ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙන අතර ඔහුගේ මරණය සම්බන්ධව කරන ලද විමර්ශනයේදී ඔහු අවුරුදු 37ක ඉංජිනේරුවරයෙකු බව සොයාගෙන තිබේ. (Sri Lanka Latest News)
මෙලෙස සියදිවි හානි කරගැනීමට පෙර 15 උදෑසන මොහු සිය ෆේස්බුක් ගිණුමේ සුදුකොඩියක ඡායාරූපයක් පළකර ඇති අතර, මිතුරන් ඔහුගෙන් ඒ කවරක් නිසාදැයි විමසීම් කරමින් පනිවිඩ යොමු කර තිබුණි.
අවසානයේ දැනගෙන ඇත්තේ තමන්ගේ මරණය වෙනුවෙන් බවයි.
මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරුවකු වන බවත් ඔහුගේ නිවස ඉදිරිපිට ඇති කඩ කාමරයේ එල්ලී සියදිවි හානිකරගෙන තිබුණ බවත් පොලිසිය පවසයි.
සියදිවි නසාගැනීමට හේතුවූ කාරණය තවමත් අනාවරණ වී නොමැත.
මෘත ශරීරය ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇති අතර ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.
gossiplankanews










