ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කළ දැඩි ප්‍රකාශයට අද දින ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් විසින් පිළිතුරු ලබා දීමට පියවර ගනු ලැබ තිබිණ.Sri Lanka Latest News
එහිදී නීතීඥ සුනිල් වටගල මහතා පෙන්වා දුන්නේ රනිල්ට ජනවරමක් නොමැති බැවින් ජනතාවට බියවී සිටින බවකි.
මෙම ප්‍රකාශය හරහා ජනාධිපතිවරයා අධිකරණයට අත තැබීමට උත්සාහ කර ඇති බව කී වටගල මහතා කව්රු බිය වුවද ජනාධිපතිවරයාගේ කතාවට ජාතික ජන බලවේගය බිය නොවන බව කියා සිටියේය.










