කැප්පෙටිපොළ ප්‍රදේශයේ ශුද්‍ර මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයා එම ආයතනයේ මුළුතැන්ගේ තුළ මියගොස් සිටියදී ඊයේ (02) පස්වරුවේ සොයාගෙන ඇත. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ දියබෙදුම ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි තිදරු පියෙකි. උදෑසන මෙම කාර්යාලයේ සේවකයින් රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ මුළුතැන්ගේ තුළ මෙම පුද්ගලයාගේ මළ සිරුර දැක තිබෙන අතර, පොලිසියට දන්වා සිටීමෙන් පසු පැමිණ පඍීක්ෂා කර තිබේ. මරණයට හේතුව සොයා කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
Newsfirst










