යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.Sri Lanka Latest News
ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද ආරම්භ කරන බවය.
අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් අද විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය.
මේ අතර අද වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර තිබේ.










