වත්මන් ආණ්ඩුවම 2020 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නා එපා යනුවෙන් පවසා ඉන් ලැබුණු ඩොලර් මිලියන 100ක මුදලත් එපා කියූ බවත් ඊට අමතරව බිලියන 600-700ත් අතර බදු සහන ගජමිතුරු කෝටිපතියන්ට ලබා දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරිමට අත ඉස්සු බවත් මොවුන්ගේ ක්‍රියාකලාප නිසා රට බංකොලොත් වූ බවත් ඒ සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
2019 ජනාධිපතිවරණය සහ ඊට පෙර සිටම සිදුවූ අලි පොහොට්ටු ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ දිනවා රට බංකොලොත් කළ බවත් මොවුන්ගේ මේ අනීතික හවුල වත්මන් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් හෙළිදරව් වූ බවත් තමා ඇතුළු සමගි ජන බලවේගය රටේ බලය ලබා ගන්නේ පොහොට්ටුවේ හොර රැළේ ආශිර්වාදයෙන් නොව ජනතාවගේ ආශිර්වාදයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.










