නිසි පරිදි බදු නොගෙවා රේගුවෙන් නිෂ්කාශනය නොකර ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 112ක් වෙනත් පාර්ශවලට පැවරීමට තහනම් කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා.Sri Lanka Latest News
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කලා.
රුපියල් කෝටි හතරේ සිට හය දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ ,ලැන්ඩ්කෲසර්,අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර් රථ ඇතුළු වාහන 112ක් හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝග නිකුත් කලා.
කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් අනතුරව මෙම වංචාව පිළිබඳ අණාවරණය කරගත් බව ද විමර්ශන නිළධාරීන් අධිකරණයට පැවසූවා.
මෙම වංචාව හේතුවෙන් රජයට අතිවිශාල මුදල් අහිමි වී ඇති බව ද අධිකරණයෙ අවධාරණය කලා.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඉදිරි දින විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කල අතර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අවවාද කලා.