ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති ඇමැති කංචන විජේසේරක වෙත මීට දින දෙකකට පෙර යොමුකර ඇත.
නීත්‍යානුකූලව සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කළ ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩර සම්බන්ධව බාහිර පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම විවේචන සහ බලපෑම් එල්ලවීම හේතුවෙන් තමන් ඉල්ලා අස් වූ බව සභාපතිවරයා දන්වා තිබේඃ
එසේම, ගල්අඟුරු ගෙන්වීමේ කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් දිගින් දිගටම උත්සාහ කරන බව සභාපතිරයා දැනුම්දී තිබේ.
ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම ඇමැතිවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක වැඩ භාරගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ලංකා ගල්අඟුරු සමාගමට නව සභාපතිවරයෙක් මෙතෙක් පත්කර නැත.
lankasara










