2024 වසර සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා, ව්‍යාපාරික ප්‍රජාව තුළ ඉදිරි වසර සදහා වූ අපේක්ෂාවන් දළුලෑමට හේතු වී නැතැයි, මෙරට ප්‍රකට ව්‍යාපාරික සගරාවක් වන එල්.එම්.ඩී. දෙසැම්බර් කලාපය වාර්තා කරයි.Sri Lanka Latest News
ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සම්බන්ධයෙන්, ඔක්තෝබරයේ දී, ව්‍යාපාරික ප්‍රජාව තුල 12% ක් ලෙස පැවති විශ්වාසය, නොවැම්බර් මාසය වන විට 8% දක්වා පහත වැටී තිබේ.
ආර්ථිකය ඉදිරි මාස දොළහ තුළ දී ත් මේ පවතින තත්ත්වයෙන්ම පවතිනු ඇතැයි, ඔක්තෝබරයේ දී 27%ක පිරිසක් විශ්වාස කළ අතර, එය නොවැම්බර් මාසය වන විට 19% දක්වා පහත වැටී තිබේ.
ඉදිරි මාස දොළහේ දී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි, ව්‍යාපාරික ප්‍රජාවෙන් 73% ක් සිතති. එය නොවැම්බරයේ තත්ත්වයයි. ඔක්තෝබරයේ දී එය පැවතී ඇත්තේ, 61% ක් ලෙස ය.










