• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටාට CIDයෙන් පනින්න උදව් කළ බව කියන CIDයේ ඉහළ නිලධාරීන් තුන්දෙනා ඇතුලු නිලධාරීන් 34 දෙනකුගේ විමර්ශන වාර්තා උසාවියට ඉදිරිපත් කරලා නෑ! විනිසුරුතුමා CIDයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරයි! මේ අපරාධයට සම්බන්ධ රහස් පොලිස් නිලධාරීන්ගේ විමර්ශන වාර්තා කෝ? එක එක අයගේ වුවමනාවන්ට අනුව CIDය විමර්ශන කරනවා නම් ඒක රටටම දැනගන්න විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරනවා! ‌විනිසුරුතුමා කියද්දී CID නිලධාරීන්ට කටඋත්තර නැතිවෙයි! මාසයක් කල් ඉල්ලයි! Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රහස් පොලිසියේ පස්වැනි තට්ටුවෙන් කාන්තාවක් බිමට පනී!
Share on WhatsAppShare on Facebook

රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන හරක් කටා නමැත්තාට රහස් පොලිස් අත්අඩංගුවෙන් පැන යෑම සඳහා උදව් කළයැ කියන සිද්ධියට අදාළව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන ආකාරය පිළිබඳ දැඩි දෝෂදර්ශනයට ලක්කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, එක එක අයගේ වුවමනා අනුව රහස් පොලිසිය විමර්ශණ කරන්නේ නම් ඒ බව රටට දැනගැනීම සඳහා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරන බවද ඊයේ (14) පැවැසීය. (Sri Lanka Latest News)

රහස් පොලිසිය භාරව කටයුතු කළ එහි උසස්ම නිලධාරීන් තිදෙනකුගේ බැංකු ගිණුම් හා ජංගම දුරකතන වාර්තා ලබාගෙන මෙම අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධාව පිළිබඳ කරුණු ලබන 28 වැනිදාට පෙර අධිකරණයට වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළේය.

රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට රහස් පොලිස් අත්අඩංගුවෙන් පැන යෑමට රහස් පොලිසියේම නිලධාරීන් උදව් කළා යැයි කියන සිද්ධියට අදාළ පැමිණෂිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් ඇමතූ මහෙස්ත්‍රාත්වරයා මෙම අපරාධයට සම්බන්ධිත රහස් පොලිස් නිලධාරීන්ට අදාළ විමර්ශණ වාර්තා කෝ යනුවෙන් ප්‍රශ්න කළේය.

රහස් පොලිසිය භාරයේම රඳවාගෙන ප්‍රශ්න කරන අපරාධකරුවකු පොලිස් අත්අඩංගුවෙන් පැන්නීමට රහස් පොලිසියේ ඉහළ නිලධාරීන් තිදෙනකු සහ එහි විවිධ තරාතිරම්වල තවත් නිලධෘරීන් 34 දෙනකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබෙනවා නේද යනුවෙන් වැඩිදුරටත් රහස් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට අදාළ විම8ර්ශන වාර්තා කෝ යනුවෙන් ද ප්‍රශ්න කළේය.

මහෙස්ත්‍රාත්වරයාගේ මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකි වූ රහස් පොලිස් නිලධාරීහු නිරුත්තරව අධිකරණය දෙස නෙත් යොමාගෙන සිටියහ.

එක එක අයට ඕනෙ විදියට රහස් පොලිසිය අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ නම් රහස් පොලිසියේ ඇත්ත තත්ත්වය රටට දැනගැනීම සඳහා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරන බවද මහෙස්ත්‍රාත්වරයා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ කළ යුතු ආකාරය පිළිබඳ රහස් පොලිසිය භාර අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇතැයි අවධාරණ්‍ය කළ මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසිය භාර අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබාගෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ආකාරය පිළිබඳ අධිකරණයට දැනුම් දෙන්නැයි කියමින් නඩුව පසුවට කල් තැබීය.

ඒ අවස්ථාවේ අධිකරණයෙන් ඉවත්ව ගිය රහස් පොලිස් නිලධෘරීහු පැය කිහිපයකට පසු යළි අධිකරණයට පැමිණ රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ හරක් කටා නමැත්තා රහස් පොලිස් අත්අඩංගුවෙන් පැන්නීමට කටයතු කර ඇති බටව තොරතුරු හෙළිව ඇති රහස් පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධෘරින් 34 දෙනකුගේ ජංගුම දුරකතන වාර්තා සහ බැංකු වාර්තා ලබාගෙන විමර්ශණ කරන්නේ යැයි දැනුම් දුන්හ.

හරක් කටා නමැත්තා රහස් පොලිස් අත්අඩංගුවෙන් පැන්නීමට කටයුතු කළැයි තොරතුරු හෙළිව ඇති රහස් පොලිසියේ ඉහළම නිලධෘරින් තිදෙනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන කරන්නේ යැයි කී රහස් පොලිස් නිලධාරීහු ඔවුන්ගේ ජංගම දුරකතන වාර්තා සහා බැංකු වාර්තා ලබාගෙන මෙම විමර්ශන කිරීමට මාසයක කාලයක් දෙන්නයැ ඉල්ලා සිටියහ.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරයා අධීකරණ නියෝගයන්ට අවනත නොවන යම් නිලධාරීන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙසත්, එවිට ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීමට තමන් පසුබට නොවන බවත් දැනුම් දුන්නේය.

මෙම විමර්ශන කිරීමට මාසයක කාලයක් දීමට නොහැකි බව අවධාරණය කළ මහෙස්ත්‍රඍාත්වරයා ලබන 28 වැනිදා වන විට මෙම අපරාධය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීඹට රහස් පොලිසියට නියම කළේය.

lankadeepa

SendShareShare
Previous Post

සන්ධානය ගැන කතා කරන්න මෛත්‍රීපාල අමෙරිකාවේ ගිහින්! ලංකාවේ දේශපාලන තත්වෙ ගැනත් කතා කළාලු! I Sri Lanka Latest News

Next Post

ජයිකා සභාපති ටනාකා රනිල්-සාගල හමුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper