මතක ඇති කාලයක හරිහැටි කුසට ආහාරයක් නොලැබුණේ යැයි කියමින් මවක් තම දරු දෙදෙනා ද සමඟ මාදම්පේ පොලිස් ස්ථානයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
වයස අවුරුදු දෙකහමාරක් සහ අවුරුදු පහක් වයසැති දරු දෙදෙනෙක් සමග මෙම මව පැමිණ ඇත්තේ පිලිසරණයක් බලාපොරොත්තුවෙනි.
ධීවර රැකියාවේ නිරතව සිටින සැමියා තමන්ට සහ දරුවන්ට නොසලකන බව බවත් බොහෝ දිනවල දරුවන්ද සමග කුසගින්නේ සිටින බවත් මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
අවසන් වරට ආහාරයට ගත්තේ රුපියල් සීයකින් ලබා ගත් කෙසෙල් ගෙඩි කිහිපයක් බවද ඇය සඳහන් කර තිබේ.
එහිදී පොලිස් පොලිස් පරීක්ෂකවරයා ඔවුන්ට දිවා ආහාරය ලබා දී වියළි ආහාර ද ලබා දීමට කටයුතු කර ඇත.
කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට කැඳවා ඔවුන්ට හොඳින් සලකන ලෙසත් නැතොත් නීතිමය පියවර ගන්නා බවටත් අවවාද කර පිටත් කර යවා තිබේ.










