වැටුප් වැඩි කිරීමක් ඉල්ලා පසුගිය දා රාජ්‍ය සේවයකයන් වැඩ වර්ජනය කළ අවස්ථාවේ රජය එම වැඩ වර්ජනයට සහභාගී නොවූ අය සඳහා රු. 10000ක් දෙනවා කිව්වත් තවම ලබා දී නොමැති බවත් වැවර්ජනය නොකළ අයට පොරොන්දු වූ මුදල් ලබා නොදී රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කියා බොරු කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
වැඩවර්ජනය නොකළ අයට ලබා දෙනවා කියූ මුදල මුලින් ලබා දෙන ලෙසත් එයවත් ලබා දෙන්න බැරි නම් රාජ්‍ය සේවය වෙනුවෙන් අනාගතයේ දී වැටුප් වැඩි කිරීමක් වත්මන් රජය සිදු කරාවි යැයි අපේක්ෂා කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.