• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂවල තියෙන අරමුදල් ආපදාවට! සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙන් නායකයන්ට යෝජනාවක්! Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පක්ෂවල තියෙන අරමුදල් ආපදාවට! සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙන් නායකයන්ට යෝජනාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් දහස් ගණන් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවල අරමුදල් ප්‍රමාණවත් බව පූජ්‍ය සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාලිමාව ඇතුළු දේශපාලන පක්ෂවල අරමුදල් යොදවා බිඳවැටුණු රට යථා තත්ත්වයට ගෙනආ හැකි බවයි. Sri Lanka Latest News

‘මේ ඇතිවෙච්ච ප්‍රශ්නය සුනාමියට වඩා බරපතළයි. ලොකු ඛේදවාචකයක්. ඒ මිනිස්සුන්ට ලේසියෙන් නැගිටින්න බෑ. එහෙම මිනිස්සුන්ට නැගිටින්න මුලින්ම අවශ්‍ය මොකද්ද? මනස ධනාත්මක කිරීම. නමුත් මේ රටේ මේ වෙනකොට එහෙම මනස ධනාත්මක වෙන කිසිම වැඩපිළිවෙළක් පහුගිය අවුරුද්ද තුළ ක්‍රියාත්මක වෙලා නෑ. මූසලයි.
කොච්චර සල්ලි දීලා ගියත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මේක හැන්ඩ්ල් කරන්න. ඒ නිසා මේක අපි කරන්න නරකයි. මේ වෙලේ අපි කරන්න ඕන, මොන ආණ්ඩුව වුණත් කරන්න ඕනෙ මිනිස්සුන්ට අවෙයානස්. උත්ථානය ඇතිකරවන්න ඕනෙ. මරණයෙන් මිනිස්සු නැගිට්ටවන්න ඕනෙ. මරණයෙන් නැගිට්ටවන්න පණ තියෙන එකෙක් ඕනෙ. නැගිට්ටවන්න ඉන්න එවුනුත් මැරිලා නම් කවුද නැගිට්ටවන්නේ දැන්? කවුද උත්ථාන කරවන්නේ? මේක තමයි ඇත්ත තත්ත්වය. කවුරුත් මේක කියන්න බයයි. මම ඉතින් කට කැඩිච්ච කතා එදා ඉඳලා කොහොමත් ඕනෙ එකෙක්ගේ කොන්ද කැඩෙන්න, බෙල්ල කැඩෙන්න කියනවා. රජය සම්පූර්ණ අසාර්ථකයි.

බීබීසී එකේ නොවැම්බර් මාසෙ විසිපස් වැනිදා, අපි හැමදාම උදේට බීබීසී බලන්නේ. මට ඔය දවස් ටිකේ බලන්න වුණේ නෑ මම ලංකාවේ හිටියෙ නැති නිසා. මම හිටියේ ඔස්ටේ්‍රලියාවේ. මම හිටිය නම් අනිවාර්යයෙන් දානෙ වළඳනකොට ඔය ටික බලපු ගමන් වීඩියෝ එකක් හරි දාලා කෑගහලා කියනවා මේකෙ මෙහෙම කිව්වා කියලා. ඒ මිනිස්සු හරියට මේක පැහැදිලි කරනවා. මිලිමීටර් 300, 400, 500 වැසි ලංකාවට ඉදිරි දවස් කීපය තුළ ඇතිවෙයි කියලා.

කෝ බීබීසී බලපු එවුන්? මේක කිසිම වගකීමක් නැති පාලකයන්ගේ වැඩ. මේ වෙලේ මොනවත් කරන්න ඕනෙ නෑ. ඔය එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අරමුදල බර ගානක් තියෙනවා. මිනිස්සුන්ගෙන් එකතු කරන්න ඕනෙ නෑ. පොහොට්ටුවේ තියෙනවා. සජබෙ තියෙනවා. ලොකුම පක්ෂ අරමුදල තියෙන්නේ මාලිමාවට. ඔය හතර එකතු කළා නම් ඇති තමුසෙලා සතයක්වත් දෙන්න එපා. තමුසෙලාගෙන් එකතු කරලා උන් වැඩ කරනවා. උන්ගේ ටික බැංකු පොත්වල හංගගෙන ඉන්නවා. මොනවද මේ මජර තක්කඩි වැඩ? හැමදාම උන් එකතු වෙලා උඹලව රැවැට්ටුවා. ඔක්කොම එකතු වෙලා. උඹලට අපි කිව්වහම උඹලා අපට බැන්නා. ඔච්චරයි කළේ.

මේ වගේ අනාථ වෙච්ච, අනාථ මඩමක් ගොඩදාන්න ඉන්න ඕනෙ මොළේ තියෙන, ඇඟපත හයිය තියෙන, කට තියෙන, කෙළින් වැඩකරන, හොරකම් කරන්නේ නැති, බොරු කියන්නේ නැති, අවංක මිනිස්සු. එහෙම එවුන් මේකේ නෑ. ඉන්න එවුන් ඔක්කොම රටින් එළියට ගිහිල්ලා. ඒ නිසා අපි අපිට පුළුවන් අරමුදල් අපි එකතු කරමු. අපි එකතු කරලා අපේ වැඩේ කරමු. ඒ වගේම අපි බලකරමු ඔය ඔක්කොම ලොකු ලොකු පක්ෂවල එවුන්ට එකතු වෙලා සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා, ඔක්කොම ආධාර ටික එක තැනකට දාලා, ලොකු ෆන්ඩ් එකක් හදන්න. මමත් අනුශාසක වෙන්නම්. මිනිස්සුන්ගෙ ගෙවල් ටික හදලා දෙමු. අධ්‍යාපනය දෙමු. පස්සෙ අපි පක්ෂ අරමුදල එකතු කරමු.

මේකට හැමෝම මට බණිනවා. එකෙක්වත් හොඳ කියන්නේ නෑ. ඒ වුණාට මම කියපු එක හරි. මේකේ ගොඩගන්න ලේසි නැති ප්‍රශ්නය, මේකේ කඩා වැටිච්ච ගෙවල් හදන එක ලේසියි. අර කඳු ටික ආයි තිබ්බා වගේ බැකෝ ගෙනිහිල්ලා හදන්න පුළුවන්. පාරවල් ටිකට පස් දාලා තළලා තාර දාලා ආයේ හදන්න පුළුවන්. ඒ වුණාට මිනිස්සුන්ගෙ බිඳවැටිච්ච මනස හදන එක ලේසි නෑ. සමස්තය අසාර්ථකයි. බීබීසී එකවත් එකෙක්වත් බැලුවා නම්…, තමුසෙලාත් වගකියන්න ඕනෙ දෙකෝටි විසි ලක්ෂයක්. එකෙක් බීබීසී බලල නෑ.
මේ රටේ තියෙන අවාසනාව තමයි අවුරුදු තුනකට හතරකට සැරයක් මොකක් හරි හෙන පතයක් වැටෙනවා. මොකක් හරි. එක්කො බෝම්බයක් හරි ගහනවා කොහෙන් හරි ඇවිල්ලා. නැත්තන් කොහෙ හරි යන චන්ද්‍රිකාවක් හරි කඩාගෙන වැටෙනවා. ඒ රටේ මිනිස්සුන්ගෙ අවාසනාවක් තියෙනවා. ඒ මිනිස්සු අනිත් මිනිස්සුන්ට වෛර කරනවා හැම තිස්සෙම. තරහින් ඉන්නේ. පුපුරනවා. පාලකයොත් එහෙමයි. පාලකයෝ බොරු කියනවා, කිවිල්ලක්… දෙවියන්ටත් අහගෙන ඉන්න බෑ.

මේ තියෙන මජර පාලන තන්ත්‍රය හා ක්‍රමවේදය සමස්තය විනාශ කළා. මේ රටේ මිනිස්සු අනුන්ට ඊර්ෂ්‍යා කරනවා හරියට. වෛර කරන ජාතියක්. මිනිස්සුන්ට ආදරේ කරන්නේ නෑ. ඒ ස්වභාදහම කම්පා වෙන්නේ ඒකයි. අවුරුදු තුනකට සැරයක්වත් මොකක් හරි කුණ්ඩවාලියක් වැටෙනවා. මොකක් හරි වැටෙනවා. මොකක්වත්ම නැත්නම් කොහෙ හරි යන චන්ද්‍රිකාවක් හරි ඇදගෙන වැටෙනවා. එහෙමත් නැත්නම් උල්කාපාතයක් හරි… කොහෙ හරි ඇන්ඩ්‍රොමිඩා එහා පැත්තෙ තියෙන එකක් හරි ඇවිල්ලා මේකට වැටෙනවා. ඒ මේකෙ උන් කරන වැඩ නිසා.

මම කියන්නේ අපි සිත මැදට ගත්ත මිනිස්සු හදන්න ඕනෙ. බුදුන්ගේ ඉගැන්වීම ඒකයි. සෝතාපත්තිය තමයි උත්තරය. එහෙම කරලා ඒ අතර මිනිස්සුන්ගෙ භෞතික සම්පත් දියුණු කරන්න අවශ්‍ය කරන මග හදන්න ඕනෙ. ඒ වගේම ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබෝධමත් කරන්න ඕනෙ. විපතක් වුණාම ජීවිතේ ගොඩනගා ගන්නේ කොහොමද කියලා උගන්නන්න ඕනෙ.

දැන් අපි කරන්න ඕනෙ, අපි එක එකාට බැන බැන කාලකණ්ණි කරන්නේ නැතුව, අපිට පුළුවන් පුළුවන් විදියට අපි එකතු කරලා, විශේෂයෙන් මෙතැන අධ්‍යාපනය වෙනුවෙන් අපි උදව් කරන්න ඕනෙ අනිවාර්යෙන්ම. මිනිස්සුන්ට නිකන් කන්න දෙනවට මම එදා ඉඳලම විරුද්ධයි. මිනිස්සුන්ගෙ ව්‍යවසායකත්වය හදන්න ඕනෙ. මිනිස්සුන්ට මාළු දෙනවට මම විරුද්ධයි. මම කියන්නේ මිනිස්සුන්ට බිලීපිති දෙන්න කියලා. ඒ වුණාට මම කියන එක එකෙක්වත් කරන්නේ නෑ.

අපි ලක්ෂ 50ක් හෝ 100ක් එකතු කරමු. අපි ඒකෙන් අපි ළමයින්ට පොත්පත් දෙමු. අවශ්‍ය දේවල් ඉටු කරමු. නවත්තන්නේ නැතුව… කොහොමත් මම නවත්තන්නේ නෑනේ පටන් ගත්තොත්… ඒ නිසා ඕක ඔක්කොම එකතු වෙලා අපි මේ පටන් ගත්ත යහපත් වැඩේ සාර්ථක කරමු. අධ්‍යාපනය වෙනුවෙන් අපි අපේ දායකත්වය ඉදිරි වසර තුළ අවශ්‍ය සියලු දෙනාටම ලබාදෙන්න. අපි ධනවත් වෙමු. ශක්තිමත් වෙමු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමෝම උදව් කරන්න කියලා ඉල්ලනවා.’

චානක ලියනගේ

SendShareShare
Previous Post

සුළි කුණාටුව ගැන 4 පාරක් ලංකාවට කිව්වා! ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා Indian Express පත්තරයට කියයි! Sri Lanka Latest News

Next Post

ගංවතුර මැද්දේ පපුවටම වැදුණු බලු කතා දෙකක්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.