සම්බන්ධ වංචාකරුවන් සම්බන්ධයෙන් තවම නිසි පරීක්ෂණයක් නෑ. විදුලිය මිලදී ගැනීම සම්බන්ධව ලංකාවේ මහාපරිමාණව වංචාවල් සිදුවෙලා තියෙනවා. ඒ සම්බන්ධව කතා කරනවා මිසක දඬුවම් ලැබිලා නෑ. මීට අමතරවත් ආසන්න කාලයේ පිටරට රැකියා ලබාදෙනවා කියලා වෙච්ච වංචා, වාහන සම්බන්ධ වංචා මේවා ගැන තැන් තැන්වල කියැවෙනවා.

ඒ වගේම මේ ගෙවුණු අවුරුදු දෙකක රනිල්ගේ පාලන කාලයේදී මුලින්ම ගෑස් වංචාවක් වුණා කිව්වා. තෙල් ගේද්දි වංචාවක් වුණා කිව්වා. ගල් අඟුරු ගේද්දි වංචාවක් වුණා කිව්වා. තරුණ තරුණියෝ රට යවද්දී කෝටි ගණන් සල්ලි අරන් තියෙනවා කිව්වා. ඊටත් වඩා ජනාධිපතිවරණය තියන්න පැය 48කට කලින් තවත් මහා බැඳුම්කර වංචාවක් වුණා කියලා රවුෆ් හකීම් මහත්තයා පාර්ලිමේන්තුවේදීම කිව්වා. මේවා ගැනත් හොයන්න ඕනේ.

හැබැයි අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් ඔහු කිව්වා තමන් ගාව ෆයිල් ටික තියෙනවා කියලා. ඒ කාලේ ඔහුට වුවමනාව තිබුණට බලය තිබුණේ නෑ. හැබැයි දැන් අපිට හිතෙනවා ඔබට බලය තිබෙන නිසා වුවමනාවත් තියෙන නිසා මේගොල්ලන්ට දඬුවම් ලැබේවි කියලා. ජනාධිපතිතුමනි, මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය නෑ කාවවත් හුරතල් කරන්න.

දැන් මේ වෙලාවේ රටේ හාල් නෑ. පොල් නෑ. ලුණු ප්‍රශ්නයක් නුදුරේදීම එන්න නියමිතයි. මේ වගේ ප්‍රශ්නවලදී මේ සතියේ දෙකේ ගිය මාසේ වෙච්ච දේවල් ගැන කතාකරලා වැඩක් නෑ. රිළව් ගැන, අලි ගැන, වන ජීවීන් ගැන, ජනතාවට ඒගොල්ලන්ගෙන් සිදුවෙන හානි ගැන, ජනතාවගෙන් ඒගොල්ලන්ට සිදුවෙන හානි ගැන අපි කතාකරලා වැඩක් නෑ. මොකද මේවා පහුගිය මාස දෙකේ වෙච්ච දේවල් නෙවෙයි. මේ සිද්ධිවලට වැරැදිකාරයෝ ඉන්නවා. දඬුවම් ලැබිය යුතු අය ඉන්නවා. මේවා නිසි ප්‍රමිතියකින් තොරව කරපු විනාශයන්. මොකද අපි ඉතිහාසයේ ඉඳලම මේ සෑම ගැටලුවකටම සෑම අර්බුදයකටම පිළියම් සඳහා මිල මුදල් වෙන්කරපු අය. උදාහරණයක් විදියට කිව්වොත් වන අලි ගැටලුව සම්බන්ධයෙන් අපි විශාල මුදලක් වියදම් කරලා තියෙනවා විදුලි වැටවල් සඳහා. එක්කෝ නිසි නඩත්තුවක් නැති වීම. නැත්නම් නිසියාකාරව ඉදි නොකිරීම, ක්‍රමානුකූලව සිදු නොකිරීම වගේ විශාල කාරණා නිසා මිල මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති වෙලා තියෙනවා. හම්බන්තොට නගරය කියලා කියන්නේ සොම්බි නගරයක්. කිසිම ප්‍රමිතියකින් තොරව, කිසිම වුවමනාවකින් තොරව විකාරරූපීව කරපු ඉදිකිරීම් ගොන්නක් එක්ක හම්බන්තොට නගරය අද හුස්ම ගන්නේ. කොළඹ නගරය සුන්දර කරන්න, ලස්සන කරන්න වියදම් කරපු සල්ලි නිරපරාදේ නාස්ති වෙලා ගියා. අධිවේගී මාර්ග සම්බන්ධයෙන් සමහර කාරණාවලදී අපට කතාකරන්න එළිපිටම සාකච්ඡා කරන්න මාතෘකා තියෙනවා. වසීම් තාජුඩීන්ගේ මරණය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් වීම, විශ්වවිද්‍යාල සිසුන් වෙච්ච සිසිතගේ සහ ඔහුගේ මිතුරාගේ මරණ. මේවා අප්‍රකටව නොදන්නා තැන්වල, නොපෙනෙන තැන්වල කරපු දේවල් නෙවෙයි. එළිපිට මහපාරවල් අයිනේ මහ දවාලේ අපරාධයට අදාළ සාක්ෂි වසං කරමින් සිදුකරපු දේවල්.

ප්‍රදීප් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියාට අදටත් වෙච්ච දෙයක් නෑ. මේක මේ විදියටම ලියපු සියවැනි දෙසිය වැනි වතාව වෙන්න ඇති පත්තරකාරයෙක් විදියට. ජනාධිපතිතුමනි, ඔබතුමාට මේවා තේරෙනවා. මොකද ඔබතුමා ඒ කාලේ හිටගත්තේ මේ වින්දිතයන්ගේ පැත්තේ. පීඩිතයන්ගේ පැත්තේ. අපරාධයෙන් පීඩාවට පත්වෙච්ච මහජනතාවගේ පැත්තේ. දැන් ඔබතුමා ඉන්නේ මේ මහජනතාවගේ බලය අරගෙන. ඔබතුමාට වෙන කියන්න දෙයක් නෑ. ඒකට හේතුව ඔබට ජනාධිපතිවරයා බවට පත්වෙන්න පුළුවන් වුණා. තුනෙන් දෙකක බලයටත් එහා ගිය බලයක් එක්ක රටේ පාර්ලිමේන්තු බලයක් ලැබුණා. ඔබට දැන් අමාත්‍යාංශ ටික තියෙනවා. අධිකරණයේ, පොලිසියේ සියල්ලේම බලය ඔබ සතුයි. අත්තනෝමතිකව ඒ බලය පාවිච්චි කරන්න කියනවා නෙවෙයි. හැබැයි නිසියාකාරව පාවිච්චි කරන්න. අඬුව තියෙද්දී අත පුච්චගන්න අවශ්‍ය නෑනේ. ඒ නිසා දැන් පුළුවන් එදා පාර්ලිමේන්තුවේ කිව්වා වගේ මේ කාරණාවට මැදිහත් වෙන්න. දැන් මේ මොහොතේ නෙවෙයි, තව මාස දෙක තුනක් යද්දීවත් මේ තක්කඩි ටික අල්ලලා දඬුවම් කරන්න. එහෙම නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙලා ගෙදර ගිහිල්ලා, තව අවුරුදු දෙකකින් ආයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුණාට පස්සේ මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ.
චෝදනා තියෙන අයට චෝදනා ඔප්පු කරන්න. මොකද අපි නිකන් චෝදනා කරලා වැඩක් නෑ. සමහරු කියනවා කෙළින්ම. චෝදනා තියෙනවා නම් ඔප්පු කරන්න කියලා. ඉතින් ඔප්පු කරන්න. ඒක තමයි මේ කාලය. මේ වෙලාවේ. නිකන් කාලය නාස්ති කරන්නේ නැතුව අපි මේකට මුහුණ දෙමු දැන්. රටට අවශ්‍ය කරලා තියෙන්නේ එහෙම ජනාධිපතිවරයෙක්.

මම, හැමදාම ඔබට හිතවත්,

Sri Lanka Latest News


ජීවන පහන් තිළිණ.

SendShareShare
Previous Post

හිරේ විලංගුවේ නොවැටී අනූ නවයෙන් බේරුණු ජාතික රෝහලේ මහා අලකලංචිය! රෝගියාගේ කකුල් කපා ලුණු දාලා – රජ කාලේ දඬුවම් දීලා! ‘දවස’ පත්තරේ උසාවියට අරන් එයි! බන්ධනාගාරයේ 4 දෙනෙක්ගේ වැඩ තහනම්! Sri Lanka Latest News

Next Post

රටින් පැන්න සිරියානු ජනපතිගේ මිනිස් වධකාගාරය! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.