• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිස්සමහාරාම පොලිසිය කැත වැඩක් කරයි! මාමා තරුණියක් එක්ක පැන ගිය සිද්ධියකට පොලිසිය සිවිල් පිට පාසලට ගිහින් 6 වසර සිසුවියකගෙන් ප්‍රශ්න කරලා! ලැජ්ජාව නිසා දරුවා දැන් පාසල් යන්න බෑ කියනවලු! විදුහල්පතිත් සිද්ධිය තහවුරු කරයි! I Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
තිස්සමහාරාම පොලිසිය කැත වැඩක් කරයි! මාමා තරුණියක් එක්ක පැන ගිය සිද්ධියකට පොලිසිය සිවිල් පිට පාසලට ගිහින් 6 වසර සිසුවියකගෙන් ප්‍රශ්න කරලා! ලැජ්ජාව නිසා දරුවා දැන් පාසල් යන්න බෑ කියනවලු! විදුහල්පතිත් සිද්ධිය තහවුරු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තිස්සමහාරාම පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් 6 වසරේ ඉගෙනුම ලබන දියණියකගෙන් දැඩි ලෙස පාසළ තුළදී ප්‍රශ්න කිරීමෙන් බියට සහ ලැජ්ජාවට පත්කර අපයෝජනය කර ඇත.Sri Lanka Latest News

එම දියණියට කිසිසේත්ම අදාළ නොවන ඇයගේ මාමා සම්බන්ධ සිද්ධියක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එම නිලධාරීන් පාසලට සිවිල් ඇඳුමින් කඩා වැදී ඇති බව මව්බිම පුවත්පත වාර්තා කර තිබේ. අද (11) නිකුත් කළ එම පුවත්පතේ අදාළ සම්පූර්ණ වාර්තාව උපුටා ගනිමින් පහතින් පළ කරන්නෙමු.

පාසල් වේලාවේ පොලිසියෙන් පාසලට පැමිණ ප්‍රශ්න කිරීම හේතුවෙන් 06 වසර සිසුවියක් පාසල් ගමන නතර කිරීමේ පුවතක් තිස්සමහාරාම, බෙරලිහෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිසිය ප්‍රශ්න කිරීමට ලක්කර ඇත්තේ තිස්සමහාරාම, බෙරලිහෙල පදිංචි 06 වසර ඉගෙනුම් ලබන 11 වියැති සිසුවියකි.

මෙම සිසුවියගේ මවගේ සොහොයුරකු කලවාන ප්‍රදේශයේ තරුණියක හා පලාගොස් ඇත. ඒ සම්බන්ධව තරුණියගේ මවුපියන් කලවාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම තරුණයාගේ නිවෙසට ගොස් පරීක්‍ෂා කර තිබේ.

එහිදී තරුණයාගේ පියාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එම තරුණයාගේ සහෝදරියගේ නිවෙසට ගොස් පරීක්‍ෂා කර ඇත. ඇය එම නිවෙසෙහි නොසිටි හෙයින් ඇයගේ කුඩා දියණිය ඉගෙනුම ලබන බෙරලිහෙල කනිටු විදුහල වෙත පොලිසිය ගොස් තිබේ.

එහි දී ගුරුවරුන් හා සිසුන් හමුවේ මෙම දැරියගෙන් ප්‍රශ්න කර ඇත, “මාමා ගෙදරට කාන්තාවක් කැඳවාගෙන පැමිණියේද, දැන් මාමා ඉන්නේ කොහේද” ආදී වශයෙන් එම සිසුවියගෙන් විමසා ඇත. එවිට දැරිය බියට පත්ව හඬා වැටී ඇතැයි දැරියගේ මව ‘මව්බිම’ට කීවාය. කොපමණ කීවත් මෙම දැරිය පාසල් යන්නට අකැමැති බව කී මව් මේ සම්බන්ධයෙන් තමන් මානව හිමිකම් කොමිසමට හා ජාතික ළමාරක්‍ෂක අධිකාර්ය වෙත පැමිණිලි කළ බවද කීවාය.

මේ පිළිබඳ අදහස් දක්වන එම දැරියගේ සීයා මෙසේ කීවේය.

“පසුගිය දිනක උදේ 06.30ත් 07.00ත් අතර පොලිස් කණ්ඩායමක් ඇවිත් ගෙදර බඩුමුට්ටු පෙරළා දමා මගේ පුතා කෝ කියා ඇහුවා. මම දන්නේ නැහැ. කාලෙකින් ගෙදර ආවෙත් නෑ කියා මම කිව්වා, දුව කෝ කියා ඇහුවා. මම කිව්වා අල්ලපු ගමේ පදිංචි වෙලා ඉන්නේ කියලා. එහෙනම් දුවගේ ගෙදර යමු කියා වාහනේට නග්ගගෙන ගියා. එහි කිසිවකු සිටියේ නැහැ. ඇයගේ දියණිය බෙරලිහෙල පාසලට ගියා කියලා අසල්වැසියන්ගෙන් දැනගත්තා. පාසලේ විදුහල්පතිව කතා කරලා දරුවා ගෙන්වාගෙන පොලිසිය මාමා ගැන විවිධ ප්‍රශ්න අහන්න ගත්තා. දරුවා හඬමින් කීවා එයා කිසිදෙයක් දන්නේ නෑ කියා. ගෙදර මල්ලියි, මමයි, අම්මයි විතරයි ඉන්නේ කියලා කියා තිබුණා. පුතා ගැහැනු ළමයෙක් එක්ක යාළුවෙලා ගිහිල්ලා, අපි දන්නෙත් නැහැ, මෙහෙ එන්නෙත් නැහැ. මේ තත්ත්වය මත අපේ ජීවිතවලට හානියක් වුණොත් කලවාන හා තිස්සමහාරාම පොලිසිය වගකියන්න ඕන,”

දැරියගේ මව මෙසේ කීවාය.

“අපි ගොවිතැන් කරගෙන ජීවත් වෙන්නේ. පුරුෂයා දුර පළාතක වැඩකට ගිහිල්ලා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. වැඩිමහල් දියණිය හා බාල පුතා, පසුගිය දිනක මම දරුවා පාසලට දාලා පොඩි දරුවට බෙහෙත් ගන්න ගියා. මම ගෙදර ආවාම දුව මට කීවා පොලිසියෙන් ඉස්කෝලෙට ආවා කියලා. ගෙදර ඉන්නෙ කවුද? මාමා ආවාදඉ ඉන්නේ කොහෙද? අසා තිබෙනවා. මම බය වුණා. මට ලැජ්ජයි යාළුවන්ට මුණ දෙන්න බැහැ. අම්මේ මට ඉස්කෝලේ යන්න බැහැ කියලා දුව කිව්වා.

මට තිස්සමහාරාම පොලිසියට එන්න කියලා කීව නිසා මම එහි ගියා. පොලිසිය කීවා මල්ලි ගෙනත් දෙන්න. නැත්නම් දින 14කට ඇතුළට යවනවා කියලා තර්ජනය කළා. පොලිසියෙන් නිතර ගෙදරට කඩා පනිනවා. අපට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. දරුවෝ බය වෙලා, දරුවට ගෙදර ඉන්න බැහැ කියනවා. පාසල් යන්න බැහැ කියනවා. නොදන්න දේවල්වලට ඇයි අපට පොලීසිය කරදර කරන්නේ. මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධව පාසලේදී සිසුවියකගෙන් කට උත්තර ගැනීම පිළිබඳව තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ, එවැනි කටඋත්තරයක් නොගත් බවය.

පාසලේ විදුහල්පතිවරයා මෙසේ පැවැසීය.

“උදේ හතහමාරට විතර ළමයාගේ සීයාත් එක්ක කිහිපදෙනෙක් ආවා. කරදරයක් වෙලා ළමයාගෙන් විස්තර ටිකක් දැනගන්න ඕන කිව්වා. කවුද කියලා ඇහුවම සී.අයි.ඩී.යයි, පොලිසියයි කියලා කිව්වා. ළමයා බය වෙයි කියලා මමම අහන්නම් කියා මම කිව්වා. ගෙදර දොරේ තොරතුරු විමසන විධියට ඇයගෙන් පොඩි පොඩ් තොරතුරු ඇහුවා. නිලධාරීන් තිස්සමහාරාම පොලිසියෙන් බව පසුව දැනගත්තා. ඒ අය නිල ඇඳුමින් නෙවෙයි හිටියේ. තොරතුරු අහල පිටවෙලා ගියා.

– ඇඹිලිපිටිය – සේන වී. ගමගේ

SendShareShare
Previous Post

නසීර් අහමඩ් ගෙදර යවලා අලි සහීර් මන්ත්‍රී කරපු ගැසට් එක මෙන්න! I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල 150%කින් වැඩි කළත් මණ්ඩලයේ මුදල් අවශ්‍යතාව පියවගන්න බෑ! අඩුතරමේ ණය පොලියවත් ගෙවන්න බෑ! ෆිච් රේටින්ග්ස් විදුලි බල මණ්ඩලය ගැන කරපු බය හිතෙන හෙළිදරව්ව! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper