මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීම සදහා වූ ඡන්ද විමසීම හෙට පැවැත්වේ.
අද දිනයේ ආණ්ඩුවට පක්ෂව සිටින මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රත්තරන් කිලෝ තුනහමාරක් සමග කටුනායකදී රේගු භාරයට පත්වීම හේතුවෙන් හෙට දින ඡන්ද විමසීමට ඒ මහතාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක තිබේ.
ඒ අනුව මෙම ඡන්ද විමසීම තවත් උණුසුම් වනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.










