වසර දොළහකට පමණ පෙර සොරකම් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් රැස්වෙහෙර විහාරස්ථානයේ තිබි සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. (Sri Lanka Latest News)
රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුතු මෙම පිළිමය කිලෝග්‍රෑම් 45 ක් බරින් යුක්ත බවද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
පිටකෝට්ටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ ආචාර්ය පූජ්‍ය හුනපලගම වජිර ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත
මෙම විමර්ශන සිදුකළ බව පොලිසිය පවසයි.
මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනවා.
madyawediya










