• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුළි කුණාටුව ගැන 4 පාරක් ලංකාවට කිව්වා! ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා Indian Express පත්තරයට කියයි! Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සුළි කුණාටුව ගැන 4 පාරක් ලංකාවට කිව්වා! ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා Indian Express පත්තරයට කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපේ ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය අවස්ථා හතරකදී ‘දිට්වා’ සුළි කුණාටුව ගැන ශ්‍රී ලංකාවේ කාලගුණ බලධාරීන් දැනුවත් කළා. මුලින්ම පසුගිය නොවැම්බර් 13 වැනි දින ‘මූලික පීඩන අවපාතයක්’ ඇති බවට පුරෝකථනය කර තිබූ අතර, ඉන් පසුව නොවැම්බර් 20 වැනි දින ‘චක්‍ර උත්පාදනය වීමේ හැකියාව’ පිළිබඳ අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට නිකුත් කර තිබුණා. එයට පසුව නොවැම්බර් 23 වැනි දින සිට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පද්ධතියේ පැය තුනකට සහ පැය හයකට වරක් ‘කාලගුණ යාවත්කාලීන කිරීම’ නිකුත් කරනු ලැබුවා. සිවුවැනි අවස්ථාව ලෙස නොවැම්බර් 26 වැනි දින ‘සුළි කුණාටුවේ වර්ධනය’ සිදුවන බැව් පෙන්නුම් කරනු ලැබුවා. මෙම සියලු වැදගත් තොරතුරු අප ශ්‍රී ලංකාව සමග අවධාරණයෙන් යුතුව බෙදාගත්තා. එනම් මේ ආකාරයට විනාශකාරී මහා සුළි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බැව් අප ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත් කර තිබුණා…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ගතසිත කීරිගැසෙන කතාන්දරය? පසුගියදා මුළුමහත් ශ්‍රී ලංකාවෙන් හරි අඩක් පමණ මහා විනාශයකට පත්කළ ‘දිට්වා’ නමැති සුළි කුණාටු මාරයා ගැන මෙම සුවිශේෂ කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? එසේම මෙම පුවත හරහා අපට එක විටම හැඟී යන්නේ සුළි කුණාටු මාරකය ශ්‍රී ලංකාව කලින් දැන දැනත් එම ව්‍යසනයට අවධානයක් යොමු නොකළ බව නොවේද? එනම් මෙරට කාලගුණ බලධාරීන්ගේ අමනෝඥ බුද්ධිය සහ නොසැලකිලිමත්කම ගැන කියැවෙන ශෝකීය කතාවක්ද? ඉහත සුවිශේෂ ප්‍රකාශය සිදුකර සිටින්නේ කවරකුදැයි සොයා බලමු. මෙයට දින කීපයකට පෙරදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණේ ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සැලකෙන එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිරුත්යුන්ජේ මොහපත්‍රා (Dr. Mrutyunjay Mohapatra – Director General – India Meteorological Department) විසිනි. කාලගුණ විද්‍යාව පිළිබඳ මහා විද්වතකු වන ඔහු දැනට වසර 06ක් පුරා ඉහත ඉන්දියානු රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ආචාර්ය මොහපත්‍රා විසින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණේ ලොව ප්‍රකට ඉන්දියානු පුවත්පතක් වන ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ (The Indian Express) පුවත්පත වෙතය. එහි මාධ්‍යවේදියකු සමග සිදුකර තිබුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වැදගත් කරුණු අනාවරණ කර තිබිණි. මෙම ප්‍රකාශය මුළුමහත් ශ්‍රී ලංකාවටම අතිශය වැදගත් එකක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකිය. ආචාර්ය මොහපත්‍රා වැඩිදුරටත් මෙසේ කියා සිටී.

‘මෙම සුළි කුණාටුවේ චලනය මුලින් ඉතා මන්දගාමීව පැවැතියත් පසුව එය චණ්ඩ ස්වරූපයක් ගන්නා බැව් අප කළ පර්යේෂණවලින් දුටුවා. ඒ නිසයි එම ක්‍රියාවලිය අවස්ථා හතරදකදී පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ කාලගුණ බලධාරීන් දැනුවත් කළේ. එහෙත් ඒ ගැන වගකිව යුත්තන් නිසි අවධානයක් යොමුකළේ නැතැයි මම විශ්වාස කරනවා. ඓතිහාසිකව ගත්කල ශ්‍රී ලංකාවට බලපා ඇත්තේ ඉතා සුළු සුළි කුණාටු සංඛ්‍යාවක් පමණයි. ඒවාද ප්‍රබලත්වයෙන් අඩු ඒවා. ඉන්දියාවට නම් ප්‍රබල සුළි කුණාටු ගණනක් බලපෑවා. එහෙත් අප ඒවාට පෙර සූදානම් වූ නිසා හානිය අවම කරගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට දරුණු සුළි කුණාටු ගැන අත්දැකීමක් නොමැති නිසා ඒවාට මුහුණ දීමටද හැකියාවක් නොමැති වෙන්න පුළුවන්. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය’ (Regional Specialized Meteorological Centre) නමින් පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යනවා. මේ මගින් කලාපයේ සාගර නිරීක්ෂණය සිදුකරන අතර, ප්‍රධාන වශයෙන්ම සුළි සුළං සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි. මෙම පර්යේෂණ ආයතනය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, තායිලන්තය, පාකිස්තානය, මියැන්මාරය සහ තවත් රටවල් කිහිපයක් සඳහාම තම මෙහෙවර ඉටුකරයි. ‘දිට්වා’ සුළි කුණාටුව තරමක් වෙනස් එකක්. එනම් එය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට දකුණෙන් පිහිටි ස්ථානයක වන අතර, එය සුළි කුණාටු ජනනය සඳහා සාමාන්‍ය ස්ථානයක් නොවේ. එහෙත් අප ඒ ගැන වේලාසනින් ශ්‍රී ලංකාව දැනුවත් කළා…’

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එනම් පසුගියදා ශ්‍රී ලංකාවට මහා විනාශයක් සිදුකළ ‘දිට්වා’ සුළි කුණාටුවට අදාළව හෙළිකෙරුණු වැදගත් කරුණු කිහිපයක් ඉන්දියානු ප්‍රකාශය හරහා අපට අවබෝධ වී ඇත. මෙම මහා ව්‍යසනය ගැන ඉන්දියානු රාජ්‍ය කාලගුණ බලධාරීන් මෙරට බලධාරීන් දැනුවත් කර ඇති පසුබිමකදී මෙරට කාලගුණ වගකිව යුත්තෝ අමනෝඥ බුද්ධියක සිටි ආකාරය පැහැදිලිවම දක්නට හැකිය. පියවරෙන් පියවර එම ව්‍යසනය ගැන දැනුවත් කර තිබියදීත් මෙරට බලධාරීන් මහා නිද්‍රාවක සිටි ආකාරය අවබෝධ වෙයි. මෙම තත්ත්වය ගැන පසුගියදා දෙස් විදෙස් විවිධ පාර්ශ්ව ගණනාවක්ද චෝදනා කළ අතර, එහිදී මෙරට ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස එම චෝදනා භාරගත්තේ නැත.

මෙම ආන්දෝලනාත්මක කරුණු අප විසින් සොයා බලමින් ප්‍රථමවතාවට අපගේ සිංහල පාඨකයන් වෙනුවෙන් මෙම ලිපිය සකස් කළෙමු. සැබැවින්ම මෙය හෙළිදරව්වකි.

වසර 150ක ඉතිහාසයක් තිබෙන ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම්:

● 2025 නොවැ. 13- මූලික පීඩන අවපාතය ඇති බවට පුරෝකථනය කිරීම.
● නොවැ. 20 – ‘චක්‍ර උත්පාදනය වීමේ හැකියාව’ පිළිබඳ අනතුරු ඇඟවීම.
● නොවැ. 23 – පැය 3 හා 6කට වරක් ‘කාලගුණ යාවත්කාලීන කිරීම්’ ලබාදීම.
● නොවැ. 26 – ‘සුළි කුණාටුවේ වර්ධනය’ පෙන්වා සිටීම.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දිසාපතිට ඒ පුටුව හැර වෙනත් පුටු තිබේද? Sri Lanka Latest News

Next Post

පක්ෂවල තියෙන අරමුදල් ආපදාවට! සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙන් නායකයන්ට යෝජනාවක්! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.