ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.Sri Lanka Latest News
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සම් අද (13) කැඳවා තිබුණි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.










