හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.Sri Lanka Latest News
අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා වරෙන්තු නිකුත් කළේ ය.
ඒ, 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.
අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය.
මේ අතර, අධිකරණය මඟහරින වරෙන්තුකරුවන්ගේ දේපල පවරා ගැනීමට කටයුතු කරන බව, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.
ඔහු අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කිරීමට තරාතිරම අදාළ නොවන බවයි.










