• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම රටක් අවුරුදු 2ක් තිස්සේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇදගෙන ගිහිල්ලා නෑ! ආණ්ඩුව ජනාධිපතිවරණය තියනකම් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ නෑ! මොකද එහෙම කළොත් ආණ්ඩුවට ණය ගෙවන්න වෙනවා! මේ නිසා IMF වාරිකය ලැබීමත් අවදානමක! VIDEO I Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරන බවට සාධාරණ සැකයක් ඇතිවන බවත් ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මී ලඟ වාරිකය මෙරටට අහිමි වීමේ අවදානමක් ද මතු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.04.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.Sri Lanka Latest News

ආණ්ඩුව මේ වන විට පාර්ශව තුනක් සමග ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ චීනය හැර ණය දුන් රාජ්‍යයන්ගෙන් සමන්විත නිල ණයහිමි කමිටුව, චීනය සහ බැඳුම්කර හිමියන්. චීනය සහ නිල ණයහිමි කමිටුව සමග එකඟතාවයන්ට එළැඹෙන්න ආණ්ඩුව සමත් වුණත් බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ සියළුම සාකච්ඡා අසාර්ථකයි. බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා. ඩොලර් බිලියන දොලහාමාරක් බැඳුම්කර ආයෝජනය කරලා එකින් එක නොගෙවා තිබිය දී මේ අයගේ පපුව ගිනි අරන්. 2022 ගෙවන්න තිබුණු ඩොලර් බැඳුම්කර වල එක ශතයක් තවම ගෙවා නෑ. තමන්ගේ මුදල් ගෙවන්නේ නැතිව හිර වෙලා තිබුණාම එතැන ආවස්ථික පරිවැයක් තිබෙන නිසා බැඳුම්කර හිමියෝ ප්‍රමාද පොලියක් බලාපොරොත්තු වෙනවා. 2023 දෙසැම්බර් 31 දිනට ප්‍රමාද පොලිය විතරක් ඩොලර් මිලියන 1,678ක් එකතු වෙලා තිබෙනවා. මේක දිනපතා ඉහළ යනවා.

බංකොලොත් බව ප්‍රකාශ කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි. තවමත් ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. කෝවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ බංකොලොත් වුණු රාජ්‍ය ගණනාවක් තිබෙනවා. ඊජිප්තුව, ඉතියෝපියාව, ඝානා, කෙන්යාව, ලෙබනනය, පකිස්තානය, ටියුනීසියාව, යුක්රේනය සහ සැම්බියාව ඒ අතරේ තිබෙනවා. මේ රටවල් අවුරුදු දෙකක් සාකච්ඡා කරමින් හිටියේ නෑ. ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වුණු වහාම තම මුදල් ගෙවීම සුළුවෙන් හෝ අරඹාවි කියා බැඳුම්කර හිමියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරනවාය කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මී ලඟ වාරිකය අහිමි වීමේ අවදානමක් දැන් මතු වී තිබෙනවා.

ලංකාවේ පසුගිය සමයේ සිදුවුණු බැඳුම්කර වංචාව වගේ ඩීල් වලින් උපයා ගත් කළු සල්ලි බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන බවට සමාජය තුල ප්‍රබල විශ්වාසයක් තිබෙනවා. එහෙම නම් බැඳුම්කර හිමියන් සහ ආණ්ඩුව අතර සාකච්ඡා කියන්නේ එකම පිල දෙපිල බෙදී කරන සාකච්ඡාවක්. අවසානයේ දී ගෙවන්නේ අපේ දුප්පත් ජනතාව විදෙස් රටවල දුක් විඳලා උපයන ඩොලර්. ඒ නිසා බැඳුම්කර හිමියන් සමග ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඒ ගිවිසුමේ අන්තර්ගතය ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. මේක ඩීල්ලන්තයනෙ. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

ජාතික ජන බලවේගය කාදිනල්තුමන් හමුවෙනවා. මේගැන මොකද හිතන්නේ.

පිළිතුර

කාදිනල්තුමන් මහමොළකරු සොයනවා. ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ හිටපු ඊබ්‍රහිම් නානගේ පුතාලා දෙදෙනා සහ ලේලිය මරාගෙන මැරුණ පිරිස්. මේ අය මෙහයවපු මහ මොළකරු ගැන හොදම අවබෝධය තියෙන්නේ ඊබ්‍රහිම් නානට. ඉතින් ජාතික ජන බලවේගය තමන් දන්න තොරතුරක් කියන්න ගියා වෙන්න පුලුවන්. ජීවිත තුන්සිය ගණනක් බිලිගත් මේ සංවේදී ප්‍රශ්නය දේශපාලන අත කොළුවක් කරගන්න එපා කියලා පක්ෂ විපක්ෂ සියලු දේශපාලන බලවේගවලින් අප ඉල්ල සිටිනවා. මෙය බෞද්ධයින් ආරක්ෂාව භාරව සිටියදී මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් කිතුනු බැතිමතුන්ට එල්ල කල ප්‍රහාරයක්. ආගම් 3ක් එකට ගැට ගැසුනු සංවේදී ප්‍රශ්නයක්. මේ වන විට 57 දෙනෙකුට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරා තියෙනවා. මේ 57 දෙනාට අයත් නොවන කවුරුන් හෝ මීට සම්බන්ද දඩුවම් ලැබියයුතු පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ සම්බන්දයෙන් තමන් ලග ඇති සාක්ෂි පොලීසියට බාරදෙන්න. නිකං මාධ්‍ය සංදර්ශන තියලා වැඩක් නෑ.

ප්‍රශ්නය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයෙක් පත්වෙනවා. විජයදාස රාජපක්ෂ මහත්තයා. ඔබතුමා කොහොමද මේක දකින්නේ.

පිළිතුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති ගත්තොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි මෙරට ජාතිකත්වයේ පක්ෂය. දේශප්‍රේමීත්වයේ පක්ෂය. ඒ ජාතිකත්වයේ මතවාදය කුඩුපට්ටම් කරලා කුණුකූඩයට දාපු චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල මහත්මයා වගේම විජයදාස රාජපක්ෂ මහත්තයත් මේ රටේ ඇමතිවරයෙක්. ආණ්ඩුවේ සාමාජිකයෙක්. ප්‍රථිපත්තිමය වශයෙන් දෙපාර්ශවය අතර වෙනසත් තිබුනත් අවසානයේ දෙගොල්ලම ආන්ඩුවේ ඇමතිවරු. ඒ නිසා රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක වෙනස් වෙන්න නම් විජයදාස රාජපක්ස මහත්තයා ඇමතිධූරයෙන් ඉවත්වෙලා විපක්ෂයේ දේශපාලනයට එක්විය යුතුයි.

මෙම මාධ්‍ය හමුවේදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් අංජන උදාර මහතා ද අදහස් දැක්වූ අතර පක්ෂයේ වත්තල ආසන සංවිධායක නන්දන ජයලත් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.

SendShareShare
Previous Post

ආනයන තහනම අස්සේ සත පහක බද්දක් ගෙවන්නේ නැතිව සුපිරි මොන්ටේරෝ-ලෑන්ඩ්කෲසර් ඇතුලු කෝටි ගණන් වටිනා වාහන 112ක් හොරෙන් ගෙන්නූ කෙළිකාරයා කව්ද? වැඩේට සම්බන්ධ නිලධාරීන් කව්ද? I Sri Lanka Latest News

Next Post

BMICH එකේ තියපු ක්ෂුද්‍ර-කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හමුවට විපක්ෂයේ පක්ෂ නායකයන් එක්ක විපක්ෂනායක සජිතුත් එකතු වෙයි! ක්ෂේත්‍රය ගොඩනගන විදිහ ගැන නව ව්‍යාපාර මිලියනයක් හදන විදිහ ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.