• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුර මැද්දේ පපුවටම වැදුණු බලු කතා දෙකක්! Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගංවතුර මැද්දේ පපුවටම වැදුණු බලු කතා දෙකක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුළු ලංකාවටම දිට්වා කුණාටුව එකසේ බලපෑවා. හැම දිස්ත්‍රික්කයක්ම හැම අස්සක් මුල්ලක්ම වගේ මේ අවදානම් තත්ත්වයට මුහුණ දුන්නා. සමහර පවුල්වල දරුවෝ ඉතිරි වෙලා මවුපියෝ නැතිවුණා. සමහර පවුල්වල මවුපියෝ ඉතිරි වෙලා දරුවන් නැතිවුණා. සමහර පවුල්වල මේ සියලු දෙනාගේ ජීවිත අහිමි වුණා. මේ අතරින් වැඩියෙන්ම නායයෑම් ප්‍රමාණයක් වාර්තා වුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙනුයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මස්පැන්න ගමේ බොහෝ දෙනෙක්ට නායයෑම නිසා දිවි අහිමි වුණා.
මුළු ලංකාවටම මේ දිට්වා කුණාටුව බලපෑවත් වැඩිම බලපෑමක් එල්ල කලේ බදුල්ල දිස්ත්‍රික්කයටයි. වැඩිම නායයෑම් ප්‍රමාණයක් වගේම වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණෙත් බදුල්ල දිස්ත්‍රික්කයටයි. බදුල්ල දිස්ත්‍රිකයේ මස්පැන්න කන්ද එකම පස් ගොඩක් බවට පත්වෙලා තිබෙනු දැකගන්නට ලැබුණා. පයින්වත් යන්නට නොහැකි තරම් පස් ගොඩවල් බවට මේ ප්‍රදේශය අද පත්වෙලා. මේ ගමේ කවුරුවත් දන්නේ නැහැ කීදෙනකුගේ ජීවිත අහිමි වෙලාද කියලා. මොකද එකම පස්ගොඩක් බවට පත්වෙලා.
අපි අහලා තියෙනවා මිනිස්සුන්ට වඩා ගුණයක් බල්ලන්ට තියෙනවා කියලා කතාවක්. මේ කතාවත් ඊට සාක්ෂි දරනවා. මස්පැන්න ප්‍රදේශයේ බලු සුරතලකුගේ ඉව නිසා ජීවිත ගණනාවක් බේරාගැනීමට හැකියාව ලැබී තිබීම සතුටට කරුණක් වගේම වාසනාවක්.Sri Lanka Latest News

පසුගිය 27 වැනිදා සිදුවූ නායයෑමෙන් මේ ගමේ මිනිසුන්ගේ ඉරණම වෙනස් වන්නට ගතවුණේ තප්පර කිහිපයයි. මස්පැන්න ප්‍රදේශයේ හැම අස්සක් මුල්ලක්ම පස්වලින් වැසී ගියා. මේ ගමේ ගෙදරක ඇතිදැඩි කළ ‘චූටි’ නමැති බලු සුරතලෙක් නිසා ඒ ගෙදර සියල්ලන්ටම වගේම අසල්වැසි නිවෙස් කිහිපයකම සාමාජිකයන්ට දිවි බේරාගැනීමට හැකියාවක් ලබුණු බව අහන්න ලැබීම සතුටක්. නිවෙසේ ගෘහ මූලිකයා වුණේ ටී.එම්. තෙන්නකෝන් මහතායි. ඔහු තමයි ‘චූටි’ නමැති සුරතලා හදාවඩාගෙන ඌට අවශ්‍ය ආහාර පාන ලබාදුන්නේ. ‘චූටි’ නිසා මේ ගමේ පවුල් 30ක් පමණ බේරාගැනීමට හැකිවූ බවයි තෙන්නකෝන් මහතා පවසන්නේ.

තෙන්නකෝන් ‘චූටි’ නමැති බලු සුරතලා තම ජීවිත බේරාදීම ගැන විස්තර කළේ මෙලෙසයි.
‘එදා හැන්දෑවේ 6.50ට විතර චූටි සෑහෙන්න කෑගැහුවා. මගේ චූටි නැත්නම් ඉවරයි. එදා දොරට ගහලා ගහලා කෑගැහුවා. කුස්සියේ දොරට ගැහුවා. මම හිතුවේ ඇතුළට ගන්න කියලා. මම ඊට පස්සේ කිව්වා මේකගෙන් අද හරියන්නේ නැහැ. වැස්සත් එක්ක අපි ගේ ඇතුළේ තියාගමු කියලා ගෙට ගන්න හැදුවේ. ගන්න ආවාම මෙයා බුරාගෙන යනවා මිසක් ගෙදරට ආවේ නැහැ. මම හිතුවේ හොරෙක් ඇවිල්ලා කියලා. චූටි තමයි අපේ මේ හරියේ ගැළවුම්කාරයා…’

‘ඊට පස්සේ තමයි මම එළියට ආවේ. මම ටෝච් එක ගහලා බලනකොට කන්ද පහළට එනවා. විනාඩි 15ක් ගියේ නැහැ කන්ද පහළට එන්න. මම කෑගහලා කිව්වා නාය එනවා මේ පැත්තට අපි දුවමු…. අපි දුවමු… කියලා. එතකොට ගොඩාක් දෙනෙක් දැනගත්තා නායයනවා කියලා. මේ බල්ලා නොහිටින්න ජීවිත 20ක් විතර නැති වෙනවා.’
‘මම කෑගහලා කිව්වා ගෙදර ඉන්න ඔක්කොටම එළියට එන්න කියලා නාය එනවා කියලා. මම කෑගැහුවා. මෙතැන එකොළොස් දෙනෙක් හිටියා. ඒ එකොළොස් දෙනයි මෙතැන මමයි නෝනයි අතන ගෙදර දරුවෝ ටිකත් මම ගෙන්නගෙන වැඩි ආරක්ෂාවට මෙතනට මගේ නැන්දම්මා අරගෙන ගියා. එදා රෑ ඔය බල්ලා කතා කළේ නැත්නම් එළියට එන්නේ නැහැ අපි කවුරුවත්. එහෙනම් අපි නිදාගන්නවනේ…’

‘අපි බොහෝම අමාරුවෙන් දියුණු කරගත්තු ටවුම අපට නැතුව ගියා. අපට දුක ඒකයි. මුළු ලංකාවෙම මස්පැන්න කිව්වාම යන්න බස්තියනවා මෙතැන. ඒ එක බස් එකක්වත් අද වෙනකොට දුවන්නේ නැහැ…’
තෙන්නකෝන් මහතා පවසන්නේ ‘චූටි’ කෙරෙහි තිබූ ආදරය තවත් වැඩිවූ බවයි. “චූටි’ නැත්නම් අපේ ගෙදර තියෙනවා කියලා අපට විශ්වාසයක් කරන්න බැහැ. එයා අපට සංඥාව දුන්නා. ජීවිත බේරගත්තා. මෙයා අපට දරුවෙක් වාගේයි’ යනුවෙනි.
තෙන්නකෝන් මහතා තම ඔඩොක්කුවේ හුවාගෙන ‘චූටි’ව සුරතල් කරනු දැකීමෙන් අපේ නෙතටද කඳුළක් ගෙනදුන්නා.
මේ ප්‍රදේශයට විශාල දේපළ හානියක් සිදුව ඇති බව දක්නට ලැබුණා. තැපැල් කාර්යාලය, වෙළෙඳසල් 13ක්, නිවාස 02ක්, බස් රථ 04ක් සහ මස්පන්න නගරයේ බස් නැවතුම්පළට දැඩි ලෙස හානි සිදුව තිබෙනු දක්නට ලැබුණා.

මේ අතර, තවත් බලු සුරතලකු තමන් ජීවත් වූ නිවෙසේ සාමාජිකයන් නායයෑමට හසුවූ පස් කන්දට මතට වී ශෝකාකූලව සිටීම දැකගන්නට ලැබීම තවත් හද කම්පා කරන සිදුවීමක් වුණා. තමා ජීවත් වූ පවුලේ හත්දෙනාම මේ නායයෑමේ ඛේදවාචකයට ගොදුරුව දිවි අහිමි වී තිබුණා. මේ බලු සුරතලාට පමණක් ජීවත් වීමට වාසනාව ලැබී තිබුණත් තමන්ගේ හාම්පුතා ඇතුළු නිවෙසේ පිරිස අහිමි වීම මේ බලු සුරතලාට දරාගැනීමට නොහැකිකමෙන් වේදනාවට පත්ව ඔවුන් යටවූ පස්ගොඩ මතට වී බලා සිට තිබුණා. මේ නිසා මේ පවුල ගැන සෙවූ පුද්ගලයන්ට ඒ පිළිබඳ තොරතුරක් සොයාගැනීමට පහසුවී තිබුණා. මේ නායයෑම සිදුව තිබුණේ මාතලේ පල්ලේපොල අම්බොක්ක කියන ගමේයි. මේ ප්‍රදේශයේ නායයෑමට මුහුණපෑ අයගේ සොයාගත් සිරුරු මිහිදන් කර තිබුණා. මේ මියගිය හත්දෙනාගේ පවුලේ තවමත් සොයාගැනීමට නොහැකි වූ සිරුරු සුන්බුන් පස් යට සැඟව තිබෙන බවයි ගම්මුන් පවසන්නේ. මේ සුන්බුන් අතරට පැමිණ බලු සුරතලෙක් සුන්බුන් මත වැතිර සිටිනු දැකීම කාගෙත් නෙතට කඳුළක් එක්කරනු ලැබුවා. නිවැසියන් සොයාගැනීමට තවමත් නොහැකිව තිබියදී මේ බලු සුරතලාගේ උත්සාහයෙන් එම නිවැසියන් සොයාගැනීමට හැකියාව ලැබුණා.

අම්බොක්ක ගමේ පවුල් 80ක් පමණ නාය යෑම්වලට මුහුණපා තිබුණා. මොවුන් දැනට ගමේ පන්සලේ සහ තම නැදෑ හිතවතුන්ගේ ගෙවල්වල දිවිගෙවනු ලබනවා.
පසුගිය කාලයේ මහමග ගැවසෙන බල්ලන්ට පහරදීලා දඬුවම් කළ බව අපට මාධ්‍යයෙන් දැකගන්නට ලැබුණා. කරුණාවෙන් සතුන් දිහා බලන ඇතැම් මිනිසුන් තමන්ගේ සුරතලා මියගියාම දරාගන්න නොහැකිව පාංශුකූලේ පවා දෙනවා. සමහරු බණ කියලා පින් පමුණුවනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිත හරිම ලස්සනයි. ඒ හිත් හරිම ලස්සනයි. ඒ වගේ මිනිස්සු ගාව තව දවසක් හරි ජීවත්වෙන්න ආසයි. එහෙම හොඳ මිනිස්සු අතර නපුරු කෲර මිනිස්සුත් ඉන්නවා. එවැනි අයගෙන් අපි ඉල්ලන්නේ ඒ අහිංසක සතුන්ට හිරිහැර කරන්න එපා… උන්ගේ පාඩුවේ උන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. බොහෝ දෙනෙක් කරන්නේ බලු සුරතලෙක් දැක්ක ගමන් පහර දෙනවා. සමහර අය ක්‍රියාකරන්නේ හිතක් පපුවක් නැති මිනිස්සු විදියටයි. අපි බල්ලෙක්ට කන්න දුන්නොත් ආයෙ දවසක දකිද්දී අපිට නගුට හරි වනන ගුණයක් හැම සතෙක් ළඟම තියෙනවා.
ගංවතුර නායයෑම් නිසා බොහෝ මිනිසුන්ට වගේම සතුන්ටත් උන්හිටි තැන් ජීවිත අහිමි වුණා. සමහර සතුන් පණ රැකගත්තේ ගස්වලට නැගලා. එහෙම නැත්නම් වහලක් උඩට නැත්නම් වතුරේ පාවෙන ලෑල්ලක් උඩට නැගලා. එහෙම නැගලා පණ කෙන්ද රැකගන්න උත්සාහ කළත් සමහර අහිංසක සතුන් මේ ජල පහරට හසුව ගසාගෙන ගියේ ඇස්වලට පෙනි පෙනීමයි. කොයි තරම් සමාජ මාධ්‍යයෙන් දැනුවත් කළද තමන්ගේ සුරතලා ආරක්ෂිත කෙනකුට භාරදීලා හෝ උන්ව කූඩුවලින් නිදහස් කරලා යන්න කියලා බොහෝ දෙනකු තමන්ගේ සුරතලාව අමතක කළා. ගෙදර දාලා ගියා. උන් වතුරට ගසාගෙන ගොස් ජීවිත පවා අහිමි වුණා.

සමහර මිනිස්සු ජීවිත රැකගන්න කඳවුරුවලට යනකොට තමන් ඇතිකළ සුරතලාව ගෙදර බැඳලා ගියා. කොහේ ගිහිල්ලා හරි මේ නිසා අහිංසක සතුන්ට පණ බේරගන්න තිබුණු අවස්ථාවත් නැතුව ගියා. ඒ අහිංසක සත්තු හිතන්න ඇති තමන්ගේ ස්වාමියා ඇවිත් බේරගනියි කියලා. මොනතරම් කුඩු කළ සතුන් ප්‍රමාණයක් මේ වතුරට ගහගෙන යන්නට ඇතිද? අනේ ඔවුන් පෙනි පෙනී වතුරේ ගසාගෙන යනකොට ජීවිතය යැද්දා. සමාජ මාධ්‍යයේ එවැනි වීඩියෝ බොහෝ ප්‍රමාණයක් සැරිසරනු දක්නට ලැබුණා.

බලු සුරතලුන් මෙන්ම තමන් ඇතිකරන පූසන් පවා මේ ලෝකේ සුන්දරම හිත් ඇති අහිංසකයන්. ඔබ ඔබේ දරුවන් සුරකිනවා සේ නිවෙසේ ඇතිකරන බල්ලන් පූසන්වත් ආරක්ෂා කරගන්න. ඒ අහිංසකයන්ගේ හිත් හරිම ළෙන්ගතුයි. උන් ගෙදර සාමාජිකයන් ආරක්ෂා කරන්නේ තමන්ගේ හාම්පුතාලා අරක්ෂා කරනවා වගෙයි. ඒක බොහෝ දෙනකුට නොතේරීම කනගාටුවට කරුණක්. ඒ අහිංසක හිත්වලට ආදරය කරන්න. ඔවුන්ට කතා කරන්න විතරයි බැරි. අපි කරන කියන හැම දෙයක් ගැනම ඔවුන් විපරමින් කටයුතු කරනවා. ඔවුන් අපි තනි නොකරන තාක් අපිවද ඔවුන් තනි නොකරයි. ඒක උසාවි තීන්දුවක් නොවුණත් මිනිසුන්ගේ හෘද සාක්ෂියේ තීන්දුවයි. ඔබ ආදරය දෙනතාක් ඔවුන්ද ඔබේ ජීවිතය රකියි. ආදරය දෙයි. මේ අහිංසක සත්තු කෙරෙහි කරුණාවන්ත වෙන්න. කරුණාවන්ත වීම හැම කෙනකුටම කරන්නට නොහැකි පින්වන්ත ක්‍රියාවක්. ඒ හැඟීම ඔබටත් ඇත්නම් ඔබත් සැබෑම පින්වන්තයෙක්.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පක්ෂවල තියෙන අරමුදල් ආපදාවට! සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙන් නායකයන්ට යෝජනාවක්! Sri Lanka Latest News

Next Post

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම! Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.