බෙන්තොට ජෙට්වින් සමන්විලා හෝටලයේ ලැගුම්ගෙන සිටි ඉන්දියානු සංචාරක යුවලකගේ කාමරයට ඇතුළු වී රුපියල් තුන් ලක්ෂ තිස් දහසක් (3,30,000) ඇමරිකානු ඩොලර් දහසක්, (රුපියල් 3, 18,000) හත් ලක්ෂ පනස් දහසක් වටිනා මාල දෙකක් (7, 50,000,) රුපියල් 49,500ක් වටිනා උපැස් යුවලක් සහ රුපියල් 66,000ක් වටිනා විදේශීය මත් පැන් බෝතලයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වයි. (Sri Lanka Latest News)
මෙම විදේශික සංචාරක යුවල ජෙට්වින් සමන්විලා හෝටලයට පැමිණ ඇත්තේ පසුගිය 02 දා රාත්‍රියේය.
ඔවුන් තුන් වෙනිදා රාත්‍රියේ හෝටලයේ අවන්හලේ මධු සාදයක් පවත්වා ඇත. සාදයෙන් අනතුරුව මේ දෙපල කාමරයට පැමිණ නිදාගෙන ඇත. එහෙත් කාමරයේ දොර අගුලු දැමීමට ඔවුන්ට අමතක වී තිබේ.
පසු දා උදෑසන අවදිවී බලනවිට තමන් සතුව තිබූ සියලු වත්කම් සොරකම් කරගෙන ගොස් ඇති බව විදේශීය යුවල දැනගෙන ඇත.
ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරවය.
lankasara










