ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේලය පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.
ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව අද දිනයේ මෙම කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.
එහිදි අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීමට නියමිත අතර අනතුරුව මේ පිළිබඳ නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතය.
මේ වන විට මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ ද සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ තලතා අතුකෝරළ යන මහත්මීන් අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා එක්වීමට නියමිතය.
මේ අතර මෙම කමිටුව මඟින් සිදුකරන විමර්ශනවලදී යම්කිසි පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු සභාවාර අහිමි වේ.










