සංවර්ධන නිලධාරීන්ගේ උසස්වීමේ පටිපාටිය ගැන අවස්ථා ගණනාවකදී ප්‍රශ්න කළ බවත් ලංකාව පුරා මධ්‍යම රජයේත් පළාත් රාජ්‍ය සේවයේත් සංවර්ධන නිලධාරීන් 97800ක් පමණ ඇති බවත් මේ අය කොපමණ කාලයක් සේවය කළත් මේ තනතුරින් ඉහළට යාමේ උසස් වීමේ පටිපාටියක් නොමැති බවත් වසර 30ක සේවා කාලයක් තිබුණත් සංවර්ධන නිලධාරී තනතුරෙ 1 වැනි ශ්‍රේණියට පමණක් යා හැකි බවත් එම නිසා මේ අය වෙනුවෙන් වෙනම ම උසස්වීමේ පටිපාටියක් සකස් විය යුතු බවත් මේ ගැන අවස්ථා කිහිපයක දී විමසා සිටියත් තවම පිළිතුරු නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. (Sri Lanka Latest News)
මේ ගැන නිවේදන නිකුත් කළත් තවමත් විසඳුම් නොමැති බවත් කළමනාකරණ සේවා නිලධාරින්ගේ ද මේ ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.











