මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෙරිණ. Sri Lanka Latest News
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කරනු ලැබුවේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසිනි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළ කළේ ය.
ජනාධිපතිවරයා පත් කරන කොමිසමක් මගින් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ඔන්ලයින් ප්‍රකාශන මර්දනය කිරීමට අදාළ නව නීති පැනවීම මෙම පනතට ඇතුළත් ය.
එම කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා පත් කරන කොමිසමේ නියෝග මත සමාජ මාධ්‍ය ගිණුම් ඇතුලු ඕනෑම ඔන්ලයින් ප්රකාශනයක් තහනම් කිරීමට හා අවහිර කිරීමටත් එම ප්‍රකාශන සම්බන්ධයෙන් සිරඳඩුවම් නියම කිරීමටත් නීති පැනවීමට යෝජනා කර තිබේ.










