• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

දවස් 5ක නිවාඩුවක් අස්සේ ආණ්ඩුව ගහන්න යන ගේම එළියට එයි! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

June 25, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 22 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

රනිල්ගෙන් සජිත්ට ආ තත්පර 48 ඇමතුම!

ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ට ගිය හදිසි පණිවුඩ 2..!

අලිරාජා ගැන ගිය මාර්තුවේ අපි කළ හෙළිදරව්ව!

ගෝඨා කලබල වෙලා හතර වටේටම කෝල් කළේ ඇයි!

ලන්ඩන් ගිහින් හමුවූ අමුත්තා!

මේ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වෙමිනි. ලන්ඩන් සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය වූ පැටි්‍රෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කර තිබූ අතර, එය ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිල වශයෙන් මාධ්‍යයට මුදාහැරීමටද පියවර ගෙන තිබිණි. නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ප්‍රසිද්ධ නොකරන ලද පෞද්ගලික හමුවීම් කිහිපයකටද ජනාධිපතිවරයා ලන්ඩනයේදී සහභගි වී තිබිණි. ඉන් අතිවිශේෂ හමුවක් වූයේ මේ දිනවල ලංකාවේ දේශපාලනය තුළත්, මාධ්‍ය තුළත් නිතරම කතාබහට ලක්වන චරිතයක් වන සුභාෂ්කරන් අලිරාජා සමග පැවැත්වූ හමුවය. අලිරාජා මේ දිනවල ප්‍රසිද්ධව සිටින්නේ විශාල වශයෙන් ලාභ ලබන ටෙලිකොම් ආයතනය මිලදී ගැනීමේ ප්‍රධාන ගැනුම්කරුවා ලෙසටය. Sri Lanka Latest News

අලිරාජාගේ පැටිකිරිය!

අලිරාජා යනු උපතින් ශ්‍රී ලාංකිකයෙකි. යාපනයේ උපත ලද අලිරාජා පසුව යුද්ධය පැවැති සමයේදී ලන්ඩනයට සංක්‍රමණය විය. එකල ඔහුට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමගද අති සමීප සබඳතා පැවැති බවට චෝදනා එල්ල වී තිබූ අතර, මෙරට බොහොමයක් දේශපාලකයන් චෝදනා කර සිටියේ වූයේ අලිරාජා අත ගැවසෙන්නේ එල්.ටී.ටී.ඊ. මුදල් යැයි කියාය. කෙසේ වෙතත් ලන්ඩනයට යෑමෙන් පසු අලිරාජා ‘ලයිකා මොබයිල්’ නමින් දැවැන්ත සන්නිවේදන උපාංග ව්‍යාපාරයක් ආරම්භ කළේය. එම ව්‍යාපාරය ප්‍රංශය දක්වා ව්‍යාප්ත කිරීමටද පසුව අලිරාජා කටයුතු කළේය. අනතුරුව අලිරාජා තමිල්නාඩුවට රිංගා ගනිමින් දමිළ සිනමාවට සම්බන්ධ වී දැවැන්ත මුදලක් එහි ආයෝජනය කිරීමට පියවර ගත්තේය. අවස්ථා කිහිපයකදීම අලිරාජා ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කළද මෙරට දේශපාලකයන්ගෙන් එල්ල වූ ප්‍රබල විරෝධය හමුවේ ඔහුට ඒ සඳහා අවස්ථාවක් හිමිවූයේ නැත.

එළියට ආවේ ගෝඨාගේ කාලේ!

කෙසේ වෙතත් ඉකුත් ආණ්ඩු සමයේදී කෙසේ හෝ අලිරාජා මෙරට ව්‍යාපාරික ලෝකයට අත තබමින් ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය මිලදී ගැනීමට පියවර ගත්තේය. නමුත් එහි මුදල් ආයෝජනය කළා විනා අලිරාජා ලංකාවට පැමිණියේ නැත. ඒ අලිරාජාට සමාජයෙන් එල්ල වූ විරෝධය මුල්කරගෙනය. නමුත් අලිරාජා ලංකාවට ඇතුළු වීමට කටයුතු කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායමේ හිමිකරු බවට පත්වෙමිනි. ඒ අනුව අලිරාජා පළමු වතාවට යාපනයට ගොඩබැසීමට පියවර ගත්තේය. මෙම ගමන සංවිධාන කිරීම සඳහා අතරමැදියන් කිහිප දෙනකුම ගෝඨාගේ ආණ්ඩුව සමග එකල සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් පසු අලිරාජා නිතරම ලංකාවට ආගිය චරිතයක් බවට පත්විය.

අපි අලිරාජා ගැන හෙළිකළේ මාර්තු 26!

කෙසේ වෙතත් ටෙලිකොම් සම්බන්ධයෙන් අලිරාජාගේ නම එළියට ආවේ මීට මාස දෙකකට පමණ ඉහතදීය. ඒ යම් යම් පිරිස් විසින් අලිරජා ටෙලිකොම් ආයතනය මිලදී ගැනීමට සූදානමින් සිටින බවට නම සඳහන් කිරීමත් සමගය. නමුත් එසේ මාස දෙකකට පෙර අලිරාජාගේ නම එළියට පැමිණියද අප අලිරාජා සම්බන්ධයෙන් පළමු වතාවට මෙම ‘රාජ්‍ය රහස්’ තීරයේ මේ කියන ටෙලිකොම් ගනුදෙනුව සම්බන්ධයෙන් රටට හෙළිදරව් කළේ කිසිවකුත් ඒ පිළිබඳ හිතන්නේවත් නොමැති කාලයකය. එසේත් නැත්නම් හරියටම දින වකවානු සමග කියන්නේ නම් පසුගිය මාර්තු 26 වැනිදාය. එහිදී අප කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රබලයකු ලන්ඩන් සංචාරයක නිරතව සිටි කාලය අතරතුරදී අලිරාජා මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බවත්, එම සාකච්ඡාව සංවිධාන කිරීම සඳහා මෙරට ප්‍රබල පුද්ගලයකු සිය හිතවත් මිතුරියකද සමග ලන්ඩනයේ සංචාරය කොට ඇති බවත්ය. එදා අප කළ එම අනාවරණය මෙසේය.

මෙන්න අපි කියපු කතාව!

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලංකාවට ලැබුණු දිනම සවස් වරුවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් තවත් විශේෂ නිවේදනයක් නිකුත් විය. ඉන් පෙන්වා දී තිබුණේ රාජ්‍ය ආයතන හතක් සතු ආණ්ඩුවේ කොටස් ප්‍රමාණය විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවකි. එම ආයතන හත වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලන්කන් කේටරින්, ලංකා හොස්පිට්ල්ස්, හිල්ටන් හෝටලය, ග්‍රෑන්ඩ් හයට් හෝටලය හා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන ආයතනයන්ය. කෙසේ වෙතත් මෙහිදී දක්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව විශාල ලාභ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනද මෙසේ ඈවර කිරීමට තීරණය කිරීමය.

අලුත්ම රහසක්!

කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම් වන්නේ කවුරුත් මෙතෙක් නොදැන සිටි අතිවිශේෂ රහසකි. ඒ, ලංකා හොස්පිට්ල්ස් ආයතනය විකුණා දැමීමට පදනම වැටුණු ආකාරය පිළිබඳවය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම ආයතනය නිල වශයෙන් විකුණා දමන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් නිවේදනය නිකුත් කළද ඊට අවශ්‍ය වටපිටාව සහ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ අදක ඊයේක නම් නොවේ. එම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ මීට මාස හයකට ප්‍රථම, එනම් ඉකුත් වසරේ සැප්තැම්බරයේ ලන්ඩන් නුවරදීය. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප හෙළිකිරීමට සූදානම් වන්නේ ලන්ඩන් නුවර මෙම සාකච්ඡා ආරම්භ වූ ආකාරයත්, ඊට සහභාගි වී සිටි අය කවුරුන්ද යන්න පිළිබඳවත්, ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සුදානම් වන්නේ කවුරුන්ද යන්නත් පිළිබඳවය.

ලංකා හොස්පිට්ල් ගන්න යන්නේ!

අපට ඇති තොරතුරුවලට අනුව ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සූදානම් වන්නේ වෙන කවුරුවත් නොව ලාංකීය සම්භවයක් සහිත ආන්දෝලනාත්මක ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වූ සුභාෂ්කරන් අලිරාජාය. එසේ නැතහොත් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප්‍රබල ව්‍යාපාරිකයකු වූ ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරුවාය.

වාර්තාවට වෙච්ච දෙයක් නෑ!

මේ සුභාෂ්කරන් අලිරාජා යනු ලංකාවට අලුත් නමක් නොවේ. ඔහු ලංකාවේ ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී නාලිකාව මිලදී ගැනීමත් සමගය. මෙම ගනුදෙනුව කෙතරම් ආන්දෝලනාත්මක වූවාද කියනවා නම් අදටත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ විශාල අබිරහසකි. ඒ අනුව මෙම චෝදනා නිසාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි සැණින් ඒ පිළිබඳ සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කළේය. එම කමිටුවද අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාව ජනාධිපතිවරයාට ලබාදුන්නේය. දැනගන්නට ඇති ආකාරයට එම වාර්තාව මගින් මෙම ගනුදෙනුව සිදුකිරීමේදී බරපතළ වංචා දූෂණ සහ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව අනාවරණ කොට ඇති බව ආරංචිය. ඉන් අනතුරුව එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පියවර ගැනිණ. පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එය මහබැංකුව වෙත යොමුකර ඇත්තේ මහබැංකුවේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවට වූ නිගමන මුල් කරගෙනය. නමුත් අදටත් ඒ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් දැකගන්නට නැත. වත්මන් ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා පාටක්ද පෙනෙන්නට නැත. කෙසේ වෙතත් ඉදිරියේදී අප මෙම ස්වර්ණවාහිනී ගනුදෙනුවේ අලගිය මුලගිය තැන් සහිතව ආන්දෝලනාත්මක ලිපියක් පළකිරීමට සූදානමින් සිටින බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

වී.අයි.පී. උපදේශකයෙක්! සුපිරි කාන්තාවක්!

මෙවර අප හෙළිදරව් කරන්නේ මේ කියන අලිරාජාම ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීම සඳහා ලන්ඩනයේ පැවැත්වූ රහස් සාකච්ඡාව පිළිබඳවය. ඊට ලංකාව පාර්ශ්වයෙන් සහභාගි වී සිටියේ එක්තරා ප්‍රබල චරිතයක් සහ සුපිරි කාන්තාවකි. මෙම ප්‍රබල චරිතය අදටත් ආණ්ඩුවේ ඉහළ තැනක උපදේශක තනතුරක් දරන වී.වී.අයි.පී. පන්නයේ පුද්ගලයෙකි. සුපිරි කාන්තාවද ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් සමග සබඳකම් පවත්වන ප්‍රසිද්ධ කාන්තාවකි. ඇය බිලියන ගණන් හුවමාරු වන ගනුදෙනුවල අතරමැදි චරිතය රඟපාන චරිතයක් ලෙසද ප්‍රකටය. ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැන සිටින කරුණක් වන්නේ මෙම දෙදෙනා ‘ලිවින් ටුගෙදර්’ නැතහොත් විවාහ නොවී එක ගෙදරක ජීවත් වන බවය.

සුපිරි කාමර! ගමන් බිමන් රෝල්ස්රොයිස්වල!

ඒ අනුව මේ දෙදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේ ලන්ඩනය බලා පිටත්ව ගියේ ලංකා හොස්පිට්ල් සම්බන්ධ ගනුදෙනුව අලිරාජා මුණගැසී සාකච්ඡා කිරීමටය. එම හමුව සංවිධාන කර තිබුණේද මෙම කාන්තාව විසින්මය. ඒ, අලිරාජා සහ ඇය අතර පැවැති සමීප සබඳකම් මුල්කොට ගෙනය. ඒ අනුව ඇය ලන්ඩනයට පැමිණීමෙන් අනතුරුව පළමුවෙන්ම මෙම ප්‍රබල උපදේශකයාව අලිරාජාට මුණගැස්වීමට සැලැස්සුවාය. ලන්ඩනයේ සිටි කාලය අතරතුරදී මේ දෙදෙනා නවාතැන් ගත්තේ අතිසුඛෝපභෝගී හෝටල්වල වී.වී.අයි.පී. කාමරවලය. ගමන් බිමන් ගියේ අතිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් කාර්වලය.

සාකච්ඡාවේදී එළියට ආ රහස!

ආණ්ඩුව ලංකා හොස්පිට්ල් ආයතනය විකිණීමට සැලසුම් කර ඇති බව පළමු වරට එළියට එන්නේ අලිරාජා සමග පැවැති මෙම සාකච්ඡාවේදීය. ඊට අලිරාජාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබීමෙන් පසු එම ගනුදෙනුව සිදුකරන ආකාරය පිළිබඳවද, ඊට පසුබිම සකස් කරන ආකාරය පිළිබඳවද එහිදී විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම ඒ දිනවලම ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් ලන්ඩනයේ සංචාරයක නිරතව සිටි අතර, ඔවුන් සමග සුපිරි හමුවක් සංවිධාන කිරීමටද මේ දෙදෙනා පියවර ගෙන ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඩීල් එක හරි!

ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කර සිටින්නේ පසුගිය සැප්තැම්බරයේ ලන්ඩනයේදී අලිරාජා සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලංකා හොස්පිට්ල් ආයතනය විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරනවාදැයි කියාය. මෙහි කොටස් කොළඹ කොටස් වෙළෙඳපළට යොමු කිරීමෙන් අනතුරුව ඒවා මිලදී ගැනීමට සූදානමින් සිටින්නේ අලිරාජාදැයි කියාය. දැනට අලිරාජාගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය වන සන්නිවේදන ක්ෂේත්‍රයට අමතරව රෝහල් ක්ෂේත්‍රයටත් මේ හරහා අලිරාජා යොමුවීමට සූදානමින් සිටිනවාදැයි කියාය.

සාක්ෂි තියෙනවා!

මෙම ලන්ඩන් සාකච්ඡාවේ තවත් අතිවිශේෂ තොරතුරු සහ ඡායාරූප රැසක් අප සතුව පවතින අතර, යම් හෙයකින් ඉදිරියේදී ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් ආයතනවල ගනුදෙනු සිදුවීමේදී අලිරාජාගේ නමද කරළියට පැමිණියහොත් ඒ සියල්ල අප හෙළිකිරීමට සැලසුම් කර ඇත්තේ අප අද හෙළිකරන මෙම කතාව තහවුරු කිරීම සඳහාය.’

විපක්ෂය වචනයක් කිව්වේ නෑ!

පසුගිය මාර්තු 29දා අප කළ මෙම අනාවරණය මේ වනවිට තහවුරු වී ඇති ආකාරය සක්සුදක් සේ පැහැදිලිය. කෙසේ වෙතත් එදා මෙම සුවිශේෂ අනාවරණය අප විසින් සිදුකළද එකල විපක්ෂය හෝ මේ සම්බන්ධයේ උනන්දුවක් දැක්වූවන් හෝ කිසිවකුත් මේ කතාව ඉදිරියට රැගෙන යෑමට පියවර ගත්තේ නැත. එසේ වුවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පමණක් ඒ අවස්ථාවේදීද අලිරාජාට එරෙහිව මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.

විමල් කියපු කතාව!

ඉන් අනතුරුව අලිරාජා සම්බන්ධ ගැටලුව මතුව ආවේ මීට සති දෙකකට ඉහතදී පාර්ලිමේන්තුවේ පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරකසභා අවස්ථාවේදීය. එහිදී ටෙලිකොම් විකණීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර, අතිසංවේදී තොරතුරු එහි ඇතුළත්ව තිබීම හේතුවෙන් පිටස්තර පාර්ශ්වයකට එය විකිණීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව එම කමිටුවේදී සාකච්ඡා වී තිබිණි. ඒ අනුව එම ආංශික කාරක සභා සභාපති, පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ටෙලිකොම් ආයතනය විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට තොරතුරු ඇතුළත් වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. නමුත් එදිනම ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට ගත් තීන්දුව ස්ථිර එකක් බවත්, එය පෞද්ගලීකරණය කිරීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවන බවත්ය. මීට අමතරව විමල්ද පසුගිය දිනෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වන විට ටෙලිකොම් ආයතනය 5ඨ තාක්ෂණයෙන් බලගැන්වීමට සැලසුම් කර ඇති මොහොතක එය අලිරාජා අතට පත්වුවහොත් ඔහු යටතේ මාධ්‍ය ආයතනයක්ද පවතින නිසා මෙරට ආණ්ඩු පිහිටුවීමේ ක්‍රියාවලියේදී අලිරාජාට විශාල බලයක් හිමිවීම වැළැක්විය නොහැකි යැයි කියාය.

ප්‍රශ්න ගොඩක්!

ජනාධිපතිවරයා සිය ලන්ඩන් සංචාරය අතරතුරදී සුබාෂ්කරන් අලිරාජා මුණගැසුණේ මෙවැනි පසුබිමක් රට ඇතුළේ මතුවෙමින් තිබියදීය. ඒ අනුව අප ඉකුත් මාර්තු මාසයේදී කළ හෙළිදරව්ව මෙම සිදුවීමත් සමග නිවැරැදි බව ඔප්පු වී තිබේ. ඒ අනුව දැන් බලා සිටීමට ඇත්තේ විමල් කී ආකාරයට ටෙලිකොම් සමාගම අලිරාජාට දෙනවාද, එසේත් නැත්නම් අප අනාවරණ කළ ආකාරයට ටෙලිකොම් ආයතනය සමග ලංකා හොස්පිට්ල් ආයතනයද අලිරාජාට ලබාදීමට කටයුතු කරනවාදැයි කියාය. එසේ වුවත් ටෙලිකොම් ආයතනය අලිරාජාට විකිණීම හරහා විපක්ෂය විසින් දැනටමත් ප්‍රශ්න ගණනාවක් මතුකොට තිබේ. ටෙලිකොම් සමාගම ලයිකා මොබයිල් හිමිකරු අලිරාජාට ලබාදීමට තීන්දුව ගත්තේ කවුද, ඒ කෙසේද, ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකළාද, ගනුදෙනුවේ වගන්ති මොනවාද, ගනුදෙනුව පසුපස සිටියේ කවුරුන්ද යන්න එහි ඉදිරියෙන්ම ඇති ප්‍රශ්නය.

මුජිබර් ගින්නක් පත්තු කරයි!

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මුජිබර් රහුමාන් මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. එහිදී මුජිබර් ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආණ්ඩුවෙන් ලබාදී ඇති නිවාස සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන තොරතුරුය. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග පසුගිය සතියේදී ගෝඨා දැඩි කලබලයට පත්ව හතර වටේටම දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ සම්බන්ධයෙන් යම් විමසීමක් කිරීමට පියවර ගත්තේය. අපට ඇති තොරතුරුවලින් කියවෙන්නේ ගෝඨා මුජිබර්ටද ඇමතුමක් ලබා දී ඇති බවය. ‘එහිදී ගෝඨා විමසා සිටියේ තමන් මේ වන විට දේශපාලනයෙන් ඉවත්ව සිටින බැවින් මෙවැන්නක් කරන්නේ ඇයිදැයි කියාය.

ගෝඨා කලබල වුණේ ඇයි!

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අපටද තොරතුරු වාර්තා වීමත් සමග අපද මුජිබර්ගේ වැඩෙන් ගෝඨාභය කලබලයට පත්වීමට හේතු සොයා බැලීමට පියවර ගත්තෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණු තොරතුරුවලින් කියැවුණේ ගෝඨාට ලබාදී ඇති මෙම නිලනිවස සහ ආරක්ෂාව පිළිබඳ කිසියම් නීතිමය ගැටලුවක් මතුවීමේ ඉඩකඩක් පැවතීම හෙයින් මෙසේ ගෝඨා කලබලයට පත්ව ඇති බවය.

කේස් එකක් දැම්මොත් කේස්!

දැනට පවතින නීතිය යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති ආර්යාවන්ට වරප්‍රසාද ලබාදී තිබෙන්නේ ව්‍යවස්ථානුකූලවය. ඒ, ජනාධිපතිවරුන් විශ්‍රාම යෑමෙන් පසු හෝ ධුරය දරන කාලය අතරතුර මියයෑමේ පදනම යටතේය. ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම පදනම යටතේ වරප්‍රසාද ලබාදිය හැකි නමුත් අතරමැදදී සේවය හැර ගිය ජනාධිපතිවරුන්ට මේ වරප්‍රසාද ලබාදීමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇතුළත්ව නොමැත. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයකු හෝ අතරමැදදී සේවය අතහැර ගියහොත් ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුප හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් හිමිවන්නේ නැත. ඒ අනුව කවුරුන් හෝ ගෝඨාට මේ ආකාරයට වරප්‍රසාද ලබාදීම අධිකරණය හමුවේ අභියෝගයට ලක්කළහොත් ඒ හරහා විශාල නීති ප්‍රශ්නයක් මතුවීමේ ඉඩකඩ වැඩිය. එම නිසා ගෝඨා පසුගිය සතියේදී මුජිබර්ටද කතාකොට මෙම උත්සාහය නවත්වාලීමට සාකච්ඡා කොට ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව ඉව වැටී තිබීම නිසා වන්නට පුලුවන. එමෙන්ම තමන්ට හිතවත් පුද්ගලයන්ටද කතාකොට ඇති ගෝඨා මෙම කටයුත්ත ඉදිරියට යෑම වැළැක්වීමට මැදිහත් වීමක් කරන ලෙස ඉල්ලා ඇති බවක්ද ආරංචිය.

ආවේ චමල් විතරයි!

මේ අතරවාරයේ ගෝඨාගේ උපන්දිනයද පසුගිය සතියේ යෙදී තිබිණි. ඒ වෙනුවෙන් නාරාහේන්පිට පන්සලක බෝධි පූජාමය පින්කමක් පැවැත්වූ අතර, ඊට රාජපක්ෂ පවුල වෙනුවෙන් චමල් රාජපක්ෂ මහතා පමණක් එක්වී සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ හැරුණු විට කිසිදු රාජපක්ෂවරයෙක් එම පින්කමට සහභාගි නොවී සිටීම පිළිබඳ රැස්ව සිටි අය අතරේ යම් යම් කසුකුසුවක් පැතිර ගිය ආකාරයක්ද දැකගත හැකි විය.

ආණ්ඩුවෙන් විශේෂ පණිවුඩ 2ක්!

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් සහ ප්‍රංශ සංචාර ආරම්භ කිරීමත් සමග ආණ්ඩුව පාර්ශ්වයෙන් පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන්ට පසුගිය සෙනසුරාදා විශේෂ පණිවුඩ දෙකක් යොමු කෙරිණි. ඉන් එක් පණිවුඩයක දැක්වී තිබුණේ මෙවැන්නකි.

පළමු එක මෙන්න!

‘2023 ජුනි මස 28 වැනි දින ප.ව. 5ට කොළඹ 01 ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වේ. ඒ සඳහා අනිවාර්යයෙන් සහභාගි වන මෙන් කාරුණිකව දන්වමි.’

දෙවැනි එක මෙන්න!

දෙවැනි පණිවුඩයේ සටහන් වූයේ මෙවැන්නකි.
‘එසේම 2023 ජුනි මස 30 වැනි දින සහ එම සති අන්තය විදේශගත වීම්වලින් වළකින් ලෙසත්, එම දිනවල පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡා සඳහා සහභාගි වීමට කොළඹ රැඳී සිටින ලෙසත් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩිදුරටත් දන්වමි.’

රට යන්නත් බෑ! කොළඹින් පිටවෙන්නත් බෑ!

මොහොතක් යෑමට මත්තෙන් ආණ්ඩුව විසින් මේ ආකාරයට හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් සහ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දීමක් කර ඇති බවට වූ පුවත අපටද දැනගන්නට ලැබිණි. ඒ අනුව ඉකුත් සෙනසුරාදා දිනයේදීම මෙම පුවත අඅඅගප්අර්ඒබැඅිගකන අප වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. එමෙන්ම එම සතියේ පාර්ලිමේන්තු රැස්වීමක් නොපැවැත්වෙන පසුබිමක 28 වැනි බදාදා දින හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවීම සම්බන්ධයෙනුත්, ජුනි 30, ජූලි 01 සහ 02 යන සති අන්ත දිනවලදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට විදෙස්ගත නොවී කොළඹ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා විසින් විශේෂ උපදෙස් ලබාදී තිබීම සම්බන්ධයෙනුත් අපිද වහාම ඒ පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තෙමු. ඒ අනුව අප මෙම පුවත පළකිරීමත් සමග හතර වටේම ගිය දුරකතන ඇමතුම්වලින් සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ මැති ඇමැතිවරු එකිනෙකාගෙන් විමසා සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

සජිත්ට තත්පර 48ක කෝල් එකක්!

ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප ජනාධිපතිවරයා ජුනි මස අවසන් සතියේ සිදුකරන්නට සැලසුම් කර ඇති කටයුත්ත පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම්ය. රනිල්ගේ මෙම සැලසුම එළියට ආවේ ලන්ඩනය බලා පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් දුරකතන ඇමතුමක් හරහාය. එම දුරකතන ඇමතුම සීමා වූයේ තත්පර 48කට පමණි. ඒ අනුව සජිත්ට ඇමතුමක් දුන් රනිල් තමන් විදෙස්ගත වීමට සූදානම් වන බවත්, එසේ විදෙස්ගතව සිට පැමිණි වහාම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට යොමුකොට සම්මත කරගැනීමට කටයුතු කරන බවත්, අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනුම් දී සිටියේය. මෙසේ කී රනිල් තවත් වැඩිදුර යමක් නොකියා දුරකතනය විසන්ධි කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

ගේම ගැහුවෙ කාලෙක සිට!

අපට ඇති තොරතුරුවලට අනුව නම් ජනාධිපතිවරයා මෙම සැලසුම දියත් කොට තිබුණේ අදක ඊයේක සිට නොවේ. පසුගිය කාලය පුරාම විපක්ෂයත්, විපක්ෂ නායක සජිතුත්, විපක්ෂයේ අර්ථික විශේෂඥයන් වන හර්ෂ, කබීර්, ඉරාන් යන තිදෙනාත් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම ලබාදෙන ලෙස ඉල්ලීම් කොට තිබිණි. නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගිවිසුම ඉදිරිපත් කළේ නැත. මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කොට ඡන්ද විමසන අවස්ථාවේදී පවා මෙම ගිවිසුම ලබාදෙන ලෙසට විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද එහිදීවත් මෙම ගිවිසුම ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. එම දිනවල පුවත්පත් පෙරළන අයකුට ඕනෑ තරම් ඒ සම්බන්ධයෙන් වූ ප්‍රකාශ බලාගැනීමට හැකියාවක් තිබේ. මීට අමතරව ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග ගිවිසුම අස්සන් කරද්දී රටට කීවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු නොකරන බවකි. ආණ්ඩුව පමණක් නොව, මහබැංකු අධිපතිවරයාද වරක් ඒ බව රටට කියා සිටියේය. නමුත් අවසානයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග එකඟතාවක් ඇතිකරගෙන තිබීම විශේෂ සිදුවීමකි. මේ සම්බන්ධයෙන් විපක්ෂය දිගටම ආණ්ඩුවෙන් ප්‍රශ්න කළද, ඒ සෑම අවස්ථාවකම ආණ්ඩුව දී තිබුණේ ලිස්සා යන ආකාරයේ පිළිතුරුය. වරක් ආණ්ඩුවේ මේ පිළිවෙත දැඩිව විවේචනය කරමින් සජිත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලොව රටවල් රැසක් ජාත්‍යනතර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් අස්සන් කළද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් එකඟ වී නොතිබුණු බවය. රටවල් රැසක නම් කියමින්ම ඊට උදාහරණ දැක්වීමටද සජිත් එහිදී කටයුතු කොට තිබිණි. එසේ තිබියදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව එකඟ වී තිබීම හරහා මෙරට බැංකු පද්ධතිය කඩාවැටීමේ අනතුරක් මතුව ඇතිවා පමණක් නොව, ජනතාව සතු අරමුදල් වූ සේවක භාරකාර අරමුදලත්, සේවක අර්ථසාධක අරමුදලත් බරපතළ අර්බුදයකට ලක්කර ඇති බව සජිත් එහිදී පෙන්වා දුන්නේය.

විපක්ෂයේ පිට තියලා කපන්න ලෑස්තියි!

ඒ අනුව ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් පමණක් කිරීමට ගොස් ජනතාවගෙන් තනිවම දොස් අහගන්නවාට වඩා විපක්ෂයද මීට එක්කොට ගෙන ජනතා විරෝධය හීන්සීරුවේ විපක්ෂයේ කරපිට ගැසීමය. එසේ කොට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එන අපවාදයෙන් අත පිහදා ගැනීමටය.

හර්ෂට දුන්නේ ඒකටද?

ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ මුදල් කමිටුවේ සභාපති ධුරය හර්ෂට ලබාදීමට පියවර ගත්තේම මෙම සැලසුමේ එක් අදියරක් ලෙසටය. මුදල් කමිටුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අමතරව සජබ, ජවිපෙ, දෙමළ සන්ධාන මන්ත්‍රීවරුද සිටිති. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මුදල් කමිටුව හරහා සම්මත කරගැනීමෙන් සමස්ත විපක්ෂයම ඊට එකඟතාව පළකොට ඇති බව පෙන්වීම ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ගිවිසුම් ගහලත් ඉවරයි!

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව දැනටමත් මූල්‍ය අරමුදලේ ගිවිසුම අස්සන් කර ඇති නිසා මේ ආකාරයට මෙම එක් එක් වගන්ති මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නැත. අනෙක් අතට ආණ්ඩුව දැනටමත් මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමට කටයුතු කොට ඇති නිසා දැනට ඉතිරිව ඇත්තේ එම යෝජනා ක්‍රියාත්මක කිරීම පමණි.

ෂැන්ග්‍රිලා හෝටලයේදී හොරේ එළියට!

කෙසේවෙතත් ආණ්ඩුවේ මේ සැලැස්ම පසුගිය දිනෙක ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති සුපිරි විවාහ මංගල්‍යයකදී එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ පිළිබඳ හොඳින්ම ඉව වැටී තිබුණු මූල්‍ය කමිටුවේද සිටින විපක්ෂයේ ප්‍රබලයකු මෙම මංගල උත්සවයේදී තමන් සිටි මේසයේ අසුන්ගෙන සිටි අනෙකුත් මැති ඇමැතිවරුන්ට සිනාසෙමින් කියා සිටියේ, ‘මුදල් කමිටුවේ සභාපතිකම හර්ෂට දුන්න එක නම් හරි. හැබැයි ආණ්ඩුව ඕක දුන්නෙ නිකන් නෙවෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මුදල් කමිටුවෙන් සම්මත කරගෙන ඒක විපක්ෂයේ ඇඟේ ගහන්නයි’ යැයි කියාය.

සජිත්ට නම් ඉව වැටිලයි තිබ්බේ!

මේ අතර ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ විපක්ෂ නායක සජිත්ට ඉව වැටී තිබුණේ මීට ටික කාලයකට පෙර සිටමය. ඒ නිසා ජනාධිපතිවරයාගේ සැලසුම ක්‍රියාත්මක වීමට පෙර සිටම සජිත් අඩියක් ඉස්සරහට තබමින් එම වැඩපිළිවෙළ ආණ්ඩුවේ පැත්තට පෙරළීමේ මෙහෙයුම ආරම්භ කොට තිබිණි. ඒ අනුව සජිත් මුලින්ම කළේ විපක්ෂයේ පක්ෂවල පොදු විධායක කමිටුව රැස්කොට මෙම මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමය. එහිදී විපක්ෂයේ පොදු විධායක කමිටුවේ සියලු මන්ත්‍රීවරු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට ඒකමතිකව විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණි.

සජබයත් විරුද්ධයි!

එපමණක් නොව, පසුගිය සඳුදා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කැඳවා මේ සම්බන්ධයෙන් අදහස් විමසීමටද සජිත් කටයුතු කළේය. එහිදී සජිත් රැස්වීම ආරම්භ කළේම රනිල්ගෙන් තමාට ලැබුණු තත්පර 48 ඇමතුම පිළිබඳ මන්ත්‍රීවරු දැනුවත් කරමිනි. රනිල් එහිදී තමන්ට දැනුම් දුන් කාරණා පිළිබඳ එකින් එක සිය මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළ සජිත්, මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳවද මන්ත්‍රී කණ්ඩායමෙන් විමසා සිටියේය. එහිදී පාර්ලිමේන්තු කණ්ඩායමම තීන්දු කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට විරෝධය පළ කිරීමටය.

හර්ෂ ඇවිත් හිටියේ නෑ!

කෙසේ වෙතත් මෙම රැස්වීමට මුදල් කමිටුවේ සභාපතිවරයා වන හර්ෂ සහභාගි වී සිටියේ නැත. ඒ, අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනුම්දෙමිනි. මේ හේතුවෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ මුදල් කමිටු රැස්වීම පවා අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි. එසේ නොවුණා නම් මේ යෝජනාව පසුගිය අඟහරුවාදා දින මුදල් කමිටුව හමුවට ගෙන ඒමට බොහෝ දුරට ඉඩකඩ තිබිණි. කෙසේ වෙතත් මේ වන විට සමගි ජන බලවේගය මෙන්ම විපක්ෂයේ සියලු පක්ෂ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට විරුද්ධ වීමට තීරණය කොට තිබීම නිසා ඊට පක්ෂව අත් ඉස්සීමට නියමිතව ඇත්තේ මුදල් කමිටුව නියේජනය කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පමණි.

පොහොට්ටුව මොනවා කරයිද?

මේ අතර යම් හෙයකින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වුණහොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කුමක් කරනු ඇද්ද? ඔවුන් කුමන තීන්දුවක් ගනු ඇද්ද? පසුගිය දින කිහිපය පුරාම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයට කැඳවීමට පියවර ගෙන තිබිණි. මෙහිදී දිස්ත්‍රික් නායකයන් සියලු දෙනාම පාහේ දැඩි මතයක හිඳිමින් බැසිල්ට පෙන්වා දී තිබුණේ ආණ්ඩුව පොහොට්ටුවට පොරොන්දු වූ ඇමැති ධුර ලබා නොදෙන්නේ නම් තවදුරටත් ආණ්ඩුව කියන කියන දේද නොකළ යුතු බවකි. විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් නායකයන්ට ඇමැතිකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම්, මෙම ඡන්ද විමසීමේදී නිහඬව සිටීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ මතය වී තිබිණි.

28 ඔක්කොම කියනවා!

එමෙන්ම ලබන 28 වැනිදා ජනාධිපතිවරයා කැඳවා ඇති හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී ආණ්ඩුවේ යම් යම් වැඩපිළිවෙළවලට පොහොට්ටුවේ විරෝධය පළකළ යුතු බවට මෙහිදී තීන්දු වී තිබේ.

නාමල් වෘත්තීය සමිති හමුවෙයි!

මීට අමතරව නාමල්ද පසුගිය සතියේ සිට අලුත් මෙහෙයුමකට අත තබමින් පොහොට්ටුවේ වෘත්තීය සමිති නායකයන් හමුවීමට පියවර ගෙන තිබිණි. නාමල් මෙසේ වෘත්තීය සමිති නායකයන් හමුවී සාකච්ඡා කළේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පිළිබඳවය. අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේම ආණ්ඩුවේ මෙම පෞද්ගලීකරණ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කිරීමට නාමල් කටයුතු කර තිබුණු අතර, වෘත්තීය සමිති නායකයන් සමග පැවැති සාකච්ඡාවේදීද නාමල් එම ස්ථාවරයම දරමින් ඊට එරෙහිව කටයුතු කළ යුතු බව පිරිසට දැනුම් දී සිටියේය.

චීනෙ ගිහින් එන එකක් නැද්ද?

මීට අමතරව නාමල් සෙනසුරාදා (24) දින සිට ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු සමග චීන සංචාරයක් ආරම්භ කිරීමටද නියමිතය. චීන පාර්ශ්වයේ ආරාධනාවකට අනුව සිදුකෙරෙන මෙම සංචාරයේදී බීජිං, නින්බෝ, ෂෙන්ෂෙන්, ගුවැන්ෂෝ යන නගරවලද මෙම පිරිස සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ලබන 30 වැනිදා ජනාධිපතිවරයා සියලු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ සිටින ලෙස සහ විදෙස්ගත නොවන ලෙසට උපදෙස් ලබාදී තිබුණත්, මෙය කලින් යොදාගත් සංචාරයක් නිසා සැලසුම් කළ පරිදිම චීන සංචාරයේ නිරත වීමට නාමල් දැඩි තීන්දුවක් ගෙන අති බවය. මේ බවක් තමන්ට කලින් දැනුම් දී නොතිබුණු නිසාත්, කල් තියාම චීන සංචාරය සැලසුම් කර තිබූ නිසාත් එය අත්හිටුවිය නොහැකි බව නාමල්ගේ ස්ථාවරය වී තිබේ.

11ක් එහෙමෙහෙ වුණොත් ඉවරයි!

කෙසේ වෙතත් මෙහිදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන ගැටලුව වන්නේ නාමල් සමග බහුතරයක් මන්ත්‍රීවරුන් මෙම සංචාරට එක්ව තිබීමය. මීට සති කිහිපයකට ඉහතදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට හිමිව තිබුණේ ඡන්ද 123ක් පමණි. ඒ අනුව යම් හෙයකින් ආණ්ඩුවේ ඡන්ද 11ක් එහා මෙහා වුවහොත් ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වන නිසා නාමල්ගේ චීන ගමන පිළිබඳව ආණ්ඩුවේ විශාල අවධානයක් යොමුව ඇති බවක්ද දැනගන්නට ඇත.

මහින්ද සයිලන්ස්!

මේ සියල්ල අතරවාරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් මේ දිනවල සිටින්නේ වැඩිය එළිපහළියට ඒමකින් තොරව විජේරාම නිල නිවසේමය. සාමාන්‍යයෙන් මහින්ද සැලකෙන්නේ ජනතාව අතර සිටින නායකයකු ලෙසය. මහින්දට මිනිස්සු නැතුව ජීවත් විය නොහැකි අතර, මිනිස්සු නොදැක ඉන්නවා කියන්නේ මහින්දට හරියට කෑවේ නැතිව ඉන්නවා වගේය. නමුත් මේ දිනවල නම් මහින්ද ජනතාව හමුවීමේ කිසිදු කටයුත්තක නියැලෙන්නේ නැත. ඒ වෙනුවට මහින්ද විජේරාම නිල නිවෙසේ රාත්‍රී කාලයේදී යම් යම් පිරිස් හමුවෙමින් සාකච්ඡා පවත්වමින් සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.

කොමිසම යළි සල්ලි ඉල්ලයි!

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විපක්ෂය විසින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිාධාන කිරීමට කටයුතු යොදා ඇති පසුබිමක පසුගිය සතියේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කලකට පසු මාධ්‍ය හමුවකට එක්විමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී පුංචිහේවා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කොමිසම සූදානමින් සිටින බවත්, ඒ සඳහා මේ සතියේදී මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙන ලෙසට නැවත වතාවක් ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බවත්ය. එමෙන්ම මේ වන විට රටේ ජනතාවට මැතිරණයක් අවශ්‍ය බව කියා සිටි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ජනතාව මැතිවරණයක් ඉල්ලන බවත්, මැතිවරණයක් නොදී සිටීමෙන් අනාගතයේදී අහිතකර පල විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර සිටියේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

බගවන්තලාවේ සිද්ධියට ඇමැති ‌ජීවන් අත දමයි! ‌ටවුම මැදදීම පොලිසියට සද්දෙ දමයි! වහාම පොලිසියේ අය මාරු කරන්න කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොඩි කාලයක් ඔහොම නටන්නකෝ! හැමදාම ඡන්ද නැතිව ‘අප්පුවා රජ වුණා වගේ’ යන්න බෑනේ! අපි ආවාම බලාගන්නම්! මාධ්‍ය මර්දනය කරන්න යන අයට ෆීල්ඩ් මාෂල් අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.