මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාව සිටිය දී ටෙන්ඩර් කැදවීමකින් තොරව, මිහින් ලංකා සමාගමට අවශ්‍ය බිම් මෙහෙයුම් (ග්‍රවුන්ඩ් ඔපරේෂන්) උපකරණ ගෙන්වීම හිතමිතුරු සමාගමකට දීමෙන් රජයට රුපියල් ලක්ෂ 8,830 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සජින්ද වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. Sri Lanka Latest News
අල්ලස් කොමිසම එම නඩු පැවරීම සිදුකර ඇත්තේ, කොමසාරිස්වරු තිදෙනෙකු අත්සන් තබා අනුමත කිරීමෙන් නොවන බවට විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ තර්කය මත පදනම් ව, අවසානයේ අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කරගත් අතර, කොළඹ මහාධිකරණය සජින්ද වාස් ගුණවර්ධන නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.
අල්ලස් කොමිසම, කොමසාරිස්වරු තිදෙනාගේ අත්සන් සමඟ නැවත එම නඩුව ගොනු කළ නමුත්, 2022.11.18 වැනි දා නඩුව කැදවූ අවස්ථාවේ දී විත්තියේ නීතීඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධය මත පදනම්ව කොළඹ මහාධිකරණය නැවත 2023.03.29 වන දා සජින්ද වාස් ගුණවර්ධන නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළේය.
අභියාචනාධිකරණය මගින් බල රහිත කර තිබෙන්නේ මහාධිකරණය 2023.03.29 වන දා ලබා දුන් එම නියෝගයයි.
මහාධිකරණය එදින දුන් තීන්දුබ බල රහිත කර තිබෙන අභියාචනාධිකරණය වහාම ඒ බව මහාධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කර තිබේ.
ඒ අනුව, සජින්ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුව යළි ආරම්භ වීමට නියමිත ය.










