ඊයේ (03) මහනුවර තිලංකා හෝටලයේ දී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල්කාන්ත ඇතුළු නායකයින් කිහිප දෙනෙක් දිවයිනේ මහා පරිමාණ ගල්කොරි කරුවන් 25 දෙනෙක් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සූදානම් කර තිබූ දිවා ආහාරය ලබා දීම මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබේ. (Sri Lanka Latest News)
මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබිය දී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජනබලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී දිවා ආහාරය ලබා දීම වලක්වා ඇත.
මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල් කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයින් පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.
ඒ වනවිට හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට සකස් කර තිබුණ බැවින් ද විදේශිකයින් ඇතුලු විශාල පිරිසක් දිවා ආහාරය ලබා ගැනීමට සූදානම් වී සිටි බැවින් ද මැතිවරණ නිලධාරීන් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නැත.
lankasara