චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය පැමිණ ඇතැයි පැවසෙන එකඟතා හෙළි නොකිරීම හේතුවෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී පැරිස් සාමූහිකය සමඟ අත්සන් කළ යුතු ගිවිසුම තවත් කල් ගොස් තිබෙන බව වාර්තා වෙනවා. Sri Lanka Latest News
පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර අත්සන් තැබීමටයි මීට පෙර නියමිතව තිබුණේ.
චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගෙන තිබෙන එකඟතා නිරීක්ෂණය කරන තෙක් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සිය යෝජනා ප්‍රමාද කරන බව පැරිස් සමූහය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන බව දැන් පැවසෙනවා.
චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුමේ ඇති රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට අදාළ එක් වගන්තියක් හේතුවෙන් එම ගිවිසුම පැරිස් සමාජය වෙත අනාවරණය කිරීමට නොහැකි නිසා දැන් ඇතිව ඇත්තේ අලුත් අර්බුදයක් බවයි කියන්නේ.
චීන එක්සිම් බැංකුව සමඟ ඇති කරගත් ගිවිසුම පැරිස් සමූහයට හෙළිදරව් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එම පාර්ශවයෙන් අවසර ඉල්ලා ඇතත්,මෙතෙක් එක්සිම් බැංකුව ඒ සදහා ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.










