• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක ළමා දිනය වැඩක් ඇති විදිහට සැමරුවේ සජිත් විතරද? උදේ පාසලකට බස් රථයක් පරිත්‍යාග කළා! හවස කැස්බෑවේ පාසලක දරුවන්ට සුහුරු කාමරයක් පරිත්‍යාග කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 3, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ලෝක ළමා දිනය වැඩක් ඇති විදිහට සැමරුවේ සජිත් විතරද? උදේ පාසලකට බස් රථයක් පරිත්‍යාග කළා! හවස කැස්බෑවේ පාසලක දරුවන්ට සුහුරු කාමරයක් පරිත්‍යාග කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රටේ දේශපාලනකයන් ගැන වැඩිහිටියන් හොඳට දැන ගත්තත් ළමා පරපුර දන්නේ නැති හෙයින් ඒ සම්බන්ධයෙන් ළමයින් දැනුවත් කිරීමේ කාලය එළඹ ඇති බවත් පාසල්වල අඩුපාඩු මතුවන විට ඒවා වගකිවයුතු පාලකයන්ගෙන් ඉල්ලා සිටින විට ඔවුන් රටේ මුදල් නැති බව පැවසුවත් ඔවුන් දින කිහිපයකට වතාවත් විදේශ සංචාරවල නිරතවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා හා රාජ්‍ය නිලධාරින් එම සංචාරවලට යාම අනුමත කළ හැකි වුවත් රට බංකොලොත් කළ පුද්ගලයන් එම දූත කණ්ඩායම් සමඟ යාම අනුමත කළ නොහැකි බවත් ඒ අය වෙනුවෙන් ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කළත් පාසල් දූදරුවන්ට දිවා ආහාරය ලබා දෙන්න පරිගණක ලබා දෙන්න මුදල් නොමැති බවත් මේවා සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කරන විට පාසලේ දේශපාලනය කතා කරන බවට මඩ ව්‍යාපාර නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමන්ට හිතවත් දේශපාලන ගජමිතුරන් විදේශ සංචාරවල ගෙන යන ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරවල සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පාසල් ළමුන් පවා දැනුවත් විය යුතු බවත් මොවුන් දේශපාලනය කතා කරන්න එපා කියන එකෙන් සිදු වන්නේ දරුවන්ගෙන් පවා හොරකම වංචාව දුෂණය සැගවිම බවත් මේ තොරතුරු සගවන දේශපාලන ක්‍රමය තුළ රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 34 වැනි වැඩසටහන යටතේ කැස්බෑව ඇරැව්වල විද්‍යාලෝක මහ විද්‍යාලය වෙත සුහුරු පන්ති කාමර උපකරන ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි. මෙම වැඩසටහන් 34 සදහා ලක්ෂ 300කට මුදලක් මේ වන විට සමගි ජන බලවේගය විසින් වැය කර තිබේ.

රට තුළ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීමේ අරමුණින් දැනුමට මුල් තැන ලබා දී සුහුරු පන්ති කාමර උපකරණ හා ශබ්ධකෝෂ ලබා දෙන බවත් දේශප්‍රේමීත්වය දේශානුරාගය මත එක භාෂාවකට සීමා විය යුතුය යනුවෙන් විවිධ මත පවතින බවත් ඒ තුළින් නිපුණතාවෙන් දක්ෂතාවෙන් යුත් දරු පරපුරක් බිහි වීම නතර වන බවත් මේ වන විට එළැඹ ඇත්තේ දූපත් මානසිකත්වයෙන් මිදී බොරු පුරසාරම් දොඩන යුගය අවසන් කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ අනන්තවත් ප්‍රශ්න තිබිය දී දේශපාලන වාසිතකා මන්ත්‍රීවරුන් පිටරට සවාරි ගෙන යාම රටට සිදු කරන මහා දේ‍රා්හි කමක් බවත් මෙවන් තත්ත්වයක් මත 3 වැනි වතාවටත් විදුලි බිල වැඩි කිරිමට සූදානම් බවත් මොවුන් තවමත් අයි.එම්.එෆ් ගිවිසුමේ කොන්දේසි පවා තවම ජනතාවට ඉදිරිපත් කර නොමැති බවත් මේ සෑම දෙයකටම රජයෙන් නිසි පිළිතුරක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන්න තියෙන දෙවැනි වාරකය පවා තවම නොලැබුණු බවත් එයට හේතුව රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ නොවු නිසා බවත් එයට එක් හේතුවක් වන්නේ බදු පරිපාලනයේ දුර්වලතා බවත් ඒ නිසා ප්‍රමාණවත් රාජ්‍ය ආදායම අහිමි වි ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තම දේශපාලන හිතවතුන්ට තමන්ට රිසි සේ බදු සහන ලබා දී ඇති බව යි. එක්තරා මත්පැන් නිෂ්පාදන ආයතන 2කට බදු සහන ලබා දීම නිසා රජයට රුපියල් බිලියන 1.7ක් අහිමි වී ඇති බවත් මේ සම්බන්ධ කටයුතු කරන රාජ්‍ය නිලධාරින් පවා සමහර මහාපරිමාණ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්ට බිය වී කටයුතු කරන බවත් මේ නිසා රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපේ රටේ බදු පරිපාලනය ශක්තිමත් කිරිමට නම් ඩිජිටල්කරනය කළ යුතු බවත් එසේ සිදු කිරීමට උත්සාහ කළහොත් ඊට විරුද්ධව උද්ඝෝෂණ සිදු වන නමුත් ඩිජිටල් පරිපාලන ක්‍රමයක් ඇති කළ හොත් හොරකම. වංචාව, කොමිස් නතර වන බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුවට හරියට ත්‍රිපෝෂ සහනාධාරය පවා ලබා දිය නොහැකි වි ඇති බවත් මේ වන විට ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පවා විකිණිමට සූදානම් බවත් මේ රජයට ජනතාවගේ දුක නොතේරෙන බවත් පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් ඇත්ත කතා කර සත්‍ය අවබෝද කර ගතයුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වැඩිහිටි දිනය දවසේ රාජ්‍ය සේවයේ සුවිශේෂි සේවාවක් කළ පිරිසක් විශ්‍රාම ගියත් 2016න් පසුව විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප ගලපන්න බැරි යුගයක අප සිටින බවත් විශ්‍රාම සුවයෙන් ගත කරන ඒ ජනතාවට ලැබිය යුතු ඉහළ පොලි ආදායම ලැබී නොමැති බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් එයට බලපෑම් සිදු කර ඇති බවත් සුපිරි පොහොසතුන්ට තවත් වාසි ලබා දෙමින් වැඩ කරන ජනතාවට කැපකිරිම් සිදුකිරීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

හැම අතින්ම මුල් තැන දරුවන්ට යනුවෙන් රසවත් වදන් රැසක් දේශපාලන නායකයන්ගෙන් අසන්න ලැබුණත් රට පාලනය කරන පාලකයන්ගේ වැරදි නිසා ජනතාවත් දරුවනුත් අමාරුවේ වැටි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත වන විට සමගි ජන බලවේගය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා ලක්ෂ 3892ක් වැය වී තිබේ. එසේම තවත් රජයේ පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ. ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ හා ඖෂධ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

සංගාට තවත් ලොකු තනතුරක්! Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍ය මර්දනය කරන බවට චෝදනා එල්ල වෙන ඔන්ලයින් කෙටුම්පත ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.