පිළිගත හැකි ජන වරමක් සහිත ආණ්ඩුවක් ස්ථාපිත නොවන තාක් ලංකාවට ජාත්‍යන්තර ආධාර හෝ ණය මුදල් ලබාදිය නොහැකි බව, ලොව ප්‍රබල රටවල් නිල නොවන ආකාරයට ආණ්ඩුවට දැනුම්දී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙම රටවල් සමග පැවැති සාකච්ඡාවලදී නිල නොවන ආකාරයට මෙම දැනුම්දීම කර ඇති බවයි.
අදාළ සාකච්ඡාවලදී එම ප්‍රබල රටවල් ආණ්ඩුවට නිල නොවන ආකාරයට දැනුම්දී ඇත්තේ ලංකාවට ආධාර කිරීමට නම් ජන වරමක් සහිත, ජාත්‍යන්තරයට පිළිගත හැකි ආකාරයේ ආණ්ඩුවක් පැවැතිය යුතු බවකි.
මේ බව පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව භාර කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් මහතාද අවධාරණය කොට තිබිණි.
බෲවර් මහතා ලංකාවේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන දේශපාලන – ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නම් ජන වරමක් සහිත ආණ්ඩුවක් පැවැතිය යුතු බවකි.
එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පීටර් බෲවර් මහතා දැනුම්දී තිබුණේ මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදෙන ණය ආධාරය හිමිවන දිනයක් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවකි.
පීටර් බෲවර් මහතා මෙසේ කියා තිබුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු මූල්‍යාධාරය දෙසැම්බර් මාසය වන විට ලංකාවට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවට ප්‍රකාශ සිදුකර තිබෙන වාතාවරණයකදී වීම විශේෂත්වයකි.