• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොළොව යටට තට්ටු දෙකයි, ඇතුළට යන්න රහසිගත දොරක්, යටම තට්ටුවට යන්නත් රහස් දොරක්, පැය 24ම A/C ක්‍රියාත්මකයි, ඉතාලියෙන් ගෙන්නපු සුපිරි ගෘහ භාණඩ-විදුලි උපකරණ-බල්බ්, බිත්ති හදලා තියෙන්නේ අඩි 4ක් ඝනකම් කොන්ක්‍රීට්වලින්, බංකරේ සිට පෝට්සිටියට යන්න උමගක්, වියදම බිලියන 3ක්, මාසෙ විදුලි බිල ලක්ෂ 30ක්, අයියාට හදපු මල්ලි හැංගිලා ඉන්න කොටුවෙ බංකරේ මෙන්න විස්තරේ

June 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පොළොව යටට තට්ටු දෙකයි, ඇතුළට යන්න රහසිගත දොරක්, යටම තට්ටුවට යන්නත් රහස් දොරක්, පැය 24ම A/C ක්‍රියාත්මකයි, ඉතාලියෙන් ගෙන්නපු සුපිරි ගෘහ භාණඩ-විදුලි උපකරණ-බල්බ්, බිත්ති හදලා තියෙන්නේ අඩි 4ක් ඝනකම් කොන්ක්‍රීට්වලින්, බංකරේ සිට පෝට්සිටියට යන්න උමගක්, වියදම බිලියන 3ක්, මාසෙ විදුලි බිල ලක්ෂ 30ක්, අයියාට හදපු මල්ලි හැංගිලා ඉන්න කොටුවෙ බංකරේ මෙන්න විස්තරේ
Share on WhatsAppShare on Facebook

‘කොළඹ-කොටුවේ’ ජනාධිපති මන්දිරයේ පොළොව යට භූගත මාලිගාවක් තිබෙන බැව් සොයාගෙන තිබෙනවා. මේ ගැන මෙතෙක් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. මෙය අතිශයින්ම සුපිරි, සුඛෝපභෝගී තත්ත්වයේ තිබෙන පොළොව යට මාලිගාවක්. අද ජනාධිපති මන්දිරයේදී පාසල් පරිසර නායකයන්ට උපහාර, සම්මාන පිදීමේ උත්සවයක් අපි පවත්වනවා. මේ සඳහා පැමිණි පාසල් පරිසර නායකයන් 71 දෙනාට මේ ජනාධිපති මන්දිරය නිරීක්‍ෂණය කිරීමට ආරාධනය කරනවා. ඒ අතරම ඒ අයට නොවරදවාම, අමතක නොකර මේ භූගත මාලිගාවත් නරඹන්නට කියලා අපි කියනවා. මම මෙවර ජනාධිපති වුණාට පසුව මේ ජනාධිපති මන්දිරය මම පාවිච්චි කරන්නේ නැහැ. මේකේ මාසයක විදුලි බිල පමණක් රුපියල් මිලියන 15ක් පමණ වෙනවා. එයින් රුපියල් මිලියන 03ක් විතර යන්නේ පොළොව යට මාලිගයටයි. ඒ නිසා මෙය හරිම අපරාධයක්. මම මාසයටම සියලු වියදම් රුපියල් ලක්‍ෂ 05ක් පමණ වන නිවෙසක් ඒ නිසා භාවිතයට තෝරාගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි යුද්ධය සමයේ මේ භූගත මාලිගය ඉදිකරලා තියෙන්නේ. එහි කටයුතු යුද්ධය සමයේදී සහ යුද්ධයෙන් පසුවත් සිදුකරලා තිබෙනවා. යුද්ධය සමයේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ ප්‍රහාරවලින් ආරක්‍ෂා වීම සඳහා මෙය ඉදිකළා කියලයි ආරක්‍ෂක හමුදා කියා සිටින්නේ.’

මෙම සුවිරෙශ්ෂී කතාව කියා සිටින්නේ කවුද..?

ඔහු නම් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. එහෙත් මේ කතාව ඊයේ, පෙරේදා අසන්නට ලැබුණු වගතුගක්ද නොවේ. මෙය අසන්නට ලැබුණේ මෙයට වසර 07කට ආසන්න කාලයකට ඉහතදීය. එනම් හරියටම 2015 වසරේ ඔක්තෝබර් 24 වැනිදාය. කොළඹ-කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති ඉහත උත්සවයේදී මේ සුවිශේෂී වගතුග ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයා විසින් හෙළිකර සිටියේය.

එතැනින් පසුව මෙම වගතුග රට තුළ මහත් විශාල ආන්දෝලනයක් ඇති කරන්නට ගත්තේය. කොළඹ-කොටුවේ ඉපැරැණි ජනාධිපති මන්දිරයට අනුබද්ධිතව බොහෝ මෑත කාලයකදී මෙසේ ඉදිකරන ලද මෙම පොළොව යට සුපිරි මාලිගාවේ වගතුග ජනතාව දැනගත්තේ එතැන් සිටය. කෙසේ හෝ වසර 07කට පමණ පසුව අද නැවැත මේ කතාව එළිපෙහෙළියට පැමිණ ඇත්තේ ඇයි..? එය එක්තරා අයුරකින් කාලීන අර්බුදයක් හරහා සිදුවී ඇති සිද්ධියකි. එනම් මෙම සමයේදී රට තුළ සිදුවන දැඩි උද්ඝෝෂණයන් සහ අරගලයන් හේතුවෙන් මෙම ‘සුපිරි භූගත මාලිගාවේ’ තොරතුරු නැවැත එළිපෙහෙළියට ආවේය. මෙම අරගලයන් සැබෑ ලෙසම මේ වන විට රට තුළ මහත් කලබලකාරී, කෝලාහල ස්වරූපයක්ද ඇතිකර තිබෙයි. මේ නිසා ශ්‍රී ලංකාව තුළ බලයේ සිටින වත්මන් ප්‍රධාන පාලකයන් මුහුණ දී ඇත්තේද මහත් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකටය.

මෙවැනි අර්බුදකාරී වටපිටාවක් යටතේ පසුගියදා හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද තමන්ගේ අගමැති ධුරය හැර දමා සැඟවී ජීවත්වන තත්ත්වයකට පත්විය. එසේම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද මෙම ඉරණම උදාවී ඇත. රට තුළ සිටින අරගලකරුවන් එක හඬින් කියා සිටින්නේ වත්මන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසටය. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුවී නොමැත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පසුගිය කලබල නොමැති සමයේ ජීවත් වූයේ ඔවුන්ගේ මිරිහාන ප්‍රදේශයේ ඇති නිවෙසකය. ඔවුන්ද එකල ජනාධිපති මන්දිරයේ ජීවත් වූයේ නැත. කෙසේ හෝ එහෙත් දැන් සිදුවී ඇති සමාජ තර්ජනයන් හේතුවෙන් ජනාධිපතිවරයාත්, පවුලේ උදවියත් දැඩි හමුදා ආරක්‍ෂාව මධ්‍යයේ සිටින්නේ කොටුවේ ජනාධිපති මන්දිරයේ යැයි කරුණු හෙළිවෙයි. එනම් ඔවුන් ඉහත භූගත සුපිරි මාලිගාව තුළ ජීවත් වන බවට විවිධ පාර්ශ්ව කිහිපයකින්ම තොරතුරු හෙළිකර ඇත. මේ වන විට මාස 02කට ආසන්න කාලයක් පුරා දැඩි උද්ඝෝෂණ සහ අරගල සිදුවන්නේද මෙම ජනාධිපති මන්දිරයට මීටර් 300ක් පමණ ඉතාමත්ම සමීප දුරක සිටය. එනම් ගාලුමුවදොර (ගෝල්ෆේස්) පිහිටුවා තිබෙන ‘ගෝඨා ගෝ ගම’ පිහිටා ඇත්තේ එතැනය. මේ නිසා දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් නිතැතින්ම උදාවී ඇත. එවැනි වටපිටාවකදී අතිශය දැඩි හමුදා ආරක්‍ෂාව මත ජනාධිපතිවරයා සහ පවුලේ උදවිය කොටුවටම, කොටුවී ඇත.

දැන් ඔබට මේ වගතුග යම් පමණකින් පැහැදිලි ඇතැයි සිතමි. යම් රටක යම් යුද්ධමය තත්ත්වයන් යටතේ පාලකයන් හෝ ජනතාව පොළොව යට ගොඩනඟා ඇති විවිධ ස්වරූපයේ බංකරයන් තුළට ගොස් සැඟවීම සිදුකරනු ලබයි. ලෝක ඉතිහාසය ගත්කල මෙවැනි තොරතුරු බොහෝ හෙළිවෙයි. එහෙත් මෙම බොහෝ බංකරයන් සාමාන්‍ය මූලික පහසුකමක් ඇති ආරක්‍ෂිත ස්ථානයක් පමණි. එහෙත් පොළොව යට ඉතාමත්ම සුපිරි පහසුකම් ඇතිව යම් භූගත ගොඩනැඟීමක් සිදුකළහොත් එය ඉහත පැවැසූ බංකරයකට වඩා වෙනස් වූ කටයුත්තකි. එවැනි ඉදිකිරීම් පවා ලෝකයේ ඈත ඉතිහාසයෙන් සහ මෑත ඉතිහාසයෙන්ද හෙළිවෙයි. මේවා ඉංග්‍රීසි බසින් සඳහන් කර ඇති අයුරින් ‘භූගත යුද බංකරය’ (Secret War Bunker) ලෙසින් සහ ‘භූගත මාලිගය’ (Underground Palace) ලෙසින්ද දක්වා ඇත. එනම් මෙම ගොඩනැඟීම් දෙක එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. මෙහිදී භූගත මාලිගයක් ඉදිකරනු ලබන්නේ එම රටවල ප්‍රධාන පාලකයන්ට ආරක්‍ෂා සහිතව සහ සුපිරි පහසුකම් සහිතව යුදමය තත්ත්වය යටතේ ජීවත් වීමටය.

දැන් එසේ නම් ශ්‍රී ලංකාවේ සිදුවී ඇත්තේ කුමක්ද..?

එනම් අප රටේ මෙලෙස ගොඩනැඟී ඇත්තේ සාමාන්‍ය භූගත බංකරයක් නොව භූගත සුපිරි මාලිගයකි. මෙයට මාලිගයක් යැයි අප අර්ථවත් කරන්නේ එය සාමාන්‍ය නිවෙසක ස්වරූපයක් අභිබවා ගිය එකක් හෙයිනි. මෙලෙස මහින්ද රාජපක්‍ෂ ජනපති සමයේ ඉදිකෙරුණු සුඛෝපභෝගී භූගත නිවෙස්නය සියලුම නවීන පහසුකම්වලින් සමන්විත එකකි. ඉපැරැණි ජනාධිපති මන්දිරය පිහිටා තිබෙන භූමියේම පසෙකට වන්නට බොහෝ ඉඩකඩ ඇති භූමියක මෙම ගොඩනැඟිල්ල තනා ඇත. මෙහි විශේෂත්වය වන්නේ, හිස් භූමි අවකාශයක සිට භූගත නිවෙස්නය වෙත යෑම සඳහා වන ආකාරයෙන් එම ඉදිකිරීම නිම නොකර තිබීමය. එනම් මෙය ඉදිකර ඇත්තේ සුවිශාල සුපිරි නිවෙසක ස්වරූපයෙන්ය. එහිදී එය පිටතින් බැලූ බැල්මට පෙනෙන්නේ දෙමහල් සුපිරි නිවෙසක ස්වරූපයෙන්ය. එනම් පොළෝ මට්ටමෙන් උඩට සුවිශාල තට්ටු දෙකේ ගොඩනැගිල්ලකින් සමන්විතය. එය සැබෑ ලෙසම අංගසම්පූර්ණ සුපිරි මට්ටමේ නිවෙසකි. මේ හෙයින් එය දකින අයකුට කිසිදු ආකාරයක සැකයක් ඇතිවන්නේ ද නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ඉදිකෙරුණු මෙම අබිරහස් භූගත මාලිගයේ තොරතුරු ඉතා විස්මයජනකය. එනම් මෙම මාලිගය තට්ටු 04කින් සමන්විත වන අතර, එහි පොළොවෙන් උඩ පරාසයට තට්ටු 02ක්ද, පොළොවෙන් යට පරාසයට තට්ටු 02ක්ද තිබෙන ලෙස ගොඩනඟා ඇත. ඕනෑම අයෙකුට දෙනෙතට පෙනෙන්නේ පොළොවෙන් උඩ තට්ටු දෙක පමණි. පොළොවෙන් යට අබිරහස් ලෝකය දකින්නට වෙනස් වූ ක්‍රමවේදයක් ඇති අතර, එය මුළුමනින්ම රහසිගත වූ ක්‍රියාවලියකි. එනම් මුලින් පිහිටා තිබෙන තට්ටු දෙකේ නිවෙසට ඇතුළු වූ පසුව එය තුළ ඇති ඉතාමත් විශේෂ, රහසිගත දොරකඩක් හරහා පොළොව යට ඇති තට්ටු දෙක වෙත පිවිසිය යුතුය. තොරතුරුවලට අනුව එම භූගත පිවිසීම කිසිවෙකුට සොයා ගැනීමට පහසු නොවන ආකාරයෙන් නිර්මාණය කර ඇත. කෙසේ හෝ එම රහසිගත දොරකඩින් භූගත මාලිගයට පිවිසි පසුව එක් තට්ටුවකුත්, එතැනින් ඔබ්බට තවත් රහසිගත දොරටුවකින් දෙවැනි භූගත තට්ටුවටත් පිවිසිය හැකිය. මෙම සුපිරි ගොඩනැඟිල්ලේ තට්ටු 04 නිර්මාණය වී ඇත්තේ එලෙසිනි.

පසුගිය කාලයේ හෙළිවූ තොරතුරුවලට අනුව මෙම අබිරහස් ජනාධිපති මාලිගයේ එක් තට්ටුවක් වර්ග අඩි 3,000කින් සමන්විත බැව් පැවසෙයි. එනම් සම්පූර්ණ තට්ටු 04ම ගත්කල එම සම්පූර්ණ මුළු ගොඩනැඟිල්ලම වර්ග අඩි 12,000කින් සමන්විත වෙයි. සත්‍ය ලෙසම මෙය අති සුවිශාල ඉඩකඩ ප්‍රමාණයක් වෙයි. මෙහි පොළොවට උඩින් ඇති තට්ටු දෙක මෙන්ම භූගත තට්ටු දෙකද සම්පූර්ණ සුපිරි පහසුකම්වලින් සමන්විතය. මෙහි පළමු සුපිරි පහසුකම වන්නේ, තට්ටු හතරම පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන නවීන වායුසමීකරණ පද්ධතියකින් සමන්විත වීමය. එසේම තට්ටු හතර වෙතම ගමන් කළ හැකි වටිනා දැවයෙන් නිම කළ තරප්පු පේළි මෙන්ම, තට්ටු හතර වෙතම දිවෙන නවීන විදුලි සෝපාන දෙකක්ද ක්‍රියාත්මක වෙයි. මේ අතර තට්ටු හතර සඳහාම අතිශය නවීන ආලෝකකරණ පද්ධතියක් සවිකර ඇත. එයට අමතරව විශේෂයෙන් ඉතාලියෙන් ආනයනය කරන ලද අතිශය මිල අධික විදුලි ලාම්පුවලින් තට්ටු හතරම සරසා ඇත. එහිදී ‘දැන්ඩලියර්’ වර්ගයේ විශාල එල්ලෙන විදුලි පහන්ද බොහෝ තැන්වල සවිකර ඇත. මේවා අතිශයින්ම මිල අධික උපකරණ වෙයි.

අනෙක් සුවිශේෂී වගතුග වන්නේ මෙම ජනාධිපති රහස් මාලිගාවේ තට්ටු හතරම අතිශය මිල අධික විදෙස් රටවලින් ආනයනය කරන ලද සුපිරි ගෘහ භාණ්ඩවලින් පරිපූර්ණ කර තිබීමය. පුටු සෙට්, නවීන සෝෆා, නවීන විශාල මේස වර්ග, රෙදි අල්මාරි, වීදුරු මේස, කණ්ණාඩි මේස, බුමුතුරුණු සහ තවත් නොයෙකුත් මිල අධික ගෘහ භාණ්ඩවලින් මෙම තට්ටු හතරම පරිපූර්ණ කර ඇත. එසේම අතිශය නවීන රූපවාහිනී යන්ත්‍රද දුරකතන, හදිසි විදුලි සීනු වැනි උපකරණ මෙන්ම, අලංකරණය සඳහා වටිනා චිත්‍ර නිර්මාණ, ඡායාරුප, සේසත් සහ සාටක ආදියෙන්ද හැඩගන්වා ඇත. තවද මෙහි තට්ටු හතරේම ආලෝකකරණ පද්ධතිය නිර්මාණය වී ඇත්තේ ‘ආලෝකය හා අඳුර’ පෙන්වන ආකාරයේ නිර්මාණශීලී තාක්‍ෂණ රටාවකින්ය. මෙම පහසුකම්වලට අමතරව තට්ටු හතර තුළම ඉතාමත් සුඛෝපභෝගී ආකාරයේ නාන සහ සනීපාරක්‍ෂක කාමර ගොඩනඟා ඇත. මේවායෙහි සවිකර ඇති සියලු උපකරණ ආනයනය කර ඇත්තේ ඉතාලියෙනි. මෙම සියලු නිර්මාණයන් කිසිදු අසත්‍යයක් නොවන අතර, ඒවා පසුගිය ඡායාරූප මගින් පැහැදිලිව දක්නටද හැකි විය.

මෙය මෙම රහස් මාලිගාවේ අභ්‍යන්තරික ස්වරූපය වන අතර, මෙය ඉදිකර ඇති ආකාරයද පුදුමය දනවන කරන වගතුගකි. එනම් මෙම මාලිගයේ බිත්ති ගොඩනඟා ඇත්තේ, යකඩ කම්බිකූරු අන්තර්ගත කළ අඩි 04ක පමණ ඝනකම ඇති කොන්ක්‍රීට්වලින් බැව් කරුණු ප්‍රකාශ වෙයි. එසේම මෙහි භූගත තට්ටු දෙකට යෑමට පෙර පළමු තට්ටු දෙක යටින් තිබෙන කොන්ක්‍රීට් තට්ටුවද අඩි 4ක් පමණ ඝනකමින් ගොඩනඟා ඇත. භූගත මහල් දෙක ඇත්තේ එයට යටින්ය. යම් ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්‍ෂා වීම සඳහා එසේ සකස් කරන්නට ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. එසේම අනෙක් සුවිශේෂ වගතුගක් ලෙස හෙළි වන්නේ, මෙම රහස් මාලිගය සහ යාබද කොළඹ වරාය සම්බන්ධ වන ආකාරයෙන් පොළොව යටින් රහස් උමගයක් නිර්මාණය කර තිබීමය. එහෙත් එම උමගය සම්පූර්ණ කර නැති අතර ඉතා කෙටි මගක් දක්වා පමණක් සාදා ඇත. රාජපක්‍ෂ පාලන සමයේදී මෙම විස්මිත නිර්මාණය ඉදිකිරීම සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සාමාජිකයන් සහභාගි වී ඇතැයි පැවසෙයි. වෙනත් කිසිදු පිටස්තර පිරිස් මේ ඉදිකිරීම සඳහා සහභාගි කරවාගෙන නැත.

මෙම ජනාධිපති රහස් මාලිගාව සෑදීමේ වගතුග ගැන හෙළිවන අතිශය විශ්මිත පුවත හෙළිවන්නේ මෙතැනදීය. එනම් මෙය ගොඩනැඟීම සඳහා මුළු මුදල රුපියල් බිලියන 03ක් (කෝටි 3,000ක්) වැයවී ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. මෙය අතිශය විශාල ධනස්කන්ධයක් වන අතර, යමෙකුගේ ගත, සිත නිර්වින්දනය කරන අදහගත නොහැකි තරමේ පුවතක්ද වෙයි. එහෙත් එය සත්‍යයකි. කෙසේ හෝ එම සමයේ එලෙස දැරූ වියදම් ගැන මේතාක් දක්වා ආරක්‍ෂක සහ රාජ්‍ය අංශවල ලේඛනවල නිසි සඳහනක් නැතැයිද පැවසෙයි. මෙම රහස් මාලිගාව සඳහා පමණක් මාසයක විදුලි බිල රුපියල් මිලියන 03ක් (ලක්‍ෂ 30ක්) වැය වන බැව්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසූ කතාව සත්‍යයක් යැයි සිතිය හැකිය. මෙම ගොඩනැඟිල්ල ඒ තරම්ම විස්මිත නිර්මාණයකි. තත්ත්වය එසේ වුවද මෙය ගොඩනැඟීමට උපදෙස් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම මාලිගයට පැමිණ ඇත්තේ දෙවතාවක් පමණ බැව්ද පැවසෙයි. ඔහු එහි වාසය කිරීම සිදුනොකර ඇති අතර, ඔහු බොහෝ විට පදිංචි වී සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. එය සත්‍ය වගතුගකි.

කෙසේ හෝ දැන් විවිධ පාර්ශ්ව හරහා හෙළිවන කරුණුවලට අනුව ප්‍රකාශ වන්නේ, මෙම රුපියල් බිලියන 03ක අබිරහස්, රහසිගත, භූගත සුපිරි මාලිගාවේ වාසය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් බැව්ය. ඒ බැව් හොඳින්ම සනාථ වන්නේ, එම පැරැණි ජනාධිපති මන්දිරයද පිහිටා ඇති එම ප්‍රදේශය මේ වන විට අතිශය දැඩි ලෙස හමුදා ආරක්‍ෂාව යටතේ තිබෙන හෙයිනි. එසේම එම මන්දිරය අවට ඇති මාර්ග සියල්ලමද බොහෝ විට මාර්ග බාධක දමා වසා ඇති ආකාරයද පෙනෙන්නට තිබෙයි. කෙසේ හෝ අප රටේ වත්මන් ප්‍රධාන රාජ්‍ය නායකයන්ට අත්වූ මෙම ඉරණම විටෙක සිතා ගැනීමට පවා අපහසුය. ඔවුන් කවදා මෙම බන්ධනයන්ගෙන් නිදහස් වන්නේද..? ‘අනේ කාලේ වනේ වාසේ’ යැයි කියන්නේ මෙවැනි කතාවලටය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉන්දිරා ගාන්ධි සිරිමාවෝට පවරා දුන්න.. ඉන්දියාවේ නීතිපතිවරයාත් ගන්න බෑ කියන.. තමිල්නාඩුවේ මහ ඇමැති ආයෙත් ගන්න කියන.. අගමැති මෝදි සද්ද නැතිව ඉන්න.. මොකක්ද මේ කච්චතිව්!

Next Post

සති දෙකකින් හාල් ඉවරයි! මෝල් හිමියෝ කියනවා! අමරවීර අමරවීර, ඔයා කොහෙද අමරවීර…!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.